ඔහොම මුලු රෑම නින්දක් නැතුව ඉන්න එපා කුකී..අන්තිමට ලෙඩ වෙයි..

හ්‍යුන්ග්...
නම්ජුන් හ්‍යුන්ග් කතා කලේ නැද්ද ....

ඔයා නිදාගන්න කුකී...
මාත් නිදාගන්න යනවා ගුඩ් නයිට්..

ජන්කුක්ගෙ ප්‍රශ්නය මගහැරපු ජින් කාමරෙන් පිට වෙන්න හැදුවෙ.
නමුත් ආයෙමත් ජන්කුක් කතා කලා..

හ්‍යුන්ග්...

මොකඳ ජන්කුක් මේ...

ආපසු හැරුනු ජින් කතාකලේ නුරුස්නා ආකාරයෙන්..

කවදා වෙනකල් ඔයා ඔහොම තනියෙන් දුක් විදිනවද...

මොනවා ගැනද ඔයා කියන්නෙ ජන්කුක්..

මං කතාකරන්නෙ නම්ජුන් හ්‍යුන්ග් ගැන..

කු..කුකීඊ.. ඔයා කොහොමද ...

පුදුම වෙන්න එපා හ්‍යුන්ග්..
මං බබෙක් නෙවේ...
හැමදේම මට පේනවා , තේරෙනවා.. ඔයාගෙ ඔෆිස් රූම් එකේ තියෙන ගොඩක් දේවල් නම්ජුන් හ්‍යුන්ග් ආස කරන දේවල්...
ඒ ටිකම ඇති හ්‍යුන්ග් ඔයාගෙ හිත තේරුම් ගන්න ..ඒත් ඇයි ඔහොම දෙන්නම දෙපැත්තක දුක් විදින්නෙ...

යන්න ගියපු ජින් ආයෙමත් බිමින් වාඩිවුනා...

මගෙ සතුට වෙනුවෙන් මං කොහොමද තව පවුලක සතුට උදුරගන්නෙ කුකී..
ඒ පවුලෙ සතුට තියෙන්නෙ නම්ජුනා ළඟ.. ඒ අය නම්ජුනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් මං නිසා නැතිවෙලා යාවි ....

අහන්න හ්‍යුන්ග්...
ප්‍රශ්න ඒවි.. මං නෑ කියන්නෑ
ඒත් මොකුත්ම නොකර දෙන්නම හිතින් විදවනවට වඩා , දෙන්නම එකතුවෙලා ප්‍රශ්න වලට මූන දෙන එක හොද නැද්ද

මට උපදෙස් දුන්නට ඔයා දැන් කරන්නෙත් හැමදේම ටේහ්‍යුන්ගේන් හංගලා ඔයා මෙහෙට වෙලා තනියම විදවන එක නෙවේද කුකී..
දවස් කීයකින් ඔයා හරියට නිදාගෙන නැද්ද , හරියට කාලා නැද්ද ...
එහෙනම් ඇයි ඒ ...

මේ මම ... තනියෙන් විදවනවා ???...
විහිලු කරන්න එපා හ්‍යුන්ග්...
ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා ඔයාගෙ මල්ලි ගැන හරියට දන්නෑ

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now