අපි පියවි ✓

By liversack

118K 15.2K 1K

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

33 වන පරිච්ඡේදය

2.9K 368 41
By liversack





මං අම්බර ගේ වම් අත මගේ අත් දෙකට ගත්තා. අතේ මැණික් කටුව වටේට තිබ්බ තුවාල සේරම වගේ දැන් සනීප වෙලා තියන්නේ. ඒත් ඉස්සර තරම් නැති උනත් එතනින් නවද්දි තාමත් එයා ට ටිකක් රිදෙනවා.

මට බෑ මං එයාව ඉක්මනට හොඳ කරනවා. මොකද එයාට විතරක් නෙමෙයි මේක මටත් රිදෙනවා. ඒක නිසා මම හැමදාම ඒ වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනවා. දැන් වූනත්..

"තාම රිදෙනව ද..."

මං ඒ අත massage කරන ගමන් ඉන්නේ.

"දැන් වැඩිය නෑ සියූ.."

එයාට දුකයි.. මං දන්නවා අම්බර ඒක එයාගේ මූනෙන් පේන්නුවෙ නැති උනාට එයා හිතෙන් ඒ ගැන දුක් වෙනවා.. ඒක මං හොඳටම දන්නවා. අපිට කවදාවත් අතීතයේ වුන දේවල් අතීතෙට ගිහින් හරි ගස්සන්න බෑ. ඒ දේවල් අපිට ආයේ අපේ ගාවට ගන්නත් බෑ.. ඒ නිසාමද කොහෙද අම්බර එදායින් පස්සේ එයාගේ violin එක ගැන එක වචනයක් වත් කතා කරේ නෑ..

හිතන්න ජීවිත කාලේ තමන් වැඩියෙන්ම ආදරේ කරපු තමන්ගේ හැම දුකේදිම සැපේදිම ලග හිටපු කෙනා ඔයාගේ අතින්ම මරලා දැම්මම දැනෙන හැගීම.. එයා ආයෙත් ඔයා ගාවට එන්නේ නෑ කියලා දැනෙද්දි දැනෙන දුක... ඒ violin එක මගේ නොවුනත් මතක්වෙන මතක්වෙන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවනම් අම්බර ට එතකොට කොහොම ඒක දැනෙනවා ඇත්ද..

"අපි යන්නේ කීයටද?"

"මං මැඩම් meet වෙලා එන්නම්. ඊට පස්සේ යන්න පුලුවන් මට එයාට thanks කරන්න ඕනේ..."

මං එහෙම කියද්දි අම්බර මං දිහා මූන ප්‍රශ්නාර්තයක් කරගෙන බලන් හිටියා.

"ඒ මොනාටද? ඔයාට එයාව පෙන්නන්න බෑ නේද?"

අම්බර ඒ කිව්වම මට හිනා ගියා. ඇත්ත ඉතින්... මට එයාව පෙන්නන්න බෑ තමයි ඒ ඉස්සර. ඒ නපුරු මැඩම් මට මගේ campus ජිවිතේ බයන්කර කරා තමයි. ඒත් අන්තිමට ඒක ලස්සන කරෙත් එයාම තමයි. අපේ ආදරේට පුදුම විදිහට හයිය බේස්මන්ට් එකක් දැම්මේ එයා. එයාගේ අදහස්...

"එයා නැත්තන් අද ඔයාට සියූ කෙනෙකුත් නෑ... මේ සියලූ ට හැගීම දැනීමුත් නෑ.."

මං එහෙම කියලා අම්බර ගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා.

"යං.. ඔයා මං එනකල් ඉන්නවද නැත්තන් මාත් එක්ක යන්න එනවද?"

"මං ඉන්නම් ඔයා ගිහින් එන්න"

"හරි එහෙනම්"

එයා නැගිටලා ඇවිත් මගේ අත අල්ල ගත්තා. එයාගේ මුනේ තිබ්බේ හැබෙයි හොර හිනාවක්. මොකක් කරන්න ඉන්නවද දන්නෑ! මොනා නැති වුනත් ඉස්සර ඉදන්ම මට එයාගේ මූනේ හොර පාර හොඳට හොයා ගන්න පුලුවන්..

