********************

සංගීත හා නර්තන තරගාවලිය ආරම්භ වුනේ උදෑසන දහයට පමන.. එතැන් පටන් සාමාන්‍යයෙන් හැම වසරකම වගේ දහවල් දවස පුරා තරගාවලියත්, සවස හයෙන් පසු ප්‍රසංගයේ කටයුතු ආරම්භ වන්නත් සියල්ල සූදානම්ව තිබුනා..

සියල්ල අවසානයේ උදේ පටන් තිබුනු කලබලකාරී බව තරමක් සන්සුන් කරලා වුනත් හැම සිසුවෙක් සිසුවියකගෙම හිත් වල නොසන්සුන් බවක් ඇතිකරමින් ප්‍රසංගයට කාලය එලැබුනා...
විශේෂයෙන් පලමු වසරෙ සිසුන් මේ අවස්තාව ගැන උද්දාමයෙන් බලා හිටියෙ මෙය ඔවුන්ට අලුත්ම අත්දැකීමක් නිසා..
ඒ වගේම තවත් එක් විශේශ හේතුවක් ඔවුන්ට තිබුනා.

වාර්ශිකව පවත්වන මේ ප්‍රසංගයේ සමාරම්භක නර්තනය ඉදිරිපත් කිරීමට සම්ප්‍රදායක් ලෙස පලමු වසරෙ සිසුන් කණ්ඩායමකට ලබාදුන්නත් මේ වසරේ යම් වෙනසක් අපේක්ශාවෙන් සිසු සිසුවියන් දෙදෙනෙකුට පමනක් ඒ අවස්තාව හිමිවී ඇති බව ප්‍රකාශ කල නිසා..
ඔවුන්ට සහයට තවත් සහයක ශිල්පීන් සිව් දෙනෙකු පමනක් යොදාගැනීමට අවසර හිමිවී තිබුනා..

පාර්ක් ජිමින් සමගින් ලියානා ස්මිත් ,

වේදිකාවෙන් ඔවුන්ගේ නම් ආමන්ත්‍රණය කරණ මොහොතේ
සහයක ශිල්පීන් කිහිපදෙනෙක් පිරිවරාගෙන ඔවුන් වේදිකාවට පිවිසුණේ සුරංගනා ලෝකෙන් පොළවට පැමිනි සුරදූතයන් දෙදෙනෙක් වගේ .

ලෝක ප්‍රකට Romio juliet නම් ඉගිනළුවෙන් තෝරාගත් ඉතාමත් ප්‍රේමනීය ජවනිකා කිහිපයක් පමනක් එකට එක් කර නව ආරකින් නිර්මාණය කර තිබූ එම අංගය ඔවුන් ප්‍රේක්ශකාගාරයට ඉදිරිපත් කලේ , සුසුමක් හෙලන හඩක් වුවත් පැහැදිලිව ඇසෙන තරමට පේක්ශකාගාරය නිහඩ කරවමින්
ඔවුන්ගේ ඉදිරිපත් කිරීම සියල්ලන්ගේම නෙත් සිත් වසග කලා..
මේ තරම් දක්ශකමක් ගැන ඔවුන් නිකමට හෝ කල්පනාකර තිහුනේ නෑ..
එමෙන්ම
එතෙක් මෙතෙක් සෞන්දර්ය පීඨයේ පැවති ප්‍රසංග වල ආරම්භක නර්තනයන් අතුරින් විශිෂ්ටතම ඉදිරිපත් කිරීම මෙය බව බොහෝ කාලයක් සේවයේ නියුතු මහාචාර්යවරු පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා... සියල්ලෝම එකා වන්ව ඔවුන්ගේ මෙම නිර්මාණය සහ ඔවුන්ගේ හැකියාවන් අගය කලා..

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now