24

546 132 9
                                    


ජින් හ්‍යුන්ග්...
යූශින් මෙහෙට ගේන්න තව කල්‍ යයිද .. මට නම් දැන් මෙහෙම ඉදලා එපා වෙලා...

මට තේරෙන්නේ නෑ කුකී..
එයාව ගෙන්න ගන්න නම් තව ටික දවසක් යාවි. අඩු තරමේ සතියක් දෙකක් වත්. ඒත් අපි මේ කරන දේ හරිද කුකී...

හරි උනත් වැරදි වුනත් කරන්න දෙයක් නෑ හ්‍යුන්ග්.. ටේහ්‍යුන්ග් වෙනුවෙන් මීට වඩා දෙයක් උනත් මං කරනවා...

අබොජි ගැන මොකද.. එතකොට ඔම්මා..??

යුමී කියන්නෙ මගෙ කසින් .
අබොජි කිව්ව පලියට එහෙම මැරි කරන්න පුලුවන්ද හ්‍යුන්ග්.. හිතක වත් නැති කෙනෙක් එක්ක ජීවිත කාලෙම ඉන්නෙ කොහොමද ...
ඔම්මා ඒකෙ දුක හොදට දන්නවා හ්‍යුන්ග් , එයා මුලු ජීවිත කාලෙම ඔය හිරවෙලා ඉන්නෙ හිතක වත් නොහිටපු කෙනෙක් මැරි කරපු හින්දා...
ඒ නිසා එයාගෙන් මට කිසිම බාදාවක් නෑ..

ඔයා ටේහ්‍යුන්ග්ට කතා කළාද කුකී..

මං ගත්තා හ්‍යුන්ග්... ඒත් එයා මගේ කෝල්ස් වලට ආන්සර් කරන්නෑනෙ..

බයවෙන්න එපා..
හෝසොක් මට කතා කලා.
එයා හොදින් ඉන්නවලු. ඔයාට මෙහෙ දේවල් විසදගෙන ඉක්මනින් එන්න කිව්වා.. එතකල් එයාලා ටේහ්‍යුන්ග්ව බලාගනී

නෙක්ස්ට් වීක් එකේ කොන්සර්ට් එක කල්දාන්න කියන්න හ්‍යුන්ග්..
මේ ප්‍රශ්න විසදගෙන මිසක් ආයෙත් මං සිඩ්නි යන්නෑ. කොන්සර්ට් එකකට විතරක් මූන පෙන්නලා එන්න යන්න බෑ මට..ඒකෙන් ටේහ්‍යුන්ගිට තවත් රිදෙන එකයි වෙන්නෙ

හරි කුකී මං ඒක දැනටමත් කියලා තියෙන්නෙ .අපි බලමුකො.
යූශින් එනකල් ඔයාට ඔය රඟපෑම දිගටම කරන්න වෙනවා අබොජි ඉස්සරහ..
එක අතකට ටේහ්‍යුන්ග් මෙහෙන් ගිය එකත් හොදයි.. ඔයා ඔහොම යුමී එක්ක ඉන්නවා එයා දැක්ක නම් ඒක ලොකු අව්ලක් වෙනවා...

ඒ නිසාමයි මං මොකුත් කිව්වෙ නැත්තෙ හ්‍යුන්ග්.. එහෙම කිව්ව නම් යකා නටාවි මෙතන.. එදා මම අබොජිව හම්බෙන්න ගිහින් එන්න පරක්කු වුනු ටිකට නොකා නොබී හිටපු හැටි දැක්කනෙ....

දැන් ඔයාගෙ සින්දුවේ වැඩේ කොහොමද..

ගොඩක් දුරට ඉවරයි හ්‍යුන්ග්..පොඩි එඩිට් එකක් තියෙන්නෙ තව

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now