අපි පියවි ✓

By liversack

50.9K 9.1K 606

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

21 වන පරිච්ඡේදය

1.2K 232 13
By liversack


අම්බර මට blanket එක පෙරෙව්ව එකට නම් මං හිතින් දහස් වාරයක් පිං දුන්නා. නැත්තන් එයා අනිවාරෙන් මගේ අත් දිගේ පිපිගෙන එන හිරිගඩු දකිනවා.

"please මාව විශ්වාස කරන්න..."

ඒ කටහඩට මගේ මුලු ඇග පුරාම විදුලි කෙටුවා. දෙවියනේ මං අම්බර ගේ ඔච්චර බර කටහඩක් මීට කලින් අහලම නෑ... ඒත් ඇයි ඔයා හැමතිස්සෙම මට ඔයාව විශ්වාස කරන්න කියලා කියන්නේ..

ඒ කිව්වත් එයා ගේ අත මගේ ඔලුවෙන් අයින් උනේම නෑ. මං දන්නවා.. එයා දැන් මගේ පැත්තට හැරිලා ඉන්නේ. මට එයාගේ මූන බලන්න ආසයි.. ඒ උනාට දැන් බෑ.. මට නින්ද යන්නෙත් නෑ.. ඒත් ඇස් අරින්න බයයි.. අනේ මන්දා මට මොකද්ද වෙනවා.

ඒත් අම්බර ගේ ඇගිලි මගේ කොන්ඩේ අස්සෙන් යද්දි මාරම සනීපයි... ඒකට ඇත්තටම නින්ද යන්න එනවා.. ඒත් අත ගාන කෙනා නිසා ඒ නින්ද මගෙන් පැනලා දුවනවා...

***

"සියූ.."

ඒ කටහඩ ඇහුනේ මගේ කන ගාවින්මයි.

"ම්..."

"නැගිටින්න..."

"හ..හහහ අනේ තව ටිකක් ඉන්න දෙන්නකෝ අප්පා! ඔයත් හරියට අපේ මැඩම් වගේ"

මං නිදිමතේම එහෙම කියන ගමන් blanket එක ඔලුව වැහෙන්නම පොරව ගත්තා.

"මට කමක් නෑ... ඒත් මගේ අත දෙන්න... අද මට play කරගන්න බැරි උනොත් ඔයාට තමයි ඒකට වග කියන්න වෙන්නේ"

ඈ?

මං ඉක්මනට blanket එක ඔලුවෙන් අයින් කරේ ඔය කියන අත හොයන්න. මං මගේ අත් දෙක උස්සලා බැලුවා! එයාගේ අතක් බදාගෙන තියා අතේ මයිල් ගහක්වත් මං අල්ලන් නෑ!

"අනිත් පැත්ත බලන්න"

කිව්වා වගේ බෙල්ල හරවලා බලද්දි තමයි දැක්කේ මං ඔලුව තියන් ඉන්නේ අම්බර ගේ අත උඩ කියලා. දෙවියනේ මං දඩ බඩ ගාලා නැගිට්ටා.

"මං කොහොමද ඔයාගේ අතක් උඩට ආවේ?"

මං එහෙම අහද්දි අම්බර එයාගේ අත නවන ගමන් දන්නෑ කියන්න උරහිස ඇකිලුවා.

"දන්නේ නෑ"

එතකොට තමයි මට ඊයේ රෑ මතක් උනේ.

'please මාව විශ්වාස කරන්න..'

ඇයි ඔයි මට එහෙම කියන්නේ? මට ඔයාව ටිකක් විශ්වාසයි.. ටිකක් උනත් ඉතින් මම ඒ තරමට හරි විශ්වාස කරන්නේ ඔයාව විතරයි.

"ඇයි?"

අම්බර ඒ කතා කරද්දි තමයි මං හරි ලෝකෙට ආවේ. මං ඒ වෙනකල් ඉදලා තියෙන්නෙත් එයා දිහා බලාගෙන. අනේ මන්දා මට මොන එකක් වේගෙන එනවද කියලා...

"මුකුත් නෑ.."

