8

804 163 20
                                    


ලියා..ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නෙ ලියා... මට සමාවෙන්න ..
එදා... එදා මට මාවත් කන්ට්‍රෝල් කරගන්න බැරිවුනා...
මට සමාවෙන්න ලියා... මට මගෙ යාලුවාව නැතිකරගන්න බෑ ලියා මගෙ මෝඩ වැඩ නිසා... ප්ලීස් මට සමාව දෙන්න..

ජිමින්.... මෙච්චර දවසක් මගෙ මූනවත් නොබලා මාව මගඇරලා හිටියෙ ඔයයි... අඩුම තරමෙ ඇවිත් කතාකරන්නෙ වත් නැතුව, මගෙ මූන වත් බලන්නෙ නැතුව ඔයා කොහොමද හිතුවෙ මං තරහද නැද්ද කියලා... ආ...

සොරි ලියා... මට... මට බය හිතුනා ලියා ඔයාගෙ ඉස්සරහට එන්න...ඒ වගේම මං මොනවගේ යාලුවෙක්ද කියලා මටම ලැජ්ජා හිතුනා ඔයාට මූනදෙන්න

ප්ලීස් ජිමින් එදා වුනු හැමදේම අමතක කරන්න.. එහෙම දෙයක් වුනේ නෑ කියලා හිතන්න..
මමත් ඒ ගැන හිතුවෙ වත් නෑ..මොකද මං දන්නවා ඔයා ඒ වෙලාවෙ කොච්චර ප්‍රෙශර් එකකද හිටියෙ කියලා ...
ජිමින්.. මං තරහා එදා ඒ වෙච්ච දේ නිසා නෙවේ, දවස් පහක් තිස්සෙ ඔයා මාව මගඇරලා හිටපු නිසයි මං තරහෙන් ඉන්නෙ.......

සොරි ලියා... මට හිතාගන්න බැරිවුනා මොනවා කරන්නද කියලා , ඔයාගෙ මූන බලන්න තාමත් මට ලැජ්ජයි...

දැන් මං පොඩ්ඩක් වත් තරහා නෑ ජිමින්.. කෝ බලන්නකො මං දිහා...අපි අද ඉදන් කලින් වගේම ප්‍රැක්ටිස් කරමු ජිමින්... තව දවස් කීයද අපට තියෙන්නෙ... අපිට මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන්න වෙයි... කෝ එන්න...දැන් යන් ඉතින්

එහෙම කියලා ලියා ජිමින්ව වැලදගත්තෙ ජිමින් ලියා ඉස්සරහ අපහසුවෙන් ඉන්න බව දැනුනු නිසා..ලියාට ඕනෙ වුනේ ඔහුට හැමදේම සාමාන්‍යයි කියලා පෙන්නලා ඔහුගෙ අපහසුතාව අඩුකරන්න...

දැන් යමු , නාස්ති කරන්න වෙලාවක් නෑ අපිට...

ම්ම්ම්... යන්...

ඇයගෙ වදන් නිසා ජිමින්ගෙ හිතේ තිබුන නොසන්සුන් බව ඉවත් වෙලා යනකොට,
ලියාගෙ හිතේ වේදනාව එන්න එන්න වැඩි වුනත් ලියා හැමදාමත් ජිමින් ඉස්සරහ හිනාවෙලා හිටියා.. ඇය දුකින් බව ඔහුට කවදාවත් දැනෙන්න දුන්නෑ..

ජිමින් ළඟ ගත කරන හැම තත්පරයක්ම ඔහුව සතුටින් තියන එක ඇගේ එකම ආසාව වුනා....ඒ වෙනුවෙන් ඇය බොහෝ දේ කරා... ඉතින් අවසානෙ මේ වතාවෙත් ඇයගෙ වදන් ඔහු විශ්වාස කරා, හැමදේම අමතක කලා , ආයෙමත් ඉස්සර තරම්ම හිතවත්ව ඇය එක්ක සැහැල්ලුවෙන් ඉන්න ලියාගෙ තිබුනු යහපත් ගතිගුණ ඔහුට සහය වුනා...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now