27

642 132 20
                                    

මේ වන විට ප්‍රසංගය ආරම්භ වෙලා පැයකටත් ආසන්න කාලයක් ගෙවීගිහින් .
ඒ ගතවුනු මුලු කාලය පුරාම ප්‍රේක්ශකාගාරයේ එක් කොනක අසුන් ගෙන වේදිකාවේ එහා මෙහා යන ටේහ්‍යුන්ග් දෙස බලා උන් ජන්කුක්ගේ හිත නම් සම්පූර්ණයෙන්ම බිදිලා ගිහින් තිබුනා....

වෙනදට ඔහු ඔය වේදිකාවෙ මොනතරම් සතුටුවෙනවද කෑගහලා දගලනවද , ජන්කුක් එක්ක කොයිතරම් කෝලම් කරනවද. ඒත් අද..
ඒ මොකුත්ම නැතුව ගායනයට අදාල ඉදිරිපත්කිරීම කරලා පාඩුවේ ඉන්නවා.. ජිමින් විතරක් තනියෙන් ප්‍රසංගය හසුරවාගන්නට උත්සහ කරනවා..

ජන්කුක්ට නම් ඒ ගැන දැනුනෙ පුදුම තරම් දුකක්..
ඔහුට කෑගහලා අඬන්නට ඕන වුනා..දුවගෙන වේදිකාවට යන්න ඇත්නම් කියලා හිතුනා..
ඒත් මේ වෙලාවෙ එසේ කලහොත් ටේහ්‍යුන්ගෙ අවදානය සම්පූර්ණයෙන්ම බිදිලා මෙතනින් එහාට ප්‍රසංගය පවත්වාගතනොහැකි තවත්වයක් උදාවන බවත් ජන්කුක් දන්නවා..
ඒනිසයි ඔහු තවදුරටත් අවසානය තෙක් ඉවසා ඉන්නට හිතුවෙ..

පලමුවෙන්ම ටේහ්‍යුන්ග්ට ආදරේ කරේ ජන්කුක් බව ඇත්තක්..
නමුත් දැන් ටේහ්‍යුන්ග් ඊට වඩා සිය දහස් ගුනයකින් ඔහුට ආදරේ කරන බව ජන්කුක්ට දැනෙනවා...

මේ පැවැත්වෙන ප්‍රසංගය වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබුනා. 3kings හි ගායකයන් තිදෙනාම ගයන කණ්ඩායම් ගීත එකක්වත් ඔවුන් තෝරාගෙන තිබුනෙ මෙවර ප්‍රසංගය සදහා යොදා තිබුනේ නෑ
ඒ වෙනුවට ජිමින් සහ ටේහ්‍යුන්ග් පමනක් එක්ව ගයන ගීතත් ඔවුන්ගේ තනි ගීතත් පමනක් ඔවුන් ගායනා කරා..

මේ සිදුවන සියල්ල සම්පූර්ණ ප්‍රේක්ශකාගාරයම දැන සිටියා ,
අද ප්‍රසංගයට ජන්කුක් සහභාගී නොවන බව මෙන්ම පෙර දින වල ටේහ්‍යුන්ග්ට සහ ජන්කුක්ට ඇතිවුණු කරදර ගැන ඔවුන් හොදින් දැන සිටියා..

නමුත් ඔවුන් සමග තමන් දිගින් දිගටම අත්වැල් අල්ලන් රැදී ඉන්න බව පෙනවමින් ඔවුන්ව දිරිමත් කිරීමට ඔවුන්ගේ රසිකයන් විශාල වශයෙන් අද මේ ප්‍රසංගය සහභාගි වුනත් ,
වේදිකාවෙ සිටි ටේහ්‍යුන්ගේ වෙනස , ඔහුගේ දුක්ඛිත පෙනුම දකින රසිකයින් පවා කම්පනයෙන් සිටියෙ. ඔවුන්ටත් දැනුනෙ වේදනාවක්...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now