"මුකුත් නැත්තන් ගිහින් wash එකක් දාගෙන එන්න.. ඔයාට අද යන්න ඕනේ නැද්ද? හැබෙයි දවල් උනොත් මට එන්න වෙන්නේ නෑ.. ඒ කියන්නේ ඔයාට ඇවිදින්න යන්න බැරි වෙයි සියූ"

හනේ මේ මනුස්සයා මගෙන් මේ මොන පලියද ගන්නේ!! උදේම wash දාන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි. ඒ උනාට මෙයත් එක්ක ඇවිදීන්න යන එක නම් හෙනම ගේමක් තමයි! කමක් නෑ මං අර කෝෂලී ගැනවත් හිතන්න ගන්න ඕනේ! නැත්තන් මේක හරි යන්නේ නෑ.

"ඉන්න අප්පා මේ යනවා!"

මං ඉක්මනට ඕන කරන ඒවත් අරන් bathroom එකට රිංගුවා. වෙලාවකට අම්බරත් නිකන් අපේ තාත්තා වගේ! බය කරගෙනමයි වැඩ ගන්නේ!

ඉතින් මේ ලෝකේ Hot water කියලා දෙයක් තියෙන්නේ මොකට ද? සීතල වුනොත් උනුවට ඇගට හලා ගන්නනේ. අම්බර කියන්නෙත් එහෙම රත් උන උණු වතුර බාල්දියක් නම් දැන් ඒ බාල්දිය හිස්... මොකද ඒකේ ඇතුලේ තිබ්බ උණු වතුර ටික දැන් මගේ ඇගේ! මොකද bathroom එකෙන් එලියට එද්දිම අම්බර මට ඒ බාල්දියයේ තියෙන වතුර එක ඇගට ගැහුවා.

ඇයි මට දැන් මෙයාව දැක්කම මුලු ඇගම රත් වේගෙන එන්නේ? එයා නිකන්ම violin එක ගගහා විතරයි ඉන්නේ එතනින් එහාට ඇවිත් මගේ අතක් වත් ඇල්ලුවේ නෑ! එයාගේ උඩ ඇදුම නැති එක ද? නැත්තන් ඒ හැම දේම එකතු වෙලා එයා ඔහොම play කරද්දි අම්බර මට මොකක් හරි මන්තරයක් වත් මතුරනවද?? නැත්තන් ඇයි මට කොල්ලෙක් වෙලත් මේ මනුස්සයව ඔහොම දකිද්දි මගේ පපුව එක පාරටම ගැහෙන්න ගන්නේ??

ඉතින් අම්බර violin එක play කරන අස්සේ මම හිමීට bathroom එකේ දොරත් වහගෙන එයාට නොදැනි එලියට ආවා.

"සියූ.."

මං කිව්වේ මී කන් තියෙන්නේ!

මම හොරෙන් හොරෙන් අඩිය තිය තිය බෑග් එක ගාවට යද්දි මට පිටිපස්ස හරවාගෙන හිටපු අම්බර එයාගේ playing නවත්තලා මට කතා කරා.

"ඇයි?"

"මේ notation එක අනිත් පැත්ත පෙරලන්න"

දැන් මං ඔයාගේ page turner උනාද ආහ්??!! හරි නෙ ඉතින් මං වහලා නේ! මං ඉක්මනට towel එකෙන් ඉස්සරහ තෙමුන කොන්ඩේ පිහදගෙන එතනට ගිහින් stand එකේ තියලා තිබ්බ notation එක පෙරලුවා. එතනට ගියත් ඇහැ කොනින්වත් එයා දිහා බලන්නෑ කියලා හිතා ගත්තා තමයි..

"මොකද ඔය ඔලුව තෙමිලා?"

"ආ?"

"මේ සීතලේ නෑවද?"

මං කොන්ඩේ අල්ලලා බැලුවා. කලින් පිහද ගත්තත් එක්ක! ටිකයි තෙමිලා තියෙන්නේ... ඔයා මොකද ඒකට කෑගහන්නේ!

"ටික- ආව්!!!"

