9

798 168 40
                                    

හැමෝම රෑ කෑමට සූදානම්ව සිටියත් ඊට වඩා හැමෝගෙම අවදානය යොමුවෙලා තිබුනෙ ප්‍රසංගය සාර්ථක ලෙස නිමාවුන නිසා ඔවුනට එළැඹෙන සති අන්තයේ ලැබුනු නිවාඩුව කොහොමද ගත කරන්නේ කියන එක ගැන...
හැමෝගෙම අදහස වුනේ සිඩ්නි වරාය අසබඩ පිහිටි විනෝද උයනට පික්නික් එකක් යන්න... නිදහසේ ඇවිදලා , කාලය ගතකරලා එන්න.

හත් දෙනාගෙන් පස්දෙනෙක්ටම මේ නිවාඩුව ලැබුණත් වෙනත් පීඨයන් දෙකක අද්‍යාපනය ලබන ජින් හා නම්ජුන් කල්පනා කලේ මේ අවස්ථාවට ඔවුන්ට පැමිණෙන්නට හැකිවේවිද කියලා..
මොකද ඔවුන්ට පලමු වසර සිසුන්ට වඩා බොහෝමයක් වැඩ කටයුතු යෙදිලා තිබුනා ,

අනේ... නම්ජුන් හ්‍යොන්ග් එක දවසක් ලෙක්චර්ස් කට් වුනාට කමක්නෑ අපි එක්ක යමුකො..

ඒක කරන්නෙ කොහොමද ජිමින්..මට මිස් වෙන්නෙ finance management ලෙක්චර් දෙකක් නේ... exam ලංවෙනකොට මේවා අතෑරලා දාන්න පුලුවන්කමක් නෑ ජිමින්... මං කොච්චර මහන්සි වෙනවද කියලා ඔයා දන්නවනේ

ක තමා ටිකක් නිදහසේ ඉන්න කියන්නෙ අනේ.. හරි ඔයා ඉන්නකො මං ඔයාගෙ මමාට කෝල් කරන්න... ආන්ටි කිව්වොත් ඔයාට යන්න එන්නම වෙනවා..දන්නවනෙ ආන්ටිගෙ හැටි

ඒ වතාවෙ නම් තමන් බෙල්ලටම හිරවුනු බව දන්න නම්ජුන් දෙපාරක් නොහිතා ගමනට එකග වුනා.
මොකද ජිමින් තම මවට කෝල් කරොත් ඇය අනිවාර්යයෙන් නම්ජුන්ට කියන්නෙ.
" නම්ජුනා ඔයා ඕනවට වඩා මහන්සි වෙනවා වැඩී... කරුණාකරලා පොඩි ළමයි එක්ක මේ ගමන යන්න, අනික ඔයාටයි මං හැමෝගෙම වගකීම දීලා තියෙන්නෙ... ඔය වගකීමක් ඉශ්ට කරන හැටිද ආ නම්ජුනා"..... කියලා ..

ඇයගෙන් වෙනත් ඕනම අවස්ථාවක තමන් යමක් මගහරින්න උත්සාහ කරනකොට ඔය හා සමාන වදන් පෙලක් නොවැරදීම නම්ජුන්ට අහගන්න වෙනවා ..
ඇය යමක් කිව්වට පස්සෙ ආයෙමත් එය ප්‍රතික්ෂේප කිරීමට නම්ජුන්ට කිසිම හැකියාවක් නෑ... ඉතින් ඔය ටික අහගන්න කෝල් කරන්න ඕනෙ නෑනෙ.....

ok ok... මං එන්නම් ඉතින්..

නම්ජුන් කිව්වෙ තමන්ගෙ කපටිකම වැඩකළ නිසා උද්දාමයෙන් ඉන්න ජිමින්ට රවමින්

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now