ඉතින් අපි දෙන්නා අපේ faculty එක පැත්තට ඇවිදන් ආවට පස්සේ අම්බර මට ටටා බායි කියලා ආයෙත් ආපස්සට හැරිලා ගියා. හොර කොල්ලා!

ඕන මගුලක් කියලා අපේ lecturers ලා ඉන්න stuff room එක පැත්තට ගිහින් room එකට හොම්බ දාලා බැලුවා. ම්හ්! එයා නෑ. කොහෙ ගිහිල්ලද දන්නෑ. Graduation එකට පස්සේ මට එයාව අයේ බලන්න එන්න පුලුවන් වෙයිද දන්නෑ. මොනා කරන්නද ඉතින් මං ආයේ හැරිලා එන්න ආවා.

"හරියාතේ!!"

මාව ඊලග අඩියෙම break ගැහුවා. හරිනේ! ඔය ඉන්නේ! නම කනවා!

"මැඩම්!"

මං ඔලුවත් කස කස මං දිහා කන්නාඩි දෙකත් දාගෙන බලන් ඉන්න අපේ මැඩම් ඉන්න පැත්තට දුවන් ගියා.

"මැඩම්"

"ම් පුතා.. මොකෝ අද මේ පැත්තෙ? මොකක් හරි meetup එකක්වත් තිබ්බද"

"නෑ මැඩම් නිකන් ආවේ.. ඒත් එක්කම මැඩම් වත් බලන්න ආවා"

මං එහෙම කිව්වම එයාගේ නපුරු මුනේ ලාවට හිනාවක් ඇදිලා ගියා. මං හිතන්නේ එයාව මෙහෙම බලන්න ආපු පළවෙනි කෙනා මං වෙන්න ඇති.

"ඉතින් කොහොමද දැන් පුතා.. ආයේ අමාරු උනේ නෑනේ?"

"නෑ මැඩම්.. ඊට පස්සේ කිසිම අමාරුවක් ආවේ නෑ.. ඇත්තටම මං අද ආවේ.. මැඩම්ට thanks කරන්න"

මං ඇගිලි එකට පටලන ගමන් එහෙම කියද්දි මැඩම් මං දිහා දිගටම බලන් හිටියා.

"අපෝ thanks ඕනේ නෑ පුතා.. ඔයාලා හැමෝම මගේ ළමයි වගේ තමයි"

එහෙම කියද්දි මැඩම්ගේ මුන ටිකක් වෙනස් උනා රමයි. මං දන්නවා මේ මෙහෙම කතාවක් අහපු first time නේ?

"නෑ මැඩම් ඒකට විතරක් නෙමෙයි.. මැඩම් නැත්තන් තාමත් මේ සියුම් රොබෝ කෙනක්... මැඩම් එදා මට හිතන්න concept එකක් දීලා කරේ මගේ ජීවිතේ තනිකරම වෙනස් කරපු එක.. මං ජීවිතේට වත් හිතුවෙ නෑ මට මෙච්චරටම එපා වෙලා තිබ්බ project එක අන්තිමට මාව සනීප කරලා පස්ස බලයි කියලා.."

මං එහෙම කියද්දි මැඩම්ගේ මූනට හිනාවක් ආවා.

"ඒ ඔයාගේ දක්ෂකම තමයි පුතා. මං මොන දේ කොහොම කිව්වත් ඒක තේරුම් ගන්න බැරි කෙනාට ඒක තේරුම් ගන්න බෑ.. හැබෙයි ඔයා ඒක තේරුම් ගත්ත එකට මට ගොඩක් සතුටුයි.."

මං එයා කියන දේවල් වලට හිනාවක් දුන්නා.

"දැන් කොහොමද අම්බර පුතාට?"