මට කියන්න හම්බුනේ නෑ අම්බර violin bow එක අගින් මගේ ඔලුවට පාරක් දුන්නා. බොරු කියන්න ඕනේ නෑ ඒකට නම් තරු පේන්න රිදුනා. මං ඇහැකුත් වහගෙන ගහපු තැන අත ගාන්න ගත්තම එයා ගේ මූන අවුල් ගියා. ගහලා මොකද අවුල් ගන්නේ! නපුරු වහල් රජා!

"රිදුනද..."

"නෑ නෑ.. ඔයා වැඩේ කරන් යන්න"

මං ඔලුවත් අත ගගා යන්න තමයි හැරුනේ ඒත් මාව පැත්තට ඇදිලා ගියාම මං බේරුනේ අමාබරගේ ඇගේ එල්ලිලා.

"sorry... මං හයියෙන් ගහන්න හිතුවේ නෑ..."

ගහලා මෙන්න අතගානවා! ඊටත් ඒ මූන දකිද්දි මං පිපිරෙන්න වගේ.. මං මෙයා දිහා බලන්නෙත් නෑ කියලා හිතාගත්තට අන්තිමට මට එයගේ ඇගට ඇලෙන්නත් වුනා... මට කොහොමත් වෙන්නේ ඔහොම දේවල් තමයි.

"නෑ.. නෑ.. ඒක හරි දැන් ඔ.. ඔයා ඕක play කරන්න"

මං එයාගේ අතෙන් ගැලවෙන්න try කරන්න ගියත් අම්බර දුකෙන් වගේ මං දිහා බලන් හිටියා. ඇයි අප්පා ඔහොම...?

"ම්... ඉන්න මං wash එකක් දාලා එන්නම්..."

හ්ම්... මේක නම් එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි...! මං කිව්වේ එයා magic එකක් කියලා.. එයාට මට පිස්සු හදවන්න පුලුවන්. කොල්ලෙක් වෙලත් මට තියෙන ඇගම එයාගෙන් දකිද්දි මාව රත් වෙනවා... මට තියෙන කටම එයාට තිබිලා ඒ කටෙන් පිවෙන වචන වලට මගේ ඇගේ හිරිගඩු පිපෙනවා...

අනේ මන්දා මට කවදා මේක බේරුමක් කර ගන්න පුලුවන් වෙයිද කියලා.

ඉතින් අම්බර ආවට පස්සේ අපි උදේට කලා එහෙන්මම එලියට ආවා. අම්මෝ මට මේ පාර දිගට දුවන්න හිතුනා! උදේට මෙහෙ ඒ තරම් ලස්සනයි!! ඉතින් ආයේ දෙපාරක් හිතන්න ගියේ නෑ මං අත් දෙකත් විහිදගෙන ඉස්සරහට එන හුලං පාරත් කපාගෙන පාර දිගට දිව්වා. ඒත් අම්බර නම් සුපුරුදු විදිහට එයාගේ සන්සුන් ගමනෙන් අත් දෙකත් කෝට් එකේ ඔබාගෙන මට අඩි ගානක් පිටි පස්සෙන් ඇවිදගෙන ආවා.

"සියූ දුවන්න එපා පාරේ වාහන එනවා!"

මට ඇහුනා අම්බර කියනවා. මෙයාගේ දහ අට නීතිය! හැබෙයි ඇත්ත ඉතින් දුවපු විදිහට ඉස්සරහට වාහනයක් සෙට් වුනානම් එහෙන මං තලපයක් වෙලා ඉදි. මං ඉතින් කෝකටත් කියලා හිමීට බ්‍රේක් පාර ගහලා පාරේ පැත්තකට ආවම ඉක්මනට අම්බර මං ගාවට ආවා.

"මාත් එක්ක යන්න... පොඩි ළමයෙක් ඇවිදින්න එක්කන් ආවා වගේ"

මං ඉතින් තරවටු අම්බර ට කෙරෙව්වා. හැබෙයි එයා ඒකට මාත් එක්ක හිනා උනා. ඉතින් කලින් වගේම ඒ හිනාවටත් මාව හිරි වැටිලා ගියා.

මේක කරන්න බෑ මං ඉක්මනට ඉස්සරහ බලා ගත්තා නැත්තන් මාව ආයේ කලින් වගේ රතු වෙන්න ගත්තොත්!

කොහොම හරි අපි දිගටම පාර දිගේ පල්ලම් බැස්සා. අනේ පුදුම ලස්සනයි. අර මං කලින් කිව්වේ මේ පැත්තේ ගෙවල් උනත් හරි වෙනස් විදිහට හදලා තිබ්බේ. ඒවා මේ පැත්තට අමුතුම පෙනුමක් ගේනවා. එලියේ සීතලයි ඒත් දැන් මට තව ජැකට් එකකට වඩා ඕන වුනේ තව ඇස් ටිකක්. වටේ ලස්සන බලන්න මට මේ ඇස් දෙක මදි වගේ හිතෙනවා. ඇත්තටම මාව පුදුම විදිහට නිවෙනවා.. කවදාවත් දැනුනේ නැති විදිහේ හිත නිදහසෙන් පිරිලා යනවා.

ඔහොම ගිහින් අපි ආපු පාරේ අතර මග ටිකක් නතර වෙලා වට පිට බැලුවම මට පැත්තකින් උඩට යන පාරක් පෙනුනා. ඒ පාර දිගට උඩට ගිහාම ඈත කොනේ ඉර එලිය කන්දට වැටෙන වෙදිහ මීදුම නිසා ලස්සනට පේන්න ගන්නවා දැන් මට නිකන් බලන් ඉන්න බෑ.

"අනේ අනේ අපි මේ පාරෙන් යමූ අනේ~~~"

මං උඩ පැන පැන අම්බර ගේ අතින් අදිද්දි එයා හා කියන් යාන්තමට හිනා වෙන ගමන් ඔලුව වැනුවා. හරි ෂෝයි.

"Yeee~~~"

මම ඉතින් අම්බර වත් ඇදගෙන ආයේ ඒ පාරෙන් කන්ද නගින්න ගත්තා. ඒ පාරෙන් අර මං කිව්ව තැනට යන්න මහ ලොකු දුරක් නෑ. ඒක නිසා වැඩි වෙලාවක් යන්න කලින් අපි එතනට ආවා.

"Wooow!!"

උදේට වැටෙන තැඹිලි පාට ඉර එලිය ඇවිත් අපි දෙන්නගෙම ඇග උඩට වැටුනාම මරු.. මෙතන ඉදන් ඈත බලද්දි ඈතින් ඈතින් තියෙන කදු පේලි ඔක්කොම වගේ පේන්න ගන්නවා. කොහොමත් පාරේ වැඩිය මිනිස්සුත් නෑ. ෂෝයි ඉතින් වටේට එහෙන් මෙහෙන් ඇහෙන කුරුල්ලන්ගේ සද්ද විතරයි.

"යං ඉස්සරහට"

අන්තිමට මං අම්බර ගේ අතින් ඇදගෙන යන්න පිටි පස්ස බලද්දි එයා ඇස් දෙකත් හීනි කරගෙන ඈත බලාගෙන හිටියා. අර තැඹිලි පාට ඉර එලිය එයාගේ මූන උඩට වැටිලා තියෙද්දි මට හරි අමුතු විදිහේ ග්‍රීක දෙවි කෙනෙක් මැවිලා පේන්න ගත්තා. ඒ වගේ අයට තමයි ඔහොම පෙනුමක් තියෙන්නේ.

සියුම්!!! තමුසේ මොනාද මේ හිතන්නේ!!

"යමු.."

පස්සේ අම්බර මගේ හීන ලෝකේ බිදගෙන මගේ අත අල්ල ගත්තම ඔන්න ආයේ මගේ පපුව කෑගහන්න පටන් ගත්තා.

"සියූ..?"

"ආ!? ආ.. යමු"

දැක්කනේ මං ඉක්මනට සිහියට ආවා. ඒත් අනේ දෙවියනේ මට මොනාද මේ වෙන්නේ!! පුලුවන් තරම් ඉක්මනට අඩිය තියලා ඉස්සරහට යන්න යද්දි ලොකු හුගක් එක්ක මාරම සීතලක් ඇගට ආවේ. ඕක මොකද්ද ඉතින් ඒ මේ පැත්තේ හැටි නේ.

