23

578 132 12
                                    


ගෙවිලා ගියපු හැම රැයකම ජන්කුක් ටේහ්‍යුන්ග් තුරුලේ සැනසුනත් මේ ගතවෙන රෑ හැමදේම වෙනස් වෙලා තිබුනා...
වෙනදා ඉන්න ආක්‍රමණශීලී ටේහ්‍යුන්ග්ට වඩා නිවුණු අහිංසක ටේහ්‍යුන්ග් කෙනෙක් අද ජන්කුක්ගේ පපු මත්තෙ හිස තියන් ඔහුට තුරුලු වෙලා හිටියා .ජන්කුක්ගෙ දෑත් ටේහ්‍යුන්ගේ බද වටා එතී තිබුනා..

තම උපන්දිනය අද කියලා උදේ සිට වත් ඔහුට මතකයක් තිබුනෙ නෑ .
ඔහු අවදිවූ මොහොතේ ඉදන් මේ මොහොත වන තුරුත් අද ඔහුට අහන්නට දකින්නට ලැබුනෙ කිසිවෙක් තම ජීවිතේ සිදුවෙයි කියලා විශ්වාස නොකරන විදිහෙ දේවල්..

කැලඹුනු හිතින් කල්පනාකරමින් උන් ටේහ්‍යුන්ග්ට තමන් ජන්කුක්ගෙ තුරුලෙ සිටි ඒ ඉරියව්ව සුවපහසුවක් ගෙන ආවා..

කූ.... ඒක මේ වගේ හැගීමක් ද ?

කොයි.. ?? මොකක්ද ම්ම්.

මං කිව්වෙ ඔයා හැමදාම මං ගාව මෙහෙම ඉන්නකොට ඔයාට දැනෙන්නෙත් දැන් මට දැනෙන විදිහටමද..

මට දැනෙන්නෙ ටේහ්‍යුන්ගී මගෙ මුලු ජීවිතකාලෙම ඔයාලග ඔහොම ගතකරන්න ඕනෙ කියලා .
ඔයාගෙ හාට් බීට් එක මට දැනෙනකොට මං ඇත්තටම ජීවත්වෙනවා කියලා හිතෙනවා... එතනින් එහාට මට වෙන මොනවත් දැනෙන්නෙ නෑ..ඔයත් එක්ක මේ ගෙවපු කාලෙ තමයි මගෙ ජීවිතේ මං සතුටින්ම හිටපු කාලෙ ටේහ්‍යුන්ගී..

මටත් දැන් එහෙම හිතෙනවා කූ..
මුලු දවස පුරාම තිබුනු අව්ල් ටික සේරම ඔයා ළඟදි නැතිවෙලා ගිහින් වගේ...
අද විතරක් නෙවේ කූ.... ඒක හැමදාම එහෙමයි..ඔයා මගෙත් එක්ක එක වතාවක් හිනාවුනොත් මට මුලු දවසක් ජීවත්වෙන්න ඒ ඇති කුකී..
මේ ගෙවෙන හැම දවසකම ඔයා දිහා බලාගෙන නැගිටින්න , ඔයා දිහා බලාගෙනම නිදාගන්නයි මට ඕන..
අද කලා වගේ ආයෙත් නම් මට හොරෙන් කොහෙවත් යන්න එපා..
එක තත්පරේකට හරි ඔය මූන මට පෙන්නලා යන්න...

ටේහ්‍යුන්ග් කියන්නෙ ජන්කුක්ගේ ඒ පපුව සිපගෙන...

මං පොරොන්දු වෙන්නම් ටේහ්‍යුන්ගී..ආයෙත් එහෙම කරන්නෙ නෑ...ඒත් ඔයා දැන් පහුගිය දේවල් නිසා හිතින් විදවන්න එපා... ඔයාගෙ සූ වෙනුවෙන් දැන් කරන්න පුලුවන් එකම දේ එයාගෙ හීනෙ ඔයා හැබෑ කරන එක... එයා ඔයා දුකින් ඉන්නවට කැමතිනෑ ටේහ්‍යුන්ගී...

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now