25

553 128 18
                                    

හ්‍යුන්ග්...
ඔයාට වෙලාවක් තියෙනවා නම් යූශින් එන දවසට පස්සෙ දවසෙම තියෙන ෆ්ලයිට් එකට ටිකට් දාන්න මට.
තවත් කල් යවන්න බෑ හ්‍යුන්ග්...

අබොජි මොකද කියන්නෙ කුකී...

එයා බලන් ඉන්නෙ යුමීගෙයි මගෙයි වෙඩින් එක කරන්න... මං ආයෙම කැම්පස් එකට යන්න කලින් අපිව එන්ගේජ් කරවලා යුමී වත් මාත් එක්ක සිඩ්නි යවන්නයි එයා ප්ලෑන් කරන්නෙ..

තවත් දවස් අටකින් යූශින් එන්නෙ කුකී..

අටක්... ? ඔහ්.. හ්‍යුන්ග්..එතකොට අර කල්දාපු කොන්සර්ට් එක..

ඒක ඒක හරියටම දවස් දහයකින්...

ඔහ් හ්‍යුන්ග්..
මං ඒකට කොහොමහරි ඉන්න ඕන හ්‍යුන්ග්.
මං නින්දක් නැතුව මේ ටිකේ මහන්සි වුනේ ඒක ටාගට් කරලා...
ආයෙත් වතාවක් කල් දාන්නවත් කැන්සල් කරන්නවත් බෑ...
ක්‍රිස්ටල් එකෙන් ඕවර්සීස් ඕගනයිස් කරන පලවෙනි ශෝ එක මේක..
ඒක කැන්සල් උනොත් ඒක ටේහ්‍යුන්ග්ටත් හොදනෑ

මං මොනවාහරි කරන්න බලන්නම් කුකී.. මොනවා උනත් ඒ කොන්සර්ට් එකට ඔයාව මං අරන් යනවා...

හ්‍යුන්ග්... ? ඔයත් එනවද

ඔව් කුකී.. මාත් එනවා යන්න ඔයා එක්ක... මට පොඩ්ඩව බලන්න ඕනෙ..
තව කරන්න වැඩ ටිකකුත් තියෙනවා...

යූශින් ආවම එයා යුමීව අරන් යාවි.. එතකොට මට කිසිම කරදරයක් නෑ හ්‍යුන්හ් .. මං මෙහෙන් ගියාම ආයෙත් එන්නෙ නෑ..

ඒත් ජන්කුක්... ඔයාගෙ ගෙදර අය

කරන්න දෙයක් නෑ හ්‍යුන්ග්...
ඔම්මා මාව තේරුම් ගනී.. ඒ ඇති.. හෝයුන් ඉන්නවනෙ එයාලට..
මේකෙන් පාඩමක් ඉගෙනගත්තොත්
අඩු තරමෙ හෝයුන්ට හරි අබොජි නිදහසක් දේවි...
මට මගෙ ජීවිතේ උනත් අතාරින්න පුලුවන් හ්‍යුන්ග් ,
ඒත් ටේහ්‍යුන්ග්ව නම් අතාරින්න බෑ...
මං මැරිලා යන එක ඊට වඩා මට සහනයක්....

*********************

පසුදින සවස නම්ජුන්ගෙ මව ඔහුගේ නිවසට පැමිනියේ කිසිවෙකුත් නොසිතූ ලෙස.. ඇය නොඉවසිල්ලකින් හිටියෙ නම්ජුන් එක්ක මේ දේවල් කතාකරනතුරු. ඒත් කොතනින් පටන්ගන්නද කියලා ඇයට හිතාගන්න බෑ...ඇය පැමිනෙන බවට සියල්ල දැන සිටි ජිමින් ඇය එන මොහොත මගහැර ලියා හමුවට පිටත්වුනා..මොකද ඔහු දන්නවා තමාට රහස් රැකගැනීමට නොහැකි බව...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now