27 කොටස 💜💗 🔞

Start from the beginning
                                    

"කෝ මගෙ ආරා"

එක පාරම ගෙදරට කඩා පැනපු ජින් කෑ ගැහුවෙ පිස්සෙක් වගේ..

"Calm down jin hyung"
සුගා ඇවිත් ජින්ගෙ උරහිසට අත තියද්දිම ජින් සුගාගෙ ශර්ට් එකෙ කොලර් එකෙන් අල්ලන් වියරුවෙන් වගෙ කෑ ගැහුවා...

" යුංගි මේ අහපං අර තිරිසනා මගෙ කෙල්ලට මොනා හරි කරලනම් අදම ඌව මං මරනවා... ඌට ප්‍රශ්නෙ තියෙන්න් මා එක්කනම් ඌට මට කරදරයක් කරන්න තිබ්බා... ආරාගෙ ෆෝන් එකක්වත් වැඩ නෑ "

( කවුද ඒ තිරිසනා ... ප්‍රශ්න වැලක් ඔලුවෙ දුවනවා නේද 🤭😂)

ජින් කෑ ගැහුවෙ තරහෙ උපරීමෙටම ගිහින් තිබ්බ නිසා..

"Hyung අපි දන්නෑ මෙතන සිද්දිය මොකක්ද කියලා...අරූම මේ වැඩෙ කරා කියන්න බෑ.. යමල්ලා කාර් වලට නැගපල්ලා.. ජින් හියුන් යමු මාත් එක්ක"

ජිමින් ඇවිත් ජින්ට කියද්දිම

" උඹලා වෙනම පලයල්ලා මම තනියම යන්නම්.. හොබී උඹ ඉදපං කෙල්ලො තුන් දෙනාගෙ තනියට.. අද දෙකෙන් එකක් බලාගන්නම් මම"

ජින් ගෙදරින් එලියට බැස්සෙ ආරාව මේ පලාතෙම හොයලා නැත්තන් ජින් සැක කරන මිනිහා ගාවට ගිහින් දෙකෙන් එකක් බේරගන්නවා කියලා හිතලා...

ඔහේ හැමතැනම කාර් එකෙ කදුලු බිදු එකින් එක වැටෙද්දි ජින් ආරාව හෙව්වෙ ආරාට කරදරයක්දෝ කියලා හිතෙ තිබ්බ අසීමිත බයෙන්...

සෝල් ටව්න් එක කෙලවරටම ගිහින් අතුරු පාරකට වාහනෙ දැම්ම ජින් විනාඩි 5ක් විතර වාහනෙ අරන් ගියෙ බලු බල්ලෙක් නැති පාරකින්... මේ පාරෙත් ආරා නෑ කියලා හිතපු ජින් ආයෙත් වාහනෙ හරවද්දිම දැක්කෙ උදේ ඇදන් හිටපු ගව්ම පිටින් ඔහේ  ඇවිදින ආරාව...

ජින්ගෙ ඇස්වලින් කදුලු කැට වැටෙන වේගෙ වැඩි වෙනවත් එක්කම පපුව ගැහුනේ ඒ විනාඩියේම ජින්ගෙ පපුව පුපුරන තරමට.... මහා වැස්සෙ කෙල්ල තෙත් වෙලා හිටියෙ කඩදාසියක් වගේ...

දෙපාරක් නොහිතා ආරා ලගට ජින් ගියත් ආරා ජින්ව නොදැක්ක ගානට ආයෙත් යන්න ගියා..

"යා ආරා ඔහොම ඉන්නවා"
ජින් ගිහින් ආරාව තදින් අල්ලගනිද්දි තමයි ආරා පියවි සිහියට ආවෙ..

𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒 | 𝐊𝐒𝐉 [complete]Where stories live. Discover now