අපි පියවි ✓

By liversack

50.9K 9.1K 606

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

25 වන පරිච්ඡේදය

1.1K 230 12
By liversack





"ලස්සන නමක්!"

හසිතක කිව්වේ මගේ උඩ ඉඳන් පහලට බලන ගමන්.. එයා මොනාද මෙහෙ කරන්නේ?

"මගේ අම්බර ඔයාගේ නමට ද කැමති උනේ?"

ඒ ඇහුන පළවෙනි වචනෙටම මගේ පපුව නතර උනා.. මොකද්ද කිව්වේ!!? මගේ අම්බර!?

"ඔයාට මොකද්ද වෙන්න ඕනේ?"

ඒකත් ඇයි එයා මාව හොයන් ඇවිත් තියෙන්නේ??

"අපි ටිකක් කතා කරමු? ගොඩින් බේරගන්න පුලුවන් වෙද්දි මඩෙන් නතර වෙන්න ඕනේ නෑනේ"

"මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑනේ"

මට මොනා නැතත් මිනිස්සුත් එක්ක එකට එක කියවන්න නම් හොඳට පුලුවන්. ඒත් මගේ හිත රිදෙන්න ගනිද්දි කැපිලා යන එක වචනයක්වත් මගේ ඔලුවට එන්නේ නෑ. කොහොම එයා මගේ අම්බර කියන්න තරම් එයාට ලං වුනේ??

"ඒ උනාට මට තියෙනවනේ.."

"කියන්න තියෙන දෙයක් මෙහෙම කියන්න"

"ම්... ඒවා මට මෙහෙම පාර මැද්දේ හිටගෙන කියන්න බෑ"

"මාත් එක්ක කතා කරන්න තරම් ඔයාට මොනාද ඔච්චරටම තියෙන්නේ?"

"මටද? මට ගොඩක් තියෙනවා.."

"sorry මං ඔයාව දන්නේ නෑ!"

"ඒත් මං ඔයාව දන්නවා"

මොන එකක්ද මේ..

"ඔයා කොහොමද මාව දන්නේ??"

"දන්නේ.. දන්නේ මගේ boyfriend ව මගෙන් උදුර ගන්න යන කෙනා විදිහට!"

" මොකක්?? "

Boyfriend?? මේ අම්බර? මොනාද මේ මනුස්සයා කියවන්නේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ!! කොහොමද කවද්ද අම්බර මෙයාගේ boyfriend උනේ?! නෑ නෑ මෙයා මට බොරු කියන්නේ එයා ට කවදාවත් එහෙම කෙනෙක් ඉන්න බෑ!!!

"බොරු කියන්න එපා!"

"සාක්ෂි පෙන්නුවොත්?"

මොකක්??? සාක්ෂි? නෑ.. නෑ දෙවියනේ ඔයාලා මාව ආයේ හීනෙකට යැව්වද!!? මං හීනෙක නේද ඉන්නේ! සාක්ෂි පෙන්නන්න තරම් මොකද්ද මේ දෙන්නා...

"ඔයා ආවොත් ඔය අවුල් වෙලා වගේ තියෙන ඔලුව නිදහස් කර ගන්න පුලුවන්"

මේ මනුස්සයා මේ ඇත්තද කියන්නේ?? එතකොට අම්බර ට ඇත්තටම කෙනෙක් ඉන්නවද?? ඒක බලාගන්නන්ම් අකමැත්තෙන් හරි මේ යකා එක්ක ගිහින් බලන්නම වෙනවා.

"හරි"

මං ඒ කිව්වම එයා මාත් එක්ක එතන ලග තිබ්බ cafe එකකට ගීයා. එතන මේසෙක මූනට මූන බලාගෙන ඉදගනිද්දි හසිතක ගේ ෆෝන් එකේ lock screen එක දැකලා මගේ හිත හිරි වැටිලා ගියා.. දෙවියනේ එයා ලගින් ඉන්නේ අම්බර එක්ක නේද? මේ ඒ දෙන්නා නේද??

"ඉතින් මොනා හරි බොනවද?"

"මට මුකුත් එපා කියන්න තියන දේ කියන්න"

බොන්න... ඔයාට පේන්නේ දැන් මට වතුරවත් බොන්න පුලුවන් විදිහට ද? ඒත් මේ කටහඩ... අහලා පුරුදුයි.. හරි මට දැන් තේරුනා..! මං කලින් කිව්වේ මෙයාගේ මොකද්දෝ දෙයක් මට හුරු පුරුදුයි කියලා.. ඒ කටහඩ! මට ඒක හොඳට අහලා පුරුදුයි! වෙන මොකක්වත් නිසා නෙමෙයි.. අපි දෙන්නටම තියෙන්නේ එකම වගේ කට හඩවල්...