"ආ.. එයාට දැන් හොඳයි මැඩම් ඒත් තාම අත හොඳටම හොඳ නෑ.. "

"අනේ එහෙමද.. මං ප්‍රාර්ථනා කරනවා ඒ ළමයාගේ අත ඉක්මනට හොඳ වෙන්න කියලා... පුතා මට දැන් යන්න ඕනේ එහෙනම් ඔයගේ වැඩ ටික හොඳට කර ගන්න.. තේරුනාද"

"ඔව් මැඩම්.."

"කෝ එන්න"

මැඩම් එහෙම කිව්වම මට පුදුමෙට ඇස් දෙකත් ලොකු උනා. මොකද එයා මාව බදාගත්තා.

"සම්මතේට කවදාවත් ඔයාගේ සතුට උදුර ගන්න දෙන්න එපා පුතා.. මොකද එහෙම සතුටෙන් ඉන්න මිනිස්සු මේ ලෝකේ ගොඩක් අඩුයි.. ඒ අයව දකිද්දි අර සම්මතේට කොටු වෙලා ඉන්න අයගේ ඇස් වලට කටු අනිනවා වගේ.. ඒ අය මොනා කිව්වත් කරත් ඔයාගේ සතුට එයාලා නිසා විනාස කර ගන්න එපා... තේරුනාද? "

ඒ වචන ටිකට මගේ ඇස් වලට කදුලු ආවේ මටත් හොරෙන්. මං කවදාවත් හිතුවෙ නෑ මැඩම් මේ තරම් ලස්සන මනුස්සයෙක් කියලා. එයාගේ වචන වල එච්චරටම ආදරේ උතුරන්න තාබ්බා..

"ඔව් මැඩම්.. මැඩම් ඔහොම කතා කරද්දි මට මගේ අම්මව මතක් උනා.. "

"ඉතින් මාත් ඔයාගේ අම්මා වගේ තමයි.."

මැඩම් එහෙම කියලා මාව අත ඇරලා මගේ කදුලු පිහදැම්මා. පස්සේ එයාම හිනා වෙවි මගේ කන්මුලකට තට්ටුවක් දැම්මා.

"සතුටෙන් ඉන්න.. මං යන්නම්"

මැඩම් එහෙම කියලා මගේ ඔලුව අත ගාලා එතනින් යන්න ගියා. මට දැන් එයා වගේ කෙනෙක් දාලා යන්න මාරම ලෝබයි දුකයි. ඒත් අපිට කවදා හරිම මේ හැම දේකින්ම වෙන් වෙලා යන්න වෙනවනේ... ඒත් මට එක්කෙනෙක්ගෙන් විතරක් එහෙම වෙන් වෙන්න බෑ. ඒ කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..

ඉතින් මං එහෙන්මම අපේ main gate එක පැත්තට ආවා අම්බර ව හොයාගෙන. මෙයා කොහෙ ගිහින්ද පේන්නවත් නැත්තේ?

"සියුම්!!"

මගේ යාලු බූරු පුතා!

මං යද්දි මූ දුවන් ඇවිත් මොකාද වගේ මගේ කරේ එල්ලුනා.

"එ... මං දන්නවා උබ කවදා හරි නතර වෙන්නේ මගේ කොන්ද කඩලා තමයි!"

"හී ~~~ අම්බර මාව එලොව යවයි මගේ පුතේ! එච්චර risk එකක් ගන්නේ නෑ ඉතින් දන්නවනේ!"

ඔව් ඔව් මූ නිසා මං risk එකක් ගනිද්දිද් ඕක හිතුනානම්! නෑ නෑ!! එහෙම හිතුවේ නැති එකමයි හොද! එහෙනම් මට ආත්මෙකටවත් අම්බර ව හම්බවෙන්නේ නෑ!!

"හහ්! උබ කොහොමත් ආයේ මං ගැන risk ගන්න හිතන්න එපා මේන් වැන්දා!"

