අපි පියවි ✓

By liversack

118K 15.2K 1K

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

20 වන පරිච්ඡේදය

2.7K 410 11
By liversack


"පණ්ඩිත කතා කියවන්නේ නැතුව ඔහොම ඉන්න! හරියට වතුර එකක්වත් ඉස්මොල්ලේ යවාගන්නේ නැතුව බොන්න බෑ බබා"

අම්බර පිහිනවා මදිවට මං ගාවට ලං වෙලා තව මගේ මූනත් අල්ල ගත්තා! ඇයි මට ම මෙහේම වෙන්නේ?? මාව නිකන් රත් වෙනවා වගේ දැනෙනවා අප්පා!!

"මොකෝ මේ රතු වෙලා..."

හනේයි!! මට දැන් අර දොර කඩාගෙන එලියට දුවන්න ඕනේ!! මොන එහෙකට ද ඔහේ මාව මේ කාමරේක තියාගත්තේ ආහ්?!?? බලනවා දැන් වස ලැජ්ජාවනේ!!?? දැන් මට ලැජ්ජවෙන්නත් වෙලා!! මොන ලෝකෙද මනුස්සයෝ ඔහේ මෙහෙ පාත් උනේ??

"ම.. මං රතු වෙලා නෑ!"

ඒ මදිවට ගොත ගහනවත් එක්ක!

"නැත්තේ මොකද..."

අසූවට විතර රත්වෙලා ඉන්න අස්සේ අම්බර මගේ කන්මුලකට එයාගේ එක අතක පිට අල්ල ගෙනත් තිබ්බා. මං දිහා මට මෙහෙම කරපු දෙයියොම බලාපිය! මගේ පපුව ගැහෙන වේගේ වැඩි වෙලා ඇගේ හිරිගඩු පිපෙන්න ගත්තා...

ඉතින් අත තිබ්බ ගමන් අම්බර ගේ කට කොනක් උඩට ඇදෙන්න ගත්තා... හරි! එයාට මං රත් වෙලා ඉන්නේ කියලා තේරෙන්න ඇති!!! ඔහොම හිනා වෙන්න එපා මට දැන් පොළව පලාගෙන යන්න හිතෙනවා!

"ඔයාට උණ ගැනෙන්න යනවද කොහෙද සියූ.."

අම්බල ඒක කිව්වේ කින්ඩියට නොවුනට මං දන්නව දැන් ඔයා හිතන දේ!!

"න්.. නෑ! ගිහින් ඇදුමක් දාගන්න නැත්තන් ඔයාට තමයි උණ ගැනෙන්නේ! එහෙම උනොත් ඔන්න මං නම් නෑ!"

"එහෙමද? මට උණ ගැනෙයි ද? ඉන්න බලන්න"

අම්බර!!!!!!!

ඇයි මේ මිනිහට අගලක්වත් පස්සට යන්න බැරි! ඒ මදිවට දැන් එයා එයාගේ උණ බලන්නත් පටන් ගත්තා! හනේ දෙවියනේ!

"ම්හ්! මට නම් රස්නයක් තේරෙන්නේ නෑ..! සමහරවිට මං නාපු නිසා වෙන්න ඇති! සියූ බලන්න ටිකක් මට උන ද කියලා"

මොකක්?? මං මෙතනින් පැනලා දුවන්න හදද්දි අම්බර මගේ අතක් අරන් එයාගේ කන්මුලකින් තියාගත්තා! හනේ දෙවියනේ මාව මරපිය!

මෙතනින් පැනගන්න මං හිතෙන් කෑගහන අස්සේ දැන් මං මේ දකින අම්බර ගේ බැල්මට මගේ හිතත් ගොලු කරා. ඒත් හදවත තාම දාහට විතර ගැහෙනවා මට ඇහෙනවා.. මේ මොකද්ද වෙන්නේ ම. මට මෙහෙම දේවල් කලින් දැනිලත් නෑ..

ඒත්.. ඒ ටික වෙලාවට එයාගේ මූනේ හැගීම් වෙනස් වෙන විදිහ මං බලන් හිටියේ ගොලු කසාය බීලා වගේ.

"ඔයාට උණ නෑ.."

ඉවසන් ඉන්න බැරිම තැන මං එහෙම කියලා මගේ අත එයාගෙන් ඇද්දත් එයා මගේ අතට යන්න දුන්නේ නෑ. ඒ වෙනුවට එයා කරේ මගේ අත එයාගේ කන්මුලට තව තද කරගෙන ඇස් දෙක පියා ගත්ත එක විතරයි.

"අම්බර.."

"මට මෙහෙම ඉන්න දෙන්න.."

"ඇයි?"

"ඔයාගේ අත රස්නෙයි සියූ.. මං ඒකට කැමතියි"

මට මුකුත් කියන්න කිසිම දෙයක් කටට ආවේ නෑ. මොකද එයාගේ ඒ වචන ටිකයි.. ඒ වචන ටික කියපු විදිහයි මාව ආයෙත් ගොලුවෙක් කරා. අනේ මට ඔහොම කරන එක නවත්තන්න අම්බර.. ඔයා නිසා මට දැන් පිස්සු හැදෙන්න යන්නේ.. මට අර දැනෙන මහ අමුතූ හැගීම ඒක මාව පිස්සෙක් කරන්න යන්නේ..

"ම්... යමු කන්න.. මට බඩගිනි මෙහෙ සීතලට ඉක්මනට බඩගිනි හැදෙනවා"

අන්තිමේදි එයා මගේ අතට යන්න දුන්න එකෙන් මට දැනුනේ මාව උණු වෙවී ඉඳලා එක පාරටම වතුර පාරක් ගැහුවා වගේ.

ඇත්තටම සීතලයි තමයි. මට ඒක හොඳටම තේරුනේ අපි හිටපු කාමරෙන් එලියට ආපුවම. දැන් නම් ටිකක් හවස් වෙලා. ආ! මට කියන්න බැරි උන්නේ! දන්නවද මෙහෙ මාරම ලස්සනයි!! පුදුම තරම් ලස්සනයි! මේ hotel එක තියෙන්නේ කන්දක් මුදුනට වෙන්න වගේ. ඉතින් එලියට ඇවිත් බැලුවම ඈත පෙනෙද්දි නිකන් දිව්‍යලෝකේ දැක්කා වගේ. කන්ද පහල ගම ඒ ගමට යනකල් වංගු තියෙන පාරවල් දෙපැත්තේ තියෙන එක එක විදිහේ ගෙවල්.. ඒවා දැක්කම මට චිත්‍ර කතා මතක් වෙනවා. පුදුම ලස්සනයි! මට ඇවිදින්න යන්න හිතෙනවා.

"අනේ මට ටිකක් ඇවිදලා එන්න පුලුවන් ද?"

නැත්තන් බෑනේ ලොක්කගෙන් අවසර ගන්න එපