6

795 161 12
                                    


තවත් සති කිහිපයක් ඔහේ ගතවෙලා ගියපු තැන තුන්කොන් ආදරයකින් හදවත් දෙකක් ආදරෙන් වෙලිලා එක හදවතක් පමනක් තනි ආදරේක පැටලිලා විදවමින් තිබුනා.. කල් යන්න යන්න හිතේ තුවලය හොදවෙයි කියලා ජිමින් හිතුවත් ඔහුට දවසින් දවස දැනෙන හිත් වේදනාවල නම් අඩුවක් වුනේ නෑ

මේ අතරෙ සෞන්දර්ය පීඨයේ පලමු , දෙවන , තුන්වන හා සිව්වන වසර වල සිසුන් අතර පවත්වන නර්තන , ගායන , තරගාවලියට සහ Talents show එකට දින ලංවෙමින් තිබුනා.

මා.. මමා... මමියෝ... මට ලේට් වෙනවා අනේ මම යන්නද.. තව දවස් කීයද ප්‍රැක්ටිස් කරන්න තියෙන්නෙ අනේ

ඔහොම ඉන්න වීනු.. බ්‍රෙක්ෆස්‍ට් අරන් යන්නකෝ.... ඔයා ඔහොම නොකා නොබී කොහොමද ප්‍රැක්ටිස් කරන්නෙ ආ.. කොන්සර්ට් දවසට ලෙඩ වේවි ඔහොම ගිහින්

අයියෝ..... හරි හරි....මොනවද තියෙන්න මමා.. දැන් නම් කන්න බෑ, ගිහින් කන්න පුලුවන් දෙයක් පැක් කරලා දෙන්නකෝ..

ඔයා ආස නිසා චීස් සැන්ඩ්විච් හැදුවෙ...

වාව් මමා, ටිකක් වැඩිපුර පැක් කරන්න හොදේ..මගෙ පාර්ට්නර් ටත් එක්කම..

වට්.. පාර්ට්නර්.. ඒ කවුද බබී..

ඕහ් මමා.. ඩෝන්ට් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් ආ.. මං කිව්වෙ මගෙ ඩාන්සින් පාර්ට්නර් ගැන.. වෙන පාර්ට්නර් කෙනෙක් හිටියොත් කියන්නම් හොදේ දැනට නෑ.. පරිස්සමෙන් ඉන්න මමා.. මං එන්න හවස් වෙයි... ආච්චම්මාව බලාගන්න හොදේ.... බායි

ඕකේ බබී.. ටේක් කෙයාර්..

පුලුවන් තරම් ඉක්මනින් ගෙදරින් පැනගත්ත වීනු ටැක්සියක් අල්ලන් ඉක්මනින් ආවෙ කැම්පස් එකට.මොකද උදෙන්ම ජිමින්ව අල්ලගන්න විනූට ඕනෙ වුනා...උදේම ඔහුගෙ හිනාවෙලා ඉන්න ඒ බෝල මූන දකින එක වාසනාවක් කියලයි ඇය හිතුවෙ.

මේ ගතවෙලා ගියපු කාලය ඇතුලත සිද්ධ වුනු තවත් එක හොද දෙයක් වුනේ ශැනන් නිසා වේදනාවෙන් හිටපු ජිමින්ට පලවෙනි වතාවට සිඩ්නි වලිදි හොදම යාලුවෙක් මුනගැහුන එක..
විශේෂම දේ ඒ කෙනා ගැහැනු ළමයෙක් වීම.. වීනු ලියානා... හැමෝටම ඇය වීනු වෙනකොට ජිමින්ට විතරක් ඇය වෙනස් කෙනෙක් වුනා..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now