"කිරුළ~~! "

අපි දෙන්නා කියව කියව ඉන්න අස්සේ මුගේ නම කියලා කතා කරන හොඳට අහලා පුරුදු කටහඩක් ඇහුනා.

"කොහෙද අනේ හිටියේ මං හැම තැනම හෙව්වා!"

දෙයියන්ටම ඔප්පු වෙච්චදෙන්! මං බලන් ඉද්දිම කෝෂලී ඇවිත් කිරුළ ගේ අතේ එල්ලුනා! හෑ~~~~!! කවද්ද යකෝ මෙහෙම දෙයක් උනේ!!!

"මං සියුම් ව දැකලා මේ පැත්තට දුවන් ආවා බබා"

බබා??

මං දෙන්නා දිහා කටත් ඇරන් බලන් ඉද්දි බූරු පුතානෝ කෝෂලී ගේ කන්මුලක් මිරිකන ගමන් විරිත්තුවා. යකෝ!

"ආ! උබට කියන්න තමයි මේ දුවන් ආවේ! අපි දෙන්නා දැන්"

කිරුළ ඇඹරි ඇඹරි කියන ගමන් අතේ ඇගිලි දෙකක් එකට තට්ටු කරා. අනේ මුගේ කොමලේ!

"කවද්ද යකෝ මෙහෙම දෙයක් උනේ? "

ඒ අහද්දි කිරුළ කෝෂලී ගේ අත අතැරලා මගේ කන ගාවට ලං උනා.

"උබ ඒකිව reject කරාම මම එයාගේ දුක අහන අයියා වුනා. ඊට පස්සේ වුන එක උබම හිතා ගනින්"

කිරුළයා ඒ කියන ගමන් මගේ මූන දිහා බලලා විරිත්තුවා. මූ යකෝ! එහෙම දුක අහලා හරි මුට කෙල්ලෙක් සෙට් උන එක නම් ලොකු දෙයක්! හැබෙයි හොඳ වැඩේ! දැන් වත් මුගේ ගොං බූරු මෝඩ වැඩ ටික කෝෂලී ගානට කප්පාදු කරලා ගනි!!

"Congratulations ඉතින්"

"thanks සියුම්!"

කෝෂලී තමයි උත්තර දුන්නේ.

"උබ දැන් කොහෙද යන්නේ?"

"ආ. මං ද? මම මේ"

මට කතා කරන්න හම්බුනේ නෑ ඒත් එක්කම වගේ කන් බෙර පැලෙන්නම bike එකක් රේස් කරන සද්දයක් ඇහුනා. ඒ සද්දෙට උඩ ගිය හැමෝම වගේ ඒ පැත්ත බලද්දි ඒ bike එක ඇවිත් මගේ ඉස්සර break ගැහුවා.

"අම්බර"

"නගින්න"

අම්බර එයාගේ අතේ තිබ්බ හෙල්මට් එක දික් කරාම මට කෙල ගිලුනා. අද මගේ අවසානෙවත්ද?

"කිරුළ බං මං යනවා! දෙන්නම පරිස්සමෙන් ඉන්න!!"

Bike එකේ සද්දෙත් එක්ක මං කෑගහලා කියලා දෙපාරකට try කරලා කොහොම හරි bike එකට නැග ගත්තා. පස්සේ මගේ හොඳට අත් දෙක අම්බර වටේට යවලා එයාව තද කරගන්නකෝට..

"මාව බදාගන්නකෝ"

අම්බර ඒ කියලා නිකන් හිටියේ නෑ එයා bike එක ඉස්සරහට එකපාරටම ඇද්දුවා මාව නිකන්ම ගිහින් එයාගේ ඇගට ඇලිලා හිටින්න.

"අන්න එහෙම"

හම්මේ... මට තාම මතකයි මෙයත් එක්ක මේකේ ගියපු පලවෙනි පාර. ඒක මතක් වෙද්දි අර මං හැමතිස්සෙම රන්ඩු වෙන දේව මණ්ඩලේම මතක් උනා.

