12 🚫

941 173 25
                                    


දින අටක් ගෙවීගිය තැන එක් උදයක අනෙක් හැමෝම රෝහල් කාමරයට පැමිණ සිටියත් ටේහ්‍යුන්ග්ට  ජන්කුක් කොතනකවත් දකින්න ලැබුනෙ නෑ...

ටේහ්‍යොනා ,, ඔන්න අද ඔයාට ගෙදර යන්න පුලුවන් , දැන් ගිහින් රෙස්ට් කරන්නයි තියෙන්නෙ..

නම්ජුන් ඔයා මේ ටික කාර් එකෙන් දාන්න , මං හෝසොක් එක්ක ඩොක්ටර් මීට් වෙලා එන්නම්

එහෙම කියලා ජින් හෝසොක් එක්ක පිටවුණා.. රෝහල් කාමරය තුල යුන්ගි සහ ජිමින් පමනක් රැදී සිටියත් ජිමින් දිගින් දිගටම ඇමතුමක් සම්බන්ධ කරගැනීමේ උත්සහායක නිරතව සිටියා ..

යුන්ගි හ්‍යුන්ග්...
ජන්කුක්.. කෝ..ජන්කුක් කොහෙද ...

ලැබුනු ඇසිල්ලෙන් ටේහ්‍යුන්ග් යුන්ගිගෙන් ඇහුවත් යුන්ගිට හිතුනෙම මේ කොල්ලව ටිකකට අව්ස්සන්න....
එහෙම කරන එකෙන් ටේහ්‍යුන්ගෙ හිත කියවගන්න යුන්ගි බලාපොරොත්තු වුනා. ඒ වගේම එයින් ටේහ්‍යුන්ග්ව ජන්කුක් වෙත තවත් නැඹුරු කලහැකි වේ යැයි යුන්ගි විශ්වාස කලා..

දැන් ඔයාට සෑහෙන දුරට හොද නිසා තවත් ජන්කුක් ඕන නෑනෙ ..
එයා උදෙන්ම ගියා ගෙදර...
මිස් වෙච්ච ලෙක්චර්ස් එහෙම කවර් කරගන්නත් එපැයි මේ කොල්ලා..

යුන්ගිගෙ ඒ වදන් හමුවේ නම් ටේහ්‍යුන්ගේ මුහුන වෙනස් වී ගිය අයුරු යුන්ගිට සිනහා ගෙනාවා..
ඔහු සිතූ දේ නිවැරදි බව ඒ මොහොතේම යුන්ගිට තහවුරු වුනා..
ඔහුට අවශ්‍ය වුණෙත් ඒකමයි.
කෙසේ හෝ ජන්කුක් ගැන ඔහුගෙ යටිහිතේ තියෙන හැගීම මතුකරලා ගන්නයි යුන්ගිට ඕන කලේ....

ඒත් මට කිව්වෙවත් නෑනේ..ඇයි එයා එහෙම කලේ..

අපි එනවා කිව්ව නිසා එයා ගියා ඉතින්. අනික කොහොමත් ඔයා අද ගෙදර යනවනේ ටේහ්‍යුන්ග් . ඊට පස්සෙ අපිට මාරුවෙන් මාරුවට ඔයාව බලාගන්න පුලුවන් නේ... හෙට ඉදන් ඔයා එක්ක ජිමිනා ඉන්නවා .....

මොකක්ද ....මොකක්ද හ්‍යුන්ග් , මට කතා කරාද....

ජිමින් ඇහුවෙ කලබලයෙන් දුරකතනයෙන් මිදෙමින්

මොන සිහියෙන්ද ජිමින් ඉන්නෙ...
මං කිව්වෙ හෙට ඉදන් ඔයා ටේහ්‍යුන්ග් එක්ක ගෙදර ඉන්නවා කියලා

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now