ඒක නම් ඇත්ත හෝසොක්
ඒ තුන්දෙනා පුදුම තරම් දක්ශයි ඉපදෙනකොටම අරන් ආපු ලොකු වාසනාවක් තුන්දෙනාටම තියෙනවා..

හැමෝගෙම කතාවන් අතරතුර ඔවුන් තරගය පැවැත්වෙන සිඩ්නි ඔපෙරා හවුස් වෙත ලගාවනවිට සවස පහටත් ආසන්නව තිබුනා...

අන්තර් විශ්වවිද්‍යාලයීය ගායන තරගයේ අවසන් මහා තරගය ආරම්භ වීමට තවත් පැයකට ආසන්න කාලයක් පමනයි ඉතිරි වී තිබුනෙ..

ටේහ්‍යුන්ග් ජන්කුක් මෙන්ම ජිමිනුත් සියල්ල සූදානම් කරගෙන සුලු මොහොතකට හෝ තම සොයුරන් දැකගැනීමට පිටතට ආවෙ ආරම්භයට පෙර ඔවුන්ගෙන් ලැබෙන් එක වචනයක් වුනත් ඔවුන්ට ආශිර්වාදයක් කියලා සලකපු නිසා..
අහම්බෙකින් මෙන් ලියාද පැමින ඔවුන් සමග එක්වුනෙත් ඒ මොහොතෙමයි. ඇය දුටු ජිමින්ගේ මුවේ නම් හිනා මල් දහසක් පිපුනා...
වහාම ජිමින් වෙත පැමිනි ඇය ඔහුට කෙටි දෙතොල් හාදුවක් තැබුවෙ ජිමින්ද ඇගේ ඉන වටේ අත් යවලා ඇයව තමාට ලන්කර ගන්නකොට..

ගතවෙලා ගියපු වසරක් තිස්සෙ තනි ආදරයක් නිසා වේදනා විදපු ජිමින් ආයෙමත් ඔහුගෙ මුලු හදවතින්ම සිනහා වෙන එක ගැනනම් අනෙක් සියලු දෙනාම සතුටු වුනා..

විශේෂයෙන් යුන්ගිට දැනුනා ජිමින් පහුගිය මාස ගණනාවකට පස්සෙ ඒ විදපු වේදනාවන්ටත් එක්කම මේ ගතවන කාලය උපරිමෙන් සතුටින් ආදරෙන් ඇය සමග ගතකරන බව...
ඒ වෙනුවෙන් ඔහු ලියාට ස්තූතිවන්ත වුනා... මොකද ජිමින්ගෙ දුකක් නම් එය හැමදාමත් යුන්ගිටත් දුකක්...
ජිමින් සතුටු වෙනවා නම් යුන්ගිට හැමදාමත් එය සැනසීමක් වුනා...

යුන්ගිගෙ ආදරේ හරි පුදුමයි,
ඔහු නිහඩව ළඟින් හිටගෙන හිටියත් මහා ආරක්ශාවක් දැනෙනවා ඕනම කෙනෙකුට.. ඒත් ඒ ආදරේ අනික් හැමටම වඩා ජිමින් වෙනුවෙන් තිබුනා.
ජිමින් දුකින් ඉන්න පහුගිය කාලෙ කාටවත් නොපෙනි යුන්ගි හූල්ලපු තරම් දන්නෙ යුන්ගි පමනයි.
ඒ වගේම අද මෙහෙම ලියාගෙ ළඟ ඒ ඇස් වල උතුරන සතුට දැක්කම යුන්ගිට තම සතුට වාවාගත නොහැකියි.. ඒ නිසාමයි ඔහු ජිමිනුත් ලියාත් තම දෙපසට කරන් ඔවුන්ව වැලදගත්තෙ ..

ජිමිනා මේ හිනාව හැමදාම තියාගන්න..හිනාවෙලා සතුටින් ඉන්න ඔයාගෙ හ්‍යුන්ග් ඉල්ලන්නෙ ඒ දේ විතරයි.
ඒ වගේම ලියා... ප්ලීස්...
එයා මෙහෙම හිනාවෙන්නෙ ඔයා නිසා.. ගොඩක් කාලෙකට පස්සෙ..
පුලුවන් නම් හැමදාම එයා ළඟ ඉන්න ලියා... සතුටින් ඉන්න දෙන්නම.
යුන්ගි හ්‍යුන්ග් ඕනම වෙලාවක
ඔයාලා එක්ක ඉන්නවා..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now