ඔය කියලා අනිත් පැත්තට ඉතින් Kellen bike එක ඉස්සරහට ඇද්දුවේ රේස් යන්න.

"හිමින් යන්න~~"

මං දත් මිටි කාගෙන ඒ කියද්දි මෙයා තව ටිකක් වේගේ වැඩි කරා! කන ඇතුලේ තියෙන්නේ NOT gate එකක්ද දෙවියනේ කියන දේ අනිත් පැත්තට ඇහෙන්නේ??

"සියූ මට ආදරෙයි ද?"

මහ පාරේ හුලං කපාගෙන ඉස්සරහට වේගෙන් යද්දි මුලු පලාතට ඇහෙන්න මහ හයියෙන් අම්බර කැගහලා අහද්දි ඒ වෙලාවේ ඒකට තරහ යනවා වෙනුවට මගේ මූනට ආවේ ලොකු හිනාවක්.. ඉතින් මාත්

"ඔව්ව්~~~ මං අම්බර ට මුලු ලෝකෙටත් වඩා ආදරෙයි!!!"

ඊට දෙවෙනි නොවෙන්න කෑගහලා කියන ගමන් එයාව බදාගෙන හිටපු මගේ අත් අම්බර ගේ පපුව ගාවට ගිහින් නතර කරා.. ඒ දැනෙන දේ කොහොමද කියන්නේ.. කොහොම හරි මට දැන් මේ දැනෙන feeling එක මොනවගේ එකක්ද කියන්න ඒක ඔයාලා කරලම බලන්න ඕනේ.. ඒක ඒ තරම් කියන්න තේරෙන්නේ නෑ..

ඉතින් අපේ ගමනාන්තය කොහෙට වුනත් මම අම්බර ව බදාගෙන පාර දෙපැත්තෙන් අපිට පහු වෙන හැම දෙයක් දිහාම බලාගෙන හිටියේ මොකද එන හුලගත් එක්ක මෙයා යන වේගෙට මට හිතුනෙම මං පාවෙනවා කියලා.

කොහොම හරි Main road එකෙන් එලියට දාපු එයාගේ bike එක හැරෙව්වේ මං කලින් ගියපු නැති පාරකට. ඇත්තටම කොහෙද මේ යන්නේ? මේ පාර හරිම නිස්කලන්කයි. Bike එකේ සද්දෙ ඇරෙන්න මට වටේට වෙන කිසිම සද්දයක් ඇහුනේ නෑ..

"සියූ"

"ආ~?"

"අපි ආවා!!"

අම්බර ඒ කියන ගමන් ලී වලින් හදලා තියෙන වැටක් ගාවින් එයාගේ bike එක හැරෙව්වා. මේ යන පාර දෙපැත්තම කැලේට වගේ ගස් වැවිලා තියෙන්නේ. තණකොලත් දනිස්ස ගාවටම ඇති කියලා හිතුනා. අප්පේ කොහෙද මේ?

හරි මට උත්තරේ හම්බුනා. එයා කැලෑ පාරකින් ගිහින් අන්තිමට bike එක නතර කරේ සාමාන්‍යයෙන් ලොකු තනකොල පිට්ටනියක් වගේ එකක් ගාව.

"කෝ"

මං bike එකෙන් බැස්ස ගමන් අම්බර මගේ helmet එක ගලවලා එයාගේ අතට ගත්ත ම මං ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගිහින් වටේ පිටේ බලන්න ගත්තා... මෙතන දැක්ක ගමන් ඔලුවට ආපු පළවෙනි දේ twilight movie එක. ඒකේ තියෙන අර මල් පිපුන පිට්ටනිය. මෙතනත් අන්න ඒ වගේ. හැබෙයි මෙතන එලියයි. ඒ වගේම කහ පාට චූටි චූටි කැලෑ මලුත් තැනින් තැන පිපිලා තිබ්බා.

"මෙතන ලස්සනද.."

කිසිම සද්දයක් නැති හුලං විතරක් සද්ද කරන වෙලාවේ අම්බර මගේ ඉන වටේට අත් යවන ගමන් මාව පිටිපස්සෙන් බදාගත්තා.