"ඇයි මෙච්චර හදිස්සි?"

"මොකද මට වැඩ තියෙනවා.. මට එක එක්කෙනා කියන බොරු අහගෙන කන්න තරම් වෙලාවක් නෑ!"

තියෙන ආවේගෙට මං කතා කරාටත් වඩා මගේ කටෙන් වචන එලියට පැන්නා. නෑ අම්බර එහෙම නෑ එයාට කවුරුත් නෑ! මේ මෙයාගේ බොරු!! මෙයා කියන්නේ බොරු!

"ඇත්තම කිව්වොත් මටත් නෑ... ඒත් මගේ දේවල් මට නැති වෙනවා කියලා පෙනෙද්දි මට වෙන දේවල් වලට අවදානේ දෙන්නත් බෑ... "

"ඔයාගේ දේවල්? මොනාද දැන් ඔයාගේ දේවල්?"

"අම්බර වේරලියද්ද.. මගේ අම්බර.."

"අම්බර ඔයාගේ වෙන්නේ කොහොමද?"

මගේ අම්බර... මං හිතන්නේ ජිවිතේටම මගේ හිත රිද්දපු පලවෙනිම වචනේ මේක. මං අහපු ප්‍රශ්නෙට හසිතක ගේ කට එක පාරටම ලොක් උනා.

"එයා මගේ! එයා ගොඩක් දේවල් වලින් මගේ! අපි අදුනනගෙන දැන් ලොකු කාලයක් වෙනවා..! අපි දෙන්නා එකටමයි මේ field එකට ආවේ"

"මං ඒ බම්බුවක් නෙමෙයිනේ ඇහුවේ... මං ඇහුවේ අම්බර කොහොමද ඔයාගේ වෙන්නේ කියලා කෝ සාක්ෂි?"

අම්බර ඔයාට මට මෙහෙම කරන්න බෑ!

"මේ බලන්න"

මං කොච්චර කේන්ති ගියත් හසිතක එයාගේ phone screen එක මගේ පැත්තට දික් කරේ මාරම satisfaction එකකින්.. ඒකට මගේ වෙනස් වේන මූනත් පලි ඇති.

දැන් මගේ පපුවේ කොනක ඉදන් රිදීගෙන එනවා මට තේරෙනවා... පපුව විතරක් නෙමෙයි ඔලුවත්. මොනාද මං මේ දකින්නේ... මං දැක්කේ හහිතක ඇදක නිදාගෙන ඉන්න අම්බර ව බදාගෙන ගත්ත photo එකක්... අම්බර නම් ඒකේ නිදි..

වටේ තියෙන කිසි දෙයක් ඇහෙන්නේ නැති වෙද්දි මං screen එකෙන් ඇහැ අරගෙන හසිතක දිහා බැලුවා. දැන් මට දැනෙන දේ මම මෙහෙම කිව්වොත් ඔයාලාට තේරෙයි කියලා මං හිතනවා... මට ආපහු කිසිම හැගීමක් දැනෙන්නේ නෑ වගේ තේරෙනවා... මාව හිස් උනා වගේ.. කලින් වගේම වතුර නැති හිස් කල්පයක් වුනා වගේ.. ආයේ කල්පෙකට මට හිනාවෙන්න ලැබෙන්නේ නෑ වගේ දැනුනා..

ඉතින් තවත් බලන් ඉන්න බැරි තැන මං හිස් මූනකින් මගේ එහා පැත්තේ තිබ්බ වීදුරු ජනේලයෙන් එලියේ මිනිස්සු ඇවිදින දිහා බැලුවා.

"දැක්කනේ.. අපි දෙන්නා ඔයා මැද්දට පනින්න කලින් මාරම හොඳට හිටියා.. ඔයා ආවත් හරි ඒ හැමදේම විනාස උනා"

හ්ම්... හිස් හිතකට තව දැනෙන්න දෙයක් නෑ...

"නොදැනුවත්ව හරි උන වරැද්දට සමාවෙන්න... ආයෙ ඔය දෙන්නගේ මැද්දට කවුරුවත් එන්නේ නෑ"

මං පුදුම තරම් සන්සුන් විදිහට කතා කරද්දි හසිතක තුෂ්නින්භූත වෙලා වගේ මං දිහා බලන් හිටියේ.. පුදුම වෙන්න එපා. ඔයාට රිද්දන්න තරම් හැගීම් තියෙන හිතක් මට නෑ... මං අසාමාන්‍ය විදිහට හිස් වුන මනුස්සයෙක්.

"ඉතින් ඔයාට ඕන වැඩේ උන නිසා මං දැන් යන්නම් වෙලාව මට ඇත්තටම වටිනවා"

ඉදගෙන හිටපු විදිහටම හසිතක මං දිහා බලන් ඉද්දි මං එතනින් නැගිටලා එලියට ආවා. මට මගේ උගුර හිර වෙලා වගේ දෙයක් දැනෙනවා ඒක යන්නේ නෑ.. මොකද්දෝ පපුව හිර වුන ගතියක් ඒක්ක මට දැන් මුලූ ලෝකෙම එපා වෙලා ගියා..

කරන්න දෙයක් නෑ ඒක එහෙන්මම තියෙද්දි මං ගෙදර ආවා. ඒ ආවම තමයි දැක්කේ මගේ phone එකට අම්බර ගෙන් call විස්සක් විතර ඇවිත් තියෙනවා. මට ආයේ ගන්න ඕනේ නෑ.. මං වැරැද්දක් කරන්නේ.. කරලා තියෙන්නෙත් ලොකු වැරැද්දක්... ආදරේ කරන දෙන්නෙක්ගේ මැද්දට පනලා ඒ සම්බන්ධේ කඩන්න තරම් මං කොච්චර කෲර වෙන්න ඕනෙද... එච්චරටම හිතක් පපුවක් නැති වෙන්න තරම්... හරි ඇත්ත.. මට හිතක් පපුවක් නෑ... මං හිතක් පපුවක් නැති රාක්ෂයෙක් වගේ...

මගේ ඔලුවේ බර වැඩි කමට කෑම මේසේ ගාවම මාව බිම ඉන්දුනා. දැන් මගේ ඔලුව පැලෙන්න වගේ...තමුසේ මොකෙද්ද සියුම්...? තමුසෙට හැගීම් දැනීම් නැති වෙන්න ගිය ආත්මෙත් ඔය වගේම පව්කාර වැඩක් කරලා ඇති.. තවත් එහෙම කරන්නද ඕනේ...?

*phone vibrates*

Screen එක පෙන්නුවේ ඒ අම්බර කියලා. මං answer කරා.

"සියූ..!! සියූ? Hello සියුම්?? අනේ කතා කරන්නකෝ!!"

අම්බර පුදුම කලබලෙන් කතා කරේ.

"hello.."

ඒත් මට දැන් කතා කරන්න තරම් පනක් නෑ..

"සියූ!! අනේ දෙවියනේ ඔයා කොහෙද ඉන්නේ!!?? මං කොච්චර calls ගත්තද සියූ?! ඇයි මෙච්චර මාව බය කරන්නේ ළමයෝ??"

"ඔයා ආයෙ මං ගැන හොයන්න කරදර වෙන්න එපා අම්බර.."

"මොකක්!!?? සියූ මොනාද මේ කියවන්නේ ඔයාට පිස්සු ද!??"

මට නිකන්ම හිනාවක් ආවා.

"ඔව් පිස්සු.. අමතක උනාද මං පිස්සෙක්..! මං මානසික ලෙඩෙක්..!"

" සියූ!! ඔය කතාව දැන්මම නවත්ත ගත්තේ නැත්තන් මං ඔයාට punish කරනවා!!! ඔයා මගේ යකා අවුස්සන්න යන්නේ!!"

"මං තව දුරටත් ඔයාගේ වහලා නෙමෙයි අම්බර... ඒ ගිවිසුම අපි ඉවර කරමු.. "

මගේ උගුර මාව හිර කරනවා.

"සියුම්!!! මොකද්ද වෙලා තියෙන්නේ?? ඔයා මට විහිලු කරනවද!!??"

"මට තවත් ඔය දෙන්නා මැද්දට එන්න ඕන කමක් නෑ.. ඒක නිසා please මට අනුකම්පා කරන එක නවත්තන්න අම්බර.. මට එන ආත්මෙවත් රොබෝ කෙනෙක් නොවි මනුස්සයෙක් වෙන්න ඕනේ.. ඒක නිසා please"

මං එහෙම කියලා call එක කට් කරා. කරලා එහෙන්මම දනහිසට ඔලුව තියා ගත්තා.

මොනාද මට මේ වෙන්නේ...? මට හැගීම් දැනීගෙන ආවා නේද? අනේ කෝ දැන් ඒවා.. ඒවා ආයේ මං ගාවට එන්නේ නැද්ද... දෙවියනේ මං ඔයාලගෙන් ඉල්ලපු දොස්තරට මට අයේ බෙහෙත් කරන්න වෙන්නේ නෑ... මං ආයේ හිස් මනුස්සයෙක් උනා..!

දෙවියෝ ඇයි මෙච්චර නපුරු? ඒ වැඩේ ගොඩක් නපුරුයි.. අවුරුදු ගානක් මං මට ලබා ගන්න බැරුව තිබ්බ දෙයක් දෙයියොම ගෙනත් මට දීලා දැන් එයාලම මගෙන් ඒක උදුර ගත්තා. දන්නවද ඒක ගොඩක් වේදනයි.. කෙනෙක් ආස දෙයක් එයාට දීලා ආයෙ ගන්න එක තරම් නපුරු දෙයක් මං දැකලා නැති තරම්.

"සියූ!!!!"

මගේ ඔලුව පුදුම වේගෙන් කෙලින් උනා. ඒ අම්බර! එයා මෙහෙ ඇවිත් නේද!!?

"සියූ මේ දොර අරින්න!!"

දොර කැඩෙන තරමට දොරට ගහන්නේ එයා තමයි..!

"අම්බර ඔයා යන්න...!!"

"සියූ!! ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ!! ඇයි මෙහෙම හැසිරෙන්නේ!!"

"මං කියන දේ අහලා ඔයා යන්න!! මං කැමති නෑ කාගෙවත් මැද්දට පනින්න!!"

"සියූ මං මේ දොර කඩනවා! මොනාද ඔය කියන්නේ!! කාගේ මැද්දට ඔයා එන්නේ??!!"

"ඔයා ගෙයි හසිතක ගේ මැද්දට"

"සියූ!!! අපි අතරේ ඔයා හිතන කිසි දෙයක් වෙලා නෑ හොඳ හිතින් මේ දොර අරින්න!!"

"මට බෑ!! ඔයා යන්න නැත්තන් මං පොලිස්සියට call කරනවා!"

මං වොදනාව උහුල ගන්න බැරි මගේ පපුව අල්ල ගත්තා... ඒක මාරම විදිහට රිදෙනවා.. මගේ උගුර.. මට හුස්ම ගන්න බෑ වගේ..

"ඔයාට මාව එච්චරටම කරදරයක් උනාද සියූ?"

"ඔයා නෙමෙයි මම යි ඔයාලට කරදරයක් උනේ... ඒක නිසා තවත් මෙතන ඉන්නේ නැතුව යන්න අම්බර!"

"සියූ please..."

"යන්න!"

පුවත් අල්ලගෙන මං දොර ලග බිම ඉදගත්තේ මට තවත් වැටෙන්න තැනක් නෑ... මටසදැන් දැනෙන්නේ මාව කිසිම දෙයක් නැති ලෝකෙක තනි උනා වගේ කියලා.. ඔව් මං ආයෙ තනි උනා තමයි..

"හරි සියෙ... මං යන්නම්... ඒත් මට මෙහෙම කරන්න එපා... Please... මට පිස්සු හැදෙයි.. ඇහුනද සියූ.. Please කතා කරන්නකෝ.. ආහ් සියූ.."

මං කිසිම සද්දයක් නොකර දොරට හේත්තු වෙලා අම්බර කියන දේවල් අහගෙන හිටියා.. එතනින් එහාට කරන්න දෙයක් මට දෑන් දැනෙන්නෙත් නෑ හිතෙන්නෙත් නෑ..

"සියුම් මගේ ළමයෝ කතා කරන්නකෝ.. අනේ.. මාව ඔයාට ඇහෙනවද..?"

මං කිසිම දෙයක් කිව්වේ නෑ... මට තාම මැවි මැවි පෙනුනේ අර photo එක.. ඒක මතක් වෙද්දි මගේ ඔලුව කැක්කුමත් වැඩි වෙන්න ගන්නවා..

"හරි සියූ.. හරි... ඔයාට වදයක් නම් මං යන්නම්... ඒත් මතක තියා ගන්න ඔයා මාව කොච්චර ඔයාගෙන් අයින් කරන්න ගියත්.. "

අම්බර ගේ කටහඩ වෙව්ලනවා...

"ඔයාට ඒක කරන්න බෑ සියූ..."










To be continued...

Continue Reading

You'll Also Like

81.3K 15.4K 82
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න ...
23.5K 5.3K 31
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
33.8K 4.4K 71
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
19.8K 2.8K 39
ඇත්තටම මට එයාව හම්බුනේ එදා සෙමෙට්‍රි එකේදි. මම ස්ට්‍රේට් කොල්ලෙක්, නිකන් ම නෙවෙ, මම කිසිම දෙයක කිසිම පාලනයක් නැති sex addicted ස්ට්‍රේට් කොල්ලෙක්. ඒ...