22

576 118 13
                                    


උදා වෙලා තිබුනෙ සීතල දෙසැම්බරයේ 30 වෙනිදා ...
ඉතාම සීතල මදක් අදුරු දිනයක්.
උදේම අවදිවුනු ජන්කුක් තවමත් සුව නින්දක හිටිය ටේහ්‍යුන්ගේ අත් අතරින් මිදිලා නැගිටලා ගියේ බැල්කනියට..
ඔහු කල්පනා කලේ අද දවස කොහොම ගතවේවිද කියලා.. මේ මුලු දවසම ඔහුටත් ජිමින්ටත් කාර්‍යබහුල දවසක් වෙන බව නම් නිසැකයි.

උදේ අටටත් ආසන්න වුවත් තවමත් ටේහ්‍යුන්ග් නින්දේ.. ඔහු අවදිවෙන්නට පෙර ඉක්මනින් සූදානම් වෙලා ජන්කුක් හෝටල් ලොබි එකට එනකොට ජිමිනුත් සූදානමින් පැමින හිටියා...

ජිමිනා.. යමුද අපි.. අද වැඩ ගොඩක් තියෙනවානේ..

එහෙම අසමින් ඔවුන් වෙත පැමිනියේ නම්ජුන්. ඔහු අන් කවදාටත් වඩා කඩවසම් ලෙස ඇද පැළඳගෙන සිටියා.

ම්ම්.. යන්.. හ්‍යුන්ග්

ඔවුන් දෙදෙනා සමග නම්ජුන්ද පිටත්වුනා... ටේහ්‍යුන්ග් සමග හෝටලයේ නැවතී හිටිය යුන්ගිටත් හෝසොක්ටත් පැවරුණු රාජකාරිය වුනේ ටේහ්‍යුන්ග් සමගින් නියමිත වෙලාවට අදාල ස්ථානයට පැමිණීම.

හ්‍යුන්ග්.. ටේහ්‍යුන්ගී මාව හොයයිද දන්නෑ..මං කියලා අවෙත් නෑනෙ

එකදවසකට ඔහොම හිටපුදෙන් කුකී. එයා මොකෝ පොඩි බබෙක් නෙවේනෙ..
එයාට ෆීඩ් කරන්න ඔයා ඉන්න ඕනද ආ..

හිකිස්...

නම්ජුන් කියපු කතාවට හිනාවක් පැන්නෙ ජිමින්ට. කොයි දේ කිව්වත්
ඒක අනිත්පැත්ත හිතන ලෙඩක් ජිමින්ට තිබුනා..

ජිමිනා.. ඕන්නැති ඒවා හිතන්න එපා.. කාර් එකෙන් එලියට විසික් කරනවා හරිද.

තමන් ඉන්නෙ කුලී රියක කියන එකවත් ගානක් නැතුව ජන්කුක් කැගැහුවා.

එයාලට කරන්න හොදයි.. අපිට හිතන්න නරකයි...මේවා මාර ලොජික්.. නැද්ද හ්‍යුන්ග්..

ජිමින් ආයෙම අහන්නෙ නම්ජුන්ගෙන්. තැනක් නොතැනක් නැතුව එල්ලෙන මේ දෙන්නා ගැන නම්ජුන්ට හිනා..

හරි හරි උදේ ඉදන් රන්ඩුවෙන්නෙ නැතුව දැන් කරන්න තියෙන දේවල් ගැන බලන්නකෝ...මුලින්ම ගන්න තියෙන බඩු ටික අරගමු....

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now