"ම්... මට film එකක් මතක් උනා"

මං එහෙම කියන ගමන් මගේ උරහිස උඩින් නිකට තියාගෙන ඉන්න කම්බර දිහා බැලුවේ ඒ වෙලාවේ එයාගේ මූනේ හිනාවක් ඇදිලා තියෙනවා මට ඒක මග ඇර ගන්න ඕනේ නෑ.

"ම්... මුල්ම දවසේ මටත් එහෙමයි සියූ.."

අම්බර ඒ කියාගෙන මාත් එක්ක තනකොල උඩ ඉඳගත්තා.

"ඔයා මෙතනට හැමතිස්සෙම එනවද?"

මට හෙන ප්‍රශ්නේ.

"ම්... නෑ... හැමතිස්සෙම නෑ.. ඒත් ඉදලා හිටලා එනවා"

"ඒ මොකද?"

"මෙතනට ආවම හිත නිදහස් වෙනවා.."

මට දැන් මේ තැන ගැනත් ඉරිසියයි.

"හ්ම්... තාමත් එහෙමද?"

මං අහස දිහා බලාගෙන ඇහුවා. මෙතන තියෙන්නේ වෙනමම vibe එකක්.

"නෑ..."

"ඇයි?"

"මොකද දැන් මට ඒකට වෙනම තැනක් තියෙනවනේ"

අම්බර ගේ උත්තරේට මගේ බෙල්ල එයාගේ පැත්තට හැරුනේ නිකන්මයි.

"ඒ කොහෙද?"

"මෙන්න මෙතන"

එයා ඒ කියන ගමන් එයගේ එක අතක් ඇග දිගේ මගේ පපුව ගාවට අරන් ඇවිත් නතර කරන් ඒත් එක්කම මාව තණකොල ගොඩේ පෙරලගෙන මගේ පපුව උඩින් ඔලුව තියා ගත්තා හරියට පොඩි එකෙක් වගේ.

"සියූ ඔයා දන්නවද.."

"ම්..."

"මෙතනට එන හැම පාරකම මම දැන් ඔලුව තියන් ඉන්න තැනට දුවන් එන්න හිතුන වාර අනන්තයි.."

එයාගේ වචන වලට මට මං ගැනම තරහක් වගේම එයා ගැන ආවේ පුදුම දුකක්. ඒත් අතීතේ වෙනස් කරන්න බෑ.. ඒ ගැන හිතනකොට වේදනාව දරාගන්න අමාරුයි තමයි ඒත් මං අත් දෙකෙන්ම එයාව බදාගත්තා.. මොකද කලින් නැතත් දැන් මං එයාට ඉන්නවා කියලා පෙන්නන්න මං කරන්න පුලුවන් හැම දේම දැන් කරනවා.

"අම්බර.."

"ම්.."

"ආයේ ඔයාට මොනා නිසා ඔලුව අවුල් උනත් මං නිසා කවදාවත් ඔයාගේ ඔලුව අවුල් කරගන්න මං ඉඩ තියන්නේ නෑ.. ඒ ඇරැත් ඕනම වෙලාවක ඔයාට මෙතන හැමතිස්සෙම ඇරිලා තියෙන්නේ.."

මං ඒ කිව්වම අම්බර කෙලින් වුනේ මගේ මූනට හිනාවක් එක්ක එබෙන ගමන් මගේ මුලු මූනම එයාගේ හාදු වැස්සකින් නාවගෙන.. ඉතින් මට පිස්සු වගේ.. මං ඒවා විඳගත්තේ මගේ වටේ ඉගිල්ලෙන සමනල්ලු රංචුවේ තටු වල කිචිය ඉවස ගන්න බැරුව අසරණ වෙද්දි.













To be continued...

Continue Reading

You'll Also Like

33.7K 7K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...
854 158 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...
285K 29.4K 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
90.6K 15.6K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...