මං ඒ ගැන හිතුවා කූ... ආයෙත් මං ඒ ගැන දුක් වෙන්නෙ නෑ...

ඔයාගෙ සූ ට විතරක් නෙවේ ,
ඔයා ඔහොම ඉන්නකොට මටත් ඒක දරාගන්න බෑ..
මට ඕනෙ නිතරම දගමල්ලක් වගේ පිස්සු වැඩ කරන මගේ ටේහ්‍යුන්ග්ව..
දවල් තිස්සෙම මාත් එක්ක හුරතල් වෙන ටේහ්‍යුන්ග් ව...
ඒ වගේම නිදාගන්න ගියාම දරුනු කොටියෙක් වගේ මාව පාලනය කරන , මාව සතුටු කරන ටේහ්‍යුන්ව...
මං ආදරේ එයාට..
එහෙම නැතුව දුකෙන් කඩන් වැටිලා ,, බලාපොරොත්තු බිදගෙන ඉන්න , හූල්ල හූල්ල කදුලු පෙරන් අඩන ටේහ්‍යුන්ග් කෙනෙක් නම් මට එපා...

ජන්කුක් කිව්වෙ ඒ හිස සිපගෙන..

ඒ මොහොතෙ ජන්කුක්ගෙ පපුවෙන් ඉහලට එසවුනු ටේහ්‍යුන්ග් ඔහුගෙ තොල් තමන්ගෙ තොල් අතරෙ හිරකරගත්තෙ නොඉවසිල්ලකින් .
ඒ රාත්‍රියෙත් අන් හැමදාකම වගේ ජන්කුක් ටේහ්‍යුන්ගේ පාලනයට නතුවෙලා සුව,විඳිමින් ගතගකලා.
එදින වෙනදාටත් වඩා අනුරාගී සුන්දර රැයක් වුනා...
සම්පූර්ණ නිදිවර්ජිත රාතියකට පස්සෙ ඔවුන් නින්දට වැටුනෙ පාන්දර යාමෙ....

මොනතරම් වේදනාවන් වින්දත් මොනතරම් කරදර බාධක , හිත් රිදීම් , හිත් බිදීම් සිද්දවුනත් තමන් හදවතින්ම ආදරේ කරන කෙනාගෙ අත් අතර රැදෙන එක් මොහොතකින් අර තිබුනු සියලුම හිත් වේදනාවන් හිරු දුටු පිනි බින්දු වගේ නැතිවෙලා යනවා..

එයයි ආදරයේ සත්‍ය...

*********************

පසුදින ටේහ්‍යුන්ග් සහ ජන්කුක් අවදිවන විට දහවල් දොලහටත් ආසන්න වෙලා තිබුනා...
ඔවුන් ඒ ඇද සිටි නිදන ඇදුම් පිටින්ම පහලට එනවිට අනෙක් සිටලු දෙනාම කෑම කාමරයට එක්වෙලා බර කතාවක්...
එමින් සිටි ටේහ්‍යුන් සහ ජන්කුක් දුටු විට ජිමින් වහාම කතාව වෙනස් කරන්න උත්සහ කලත් ඉන් පලක් නොවුනෙ ඔවුන්ගෙ කලබලකාරී බව ජන්කුක්ගෙ හිතට කුතුහලයක් ගෙනා නිසා..

මොනවද කතාවෙන්නේ..
අපිව දැකලා කතාව වෙනස් කරා නේද

පිස්සුද , අපි මේ ඊයෙ රෑ ගැන කතාකර කර හිටියෙ...

ජිමින් එහෙම කිව්වත් ඔහුගෙ දුරකතනය සඟවාගත් අයුරින් ජන්කුක්ට නම් දැනුනෙ අමුත්තක්..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now