28 කොටස 💜💗

Start from the beginning
                                    

අපේ ආදරේ හරි සුන්දරයි..මම මේ ආදරේට හරි ආදරෙයි 😊❤️

+++++++++++++++++++++++++

යූරි, මින්ජි , ජියා හිතේ සැනසීමේ නිදා ගත්තෙ කෙල්ල ඉන්නවා කියලා ආපු ආරංචිය නිසාත් කෙල්ල ජින්ගෙ ගෙදර ජින් එක්ක ඉන්නවා කිව්ව නිසා..

මොකද කෙල්ලො තුන් දෙනාටම ජින් ගැන ලොකු පැහැදීමක් තිබ්බා...

උදෙන්ම නැගිටපු යූරි පහලට ආවෙ දිව ගිලෙන්න තරම් තිබහකින්. ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් අරන් පිටිපස්ස හැරුන යූරි දැක්කෙ නිදි කිරා වැටෙන නම්ජූන්ව ...

"යා කිම් නම්ජූන් .... අයිගූ බලන්නකො මේ පොඩි එකා හිටගෙනත් නිදි..."

යූරි නම්ජූන්ගෙ නිකටෙක් නම්ජූන්ව එහාට මෙහාට කරද්දි කොල්ලා යාන්තම් ඇහැක් ඇරලා බැලුවෙ යූරි දිහා..

"අහ්.. good morning yuuri "

නම්ජූනා යූරිගෙ එක කම්මුලක් මිරිකමින් කිව්වා..

" ඒ මොකක්ද අප්පා වෙලා තියෙන්නෙ. "

යූරි නම්ජූන්ට ගහලා එතනින් යන්න ගියා...

________________________

ආරා ඇහැරිලා බලද්දි ජින් ඇදේ හිටියෙ නෑ.. ඒ නිසා බෙඩ්ශීට් එකෙ ඇගේ ඔතාගත්ත ආරා ජින්ව හෙව්වෙ කොල්ලා කොහෙද ගියේ බලන්න..

ජින් ඇහැරුනේ ජේකේගෙ වාහනෙ සද්දෙ ඇහිලා.. ජේකේයි ,යුංගියයි ජින්ගෙ ගෙදරට ආවේ ආරාගෙ තත්වෙ දැනගන්න...
කොල්ලො තුන් දෙන්නා කොෆී එකක් බිබී කතා කර කර හිටියෙ

"පනූස් .. කෝ ඔයා... කොහෙද ගියෙ මගෙ සූකිරියා"

උඩ තට්ටුවෙ ඉදන් ආරා එහාට මෙහාට කෑ ගහගෙන යන සද්දෙ ඇහිලා කොල්ලො තුන් දෙනාටම හිනා...

"හියුන්... අපි ආවෙ අපරාදෙ.. ආරා ඔය ඉන්නෙ කලින් හිටියටත් වඩා හොඳට.😂 ඒ අස්සෙ මේ මහා එකාට පනූස්ලු 😒😂 කොහොම හිටපු කොල්ලෙක්ද මේ"

ජන්කුක් යුංගිට කිය කිය ආයෙත් හිනා වුණේ ජින්ගෙ කන් දෙකත් රතු වෙද්දි..

"ඔහොම හිටපං මාව හොයනවා ඇති 😒😂"

ජින් සෙටියෙන් නැගිට්ටෙ ආරාව බලන්න යන්න...
එතකොටම කොල්ලො තුන් දෙනාගෙ කටවල් ඇරුනෙ පඩිපෙලෙ බහින ආරාව දැකලා...
ජින්ගෙ මූණ තක්කාලි ගෙඩියක් වගෙ..

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now