5

818 171 19
                                    


උදේ තිබුනු වෝකල් ප්‍රැක්ටිස් සෙශන් එකෙන් පස්සෙ ජිමින්, ටේහ්‍යුන්ග් , ජන්කුක් තුන්දෙනා වාඩිවෙලා හිටියෙ ඔවුන්ගෙ ප්‍රසිද්ධ එළිමහන් නර්තන පුහුණු ශාලාවෙ..

පහුගිය දවස් ටිකේ ඔවුන් තුන්දෙනා නිදහසක් ලැබෙන වෙලාවට සිඩ්නි නගරය බලන්න යන්න පුරුදුවෙලා හිටියා .
ඒ වගේම තුන්දෙනත් එක්කම පාර දිගේ අයිස්ක්‍රීම් කමින් අවිදින්නත් , තුන්දෙනාම එකට කරදර වල පැටලෙන්නත් මේ ටිකේ ඔවුන්ට පුලුවන් වුනා...මේ මොහොතෙත් ඔවුන් ශාලාවෙ වාඩිවෙලා හිටියෙ ඊයෙ දවසෙ ජිමින් ආයෙම වතාවක් තමන්ගෙ අයිස්ක්‍රීම් එකත් එක්කම බිම ඇදගෙන වැටුනු හැටි මතක් කරමින් හිනා සාගරයේ ගිලිලා..

ඔයා කොහොමද ජිමින් ඔහොම යන යන තැන වැටෙන්නෙ.. තව ටිකෙන් එතන හිටපු ලේඩිගෙන් ඔයා ගුටිත් කනවා වැටුනා මදිවට

ටේහ්‍යුන්ග් කිව්වෙ හිනාව ආයාසයෙන් පාලනය කරගනිමින්..
පාරෙ යමින් හිටපු කාන්තාවකගෙ ඇදුමෙ ඔහුගෙ බෑග් එක පැටලිලා ආපස්සට ඇඳිලා ගියපු ජිමින් අයිස්ක්‍රීම් එක ඇගපුරා හලාගෙන බිම ඇදන් වැටුනා.. ඒත් කාන්තාව ඒ ගැන වැරදියට හිතලා ඔහුට හොදටම කෑගහලයි යන්න ගියේ.. ඒ සිද්ධිය ටේහ්‍යුන්ග්ට ආයෙම මැවිලා පේන්න ගත්තා..

වාඩිවෙලා හිටපු තැනින් නැගිටපු ජන්කුක්, ජිමිනි වැටුනු හැටි රගපාලත් පෙන්නුවා..

කුකී.. .. හැමෝටම මොනවහරි බැරි වැඩක් තියෙනවා ... මට තියෙන අව්ල මේ වැටෙන එක...ඒකට ඔච්චර හිනාවෙන්න ඕනෙද...
මොන එහෙකට දෙයියො ඔයාව මෙච්චර පර්ෆෙක්ට් විදිහට මැව්වද මන්දා... අවුරුදු ගානක් එකට ඉදලත් ඔයාගෙ වැරැද්දක් හොයාගන්න මට තාම බැරිවුනා..

ජිමින් කියන්නෙ මූනට ඕනවටත් වඩා අහිංසක කමක් මවාගෙන..ඒත් ඔවුන්ගෙ හිනාවන් මොහොතකින් නැතිවෙලා අවදානය වෙනස් වුනේ ඔවින් අසලට ආපු ගැහැනුලමයෙක් නිසා.

එක්ස්කියුස්මී ... පාර්ක් ජිමින් කියන්නෙ ඔයාලගෙන් කවුද...

ඔවුන් අසලට පැමිනි තරමක් වෙනස් සුන්දරත්වයක් හිමි චාම් පෙනුමක් තියෙන එම තරුණිය ප්‍රශ්නාර්ථයක් ඇස් වල රදවන් තුන්දෙනා දිහා බැලුවා.

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now