කොහොම හරි අපි ඉස්සරහට යද්දි ඈතින් ලස්සන bus halt එකක් පේන්න ගත්තා.. ඇ මෙහෙ bus යනවද? දන්නවද දෙයක් bus ගියත් මොකෝ මේ පාරවල් මාරම clean! එක කොල කෑල්ලක් නෑ. දැන් මට එතනට යන්න ආසයි. ඒත්...

"සියූ.. මීදුමක් එන්න යන්නේ"

ම්... අර ආපු හුලගත් එක්ක දඩි මීදුම් වලාවක් අපි හිටපු පැත්තට ගහගෙන ආවා. හනේ!! හොඳම හරියෙනේ මේ මීදුමත් මට සෙට් වෙන්නේ!!

"ඒක තමයි"

මං මූනත් බෙරි කරගෙන කියද්දි අම්බර වටේට බැලුවා.

"අපි අතනට යමු"

කොහේ? එහෙම අහන්නත් කලින් අම්බර මාවත් ඇදගෙන bus halt එක පැත්තට දුවන් ගියා. හනේ ඔයාට දුවන්න පුලුවන්ද? මං දැන්නේ දන්නේ!

ඉතින් අපි bus halt එකට ආපු ගමන්ම මීදුම ඇවිත් පලාතම වහගත්තේ පේන මානෙක හොල්මනක් වත් පේන්නේ නැති වෙන ගානට! එච්චරටම ඝන මීදුම. හරිනේ ඉතින් දැන් ගල් වෙන්න තියෙන්නේ!

ඉතින් මීදුමත් එක්ක බෝනස් විදිහට මට හොඳ සීතලකුත් සෙට් උනා. සීතලට ජොලි ගිහින් මාව දැන් කට කට ගාලා වෙව්ලන වා.

"සියූ? ඔයාට සීතල ද?"

"ඔයාට මාව දියවෙනවා වගේ පේනවද අප්පා! මාව වෙව්ලනවා පේන්නේ නැද්ද"

මං අත් දෙකත් බැදගෙන මම ඇදන් හිටපු ජැකට් එකේ තව රස්නේ හෙව්වා. අපරාදේ මට තව එකක් ඇදන් එන්න තිබ්බේ.

අම්බර නම් bus halt එකේ තිබ්බ bench එකේ ඉද ගත්තා. මට නම් කකුලක්වත් හොලවන්න බැරි විදිහට හිරිවැටිලා ඉන්නේ.

"සියූ මෙහෙ එන්න"

මං අත් දෙක එකට අතුල්ල අතුල්ල ඉද්දි අම්බර ගේ කටහඩ මගෙ පිටිපස්සෙන් ඇහුන නිසා මං පිටිපස්ස බැලුවේ..

"අම්මෝ මට නම් බෑ ඔය bench එකේ ඉද ගන්න ඕක තවත් සීතල ඇති!"

එයාට නම් මොකෝ එයාට සීතව දැනෙන්නේ නෑ කියලා මං දැනගත්තේ ඊයේ රෑ!

"මෙහෙ එන්න!"

මුකුත් කරන්න කලින් අම්බර මාව එයා ගාවට ඇදගෙන එයාගේ කකුලක් උඩින් ඉන්දවගත්තා. දැන් මට වෙන දේ මහ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..!

"තව ටිකක් ලගට එන්න... ඔයාට සීතව අල්ලයි"

තව ටිකක්? තව ටිකක් ආවොත් මාව දියවෙලා යයි! ඒ නිසා මං තව ටිකක් එහාට යද්දි අම්බර මාව බලෙන්ම වගේ එයාට තද කරගත්තා. දෙවියනේ... දැන් සීතල කැලේ!

ඊට පස්සේ එයා.. එයා ඇදන් හිටපු දිග ජැකට් එක එයා ඇදන් ඉද්දිම මගේ වගේට දාලා මාව cover කරගත්තම හරි... දැන් මං රත් වෙනවා... ආයේ අමුතුවෙන් ගිනිමැල ඕනේ නෑ..

සියුමා තමුසේ වැරදිලාවත් එයාගේ මූන බලන්න එපා!! නැත්තන්...

"සියූ."

"ආ?"

හරි! බෑනේ කරන්න.. මං ඔලුව පහලට කරගෙනම ඇයි කියලා හැහුවේ ඒත්,

"මං දිහා බලන්න.."

