ටේහ්‍යුන්ගෙ ඇස් නම් රහසිගත කැමරාවක් වගේ මේ ගෑනුලමයව නිරීක්ෂණය කරන්න පටන් අරන්..ඉහල සිට පහලට , පහල සිට ඉහලට ඔහු ඇයව ඇස් වලින් ස්කෑන් කරමින් හිටියා..

මම.. මමයි ජිමින් ..ඇයි.. ප්‍රශ්නයක්ද මොකක් හරි ?

නෑ නෑ ප්‍රශ්නයක් නෙවේ.. ඒත් මිශෙල් මෑම් කිව්වා ඔයාව මීට් වෙන්න කියලා . කරන්න ඕන හැම දෙයක්ම ඔයා දන්නවා කිව්වා... එයා කිව්ව විදිහට හැමදේම කරලා එයාට ඒ ගැන කියන්න කිව්වා...

ඔහ් ගෝඩ්.. මිශෙල් මෑම් ද එව්වෙ.. ආයිශ්.. මට අමතක වුනානේ.. දැන් මොකද කරන්නේ..

ඒකට කමක්නෑ.. එයා කිව්වා පුලුවන් තරම් ඉක්මනින් වැඩේ ඉවරකරන්න කියලා..

හරි... මං කරන්නම්.. ඒත් මිශෙල් මෑම් මට දෙන්නම් කිව්ව පාර්ට්නර් තාම එව්වෙ නෑනෙ

ආහ්...මම තමයි ඔයාගෙ පාර්ට්නර්, මෑම් මට කිව්වා ඔයා කියන විදිහට වැඩ කරන්න කියල.. මම., මේ මම වීනු ලියානා ස්මිත්.

ඔහ්.. එහෙමද .... මේ මගෙ යාලුවෝ මෙයා ටේහ්‍යුන්ග් , මෙයා ජන්කුක්.. එහෙනම් අපි ඉක්මනින් වැඩ පටන්ගමු නේද .
ඔයා ආවෙ නැත්නම් මට ඒක අමතකම වෙලා යනවා.. තව සති දෙකයිනෙ කම්පිටිශන් එකට.
ශික්... සෑහෙන්න මහන්සි වෙන්නත් වෙයි

ටේහ්‍යුන්ග් , ජන්කුක්.. අපි යනවා එහෙනම්.. අපි දෙන්නට ස්පෙෂල් බැලේ අයිටම් එකක් පුරුදු වෙන්න කියලා මිශෙල් මෑම් රික්වෙස්ට් කරානෙ.. අද ඉදන් මං බිසී වෙයි හොදෙ..

හරි හරි ජිමිනා.. ඔයා ඔයාගෙ වැඩේ කරගන්නකෝ.. අපි ගැන වොරි වෙන්න එපා , කාගෙන්වත් ගුටිකන වැඩ නොකර ඕන දෙයක්

ජන්කුක් කිව්වෙ ජිමින්ට ඉගි කරමින්

ජන්කුක්.. ඒ ගර්ල් ටිකක් වෙනස් කියලා හිතෙන්නැද්ද

ඇයි ඒ.. ඔයාට එහෙම හිතුනෙ

නෑ නිකන් ඔසී වල කෙනෙක් නෙවේ වගේ..නිකන් ඒශියන් ලුක් එකක් තියෙන්නෙ.. නිකන් නමත් අමුතුයි වගේ.. වීනු ලියානා..

හා හා..හ්‍යොන්ග් ,
ඔයාටත් ඕන්නැති එකක් නෑ.....
මේක මාර වැඩක් උනානෙ ඇත්තටම , ගෑනු ලමයෙක්ව පේන්න බෑ හැමෝගෙම අමුත්තක් පේනවා මෙයාට

💜️ Still With You 💜️ ( OT7) ( COMPLETED )Where stories live. Discover now