4

848 170 36
                                    


ජින් සහ ටේහ්‍යුන්ග් පැමිනි රාත්‍රිය හැමෝටම ප්‍රීතිමත් රැයක් වුනා. වැඩිපුරම සතුටු වුනේ ජන්කුක් වුනත් තවත් එක්කෙනෙක් මේ අලුත් අමුත්තො දෙන්නගෙ ආගමනයෙන් සතුටු වුනා..

විශේශයෙන් ජින් ගේ පැමිණීම නිවසට වෙනස්ම හැගීමක් එකතුකරා. මෙතෙක් නිවස පුරා තිබුනු යම් හිස් බවක් නැතිවෙලා ගිහින් නිවසම පිරී ඉතිරී යන බවක් නම්ජුන්ට දැනුනා..

මේ අතරෙ ජන්කුක් පෙරදා රෑ ඉදන්ම තමන් අයිතිකරගෙන හිටපු විශාල කාමරේ ටේහ්‍යුන්ග් එක්ක බෙදාගන්න ලෑස්තිකරලා තිබුනා.ඔහු එය ඉතා ඕනෑකමින් කරේ ටේහ්‍යුන්ග් ඔහු අසල රදවාගැනීම ඔහුගේ හිතට දැඩි සතුටක් ගෙන දුන්නු නිසා.

හැමෝම කෑම කාලා අවසානෙ ඔවුන් අයිස්ක්‍රීම් කමින් එකිනෙකා ගැන කතාකරමින් හිටියා.

ඉතින් ජින් හ්‍යුන්ග්, අපිට ඔයාලා ගැන කියන්නකො..

ඒ හෝසොක්..

ම්ම්... අපි ගැන ඉතින් එහෙම විශේශ දෙයක් නෑ.. සෝල් වල ඉදන් එහෙ තිබුනු පොඩි ප්‍රශ්න වගයක් නිසා සිඩ්නි වල පදිංචියට ආවා. ඒත් කලබලේ නිසා අපිට බෝඩිං හවුස් හොයන්න බැරිවුනා . හොටෙල් රූම් වල හිටියත් මෙහෙ ටිකක් සෙට්ල් වෙනකල් දිගටම එහෙම කරන්න අමාරුයි . ඉතින් වාසනාවකට මේ ටේහ්‍යුන්ගෙ යාලුවෝ ටික අපිට උදව්වක් කලා..

ඇත්තටම ඔයාලා උදව් නොකරන්න මේ නොදන්න රටක අපි දෙන්නට සෑහෙන්න කරදර වෙන්න තිබුනා , කෙටියෙන්ම කියනවා නම් අපි ගැන ඔච්චරයි කියන්න තියෙන්නෙ..

ඒකට නම් ඉතින් මේ කුකී කොල්ලට තෑන්ක්ස් කරන්න ඕනෙ. කුකී තමා මං ළඟ කුරු කුරු ගෑවෙ එයාගෙ යාලුවාට ඉන්න තැනක් හොයන්න කියලා ..

ආ.. ආ... මේ බලන්න..
දැන් මමයි ටේහ්‍යුන්ග්ව මුලින්ම එයාට අදුන්නලා දුන්නෙ.. ඒ උනාට හොදම යාලුවා වෙලා තියෙන්නෙ මේ කුක්කා...

ජිමින් කියන්නෙ එහාට මෙහාට පැන පැන හැමෝගෙම අයිස් ටබ් වලින් හැන්ද හැන්ද කන ගමන්.
කෑම කන වෙලාවට වත් එක තැනක ඉන්න බැරි පුදුම විසයක් මේ ජිමිනට තිබුනෙ.

එදා රාත්‍රිය තරුණ හදවත් හතක් සතුටින් පුරවලා ගෙවීයමින් තිබුනා. එකම ජාතියකට අයිති එකම මව් රටක ළමුන් හත්දෙනෙක් ගව්ගානක් දුර රටකදි ආයෙමත් හමුවෙලා දෛවය කුමක් නම් සෙල්ලමක් කරන්න හදනවද කියලා ඔවුන් කිසි කෙනෙක්ට තේරුමක් තිබුනෙ නෑ.

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now