God...

"මට හැරෙන්න බෑ... ඇයි?"

මං එහෙම කියලා එයාගේ මූන මග අරින්න හදනකොට අම්බර අතකින් මගේ කන්මුලක් අල්ලන් එයාගේ පැත්තට හරව ගත්තා. ඇයි මට මෙහෙම වෙන්නේ?

"ඔයා නිල් වෙන්න යන්නේ"

"න්..නෑ..."

"නැත්තේ මොකද බලන්නකෝ.. මගේ වහලා නිල් උනොත් මං කාට කියන්නද"

අම්බර මගේ ඇස් වලට එබිලා කියවන ගමන් අනිත් අතත් ගෙනත් මගේ කන්මුල් දෙකම අල්ල ගත්තා... එයාගේ කටහඩ අමුතුයි.. එයාගේ අත් රස්නෙයි.. එයා ඊටත් වඩා රස්නෙයි.. මගේ පපුව දැන් ගැහිලම රත් වෙලා දිය වෙන්න පටන් අරන්.. මේක හරිම අව නඩුවක්.

ඉතින් මං ගල් ගිලලා වගේ එයාගේ මූන දිහා බලන් හිටියේ පිස්සු වගේ. සීතලටද නැත්තන් මොනාටද කියන්න බෑ මේ වැඩේ නිසා දැන් මගේ සමහර දේවල් ඇහැරෙනවා.

ඉතින් මං හිතින් මේ මීදුම ඉක්මනට ගහගෙන යන්න කියලා දෙවියන්ට කෑගගහා කිව්වා. කොච්චර හයියෙන් කෑගැහුව ද කිව්වොත් මට බය හිතුනා ඒක Kellen ට ඇහෙයි කියලත්.. ඇහුනත් මොකෝ මෙතන මට මගේ නම්බුව පවා දෙන්න බෑ.

ඉතින් මගේ කෑගැහිල්ල ඇහිලද කොහෙද මීදුම ඉක්මනට මෙතනින් ගහගෙන ගියා. ඒ ගියාට පස්සේ අපි ඉක්මනට hotel එකට ආවා මොකද මට නිදහසේ හුස්ම ගන්න ඕනේ.. මොකද මට දැනෙනවා මගේ උගුර හරියෙන් හිර වේගෙන එනවා.

ඒ ඇවිත් ඉතින් අම්බර එයාගේ violin එකත් අරන් ආයේ Practice වලට ගියා. පස්සේ කන්න දෙයක් නැති එකේ මං දවල් මගේ sketch book එකත් අරන් මගේ project එකේ sketch ටිකක් අදින්න ගත්තා. ඒ ඉද්දි දන්නෙම නැතුව දවලුත් වෙලා. Sketch එකට තිබ්බ මගේ අවදානේ අන්තිමට නැති උනේ අම්බර ඇවිත් මගේ එහා පැත්තෙන් හිට ගනිද්දි.

"මේක ගන්න සියූ මට මහන්සියි"

පුටුවෙන් නැගිටින්න ත් කලින් අම්බර එයාගේ violin case එක මට දීලා room එකට යන්න ගත්තා. මාත් ඉතින් sketch book එකත් වහලා ඒකත් අරන් එයාගේ පිටි පස්සෙන් කාමරේ ලගට ගිහාම අම්බර මට ඇතුලට එන්න දොර අල්ලන් බලන් හිටියා. ඒත් මගේ පිටි පස්සෙන් ඇහුන සද්දෙකට දොර ලගදි මාව ටිකක් නතර වුනා.

"අහස්?"





To be continued...

Continue Reading

You'll Also Like

23.5K 5.3K 31
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;
25.9K 4.6K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
19.8K 2.8K 39
ඇත්තටම මට එයාව හම්බුනේ එදා සෙමෙට්‍රි එකේදි. මම ස්ට්‍රේට් කොල්ලෙක්, නිකන් ම නෙවෙ, මම කිසිම දෙයක කිසිම පාලනයක් නැති sex addicted ස්ට්‍රේට් කොල්ලෙක්. ඒ...
33.8K 4.4K 71
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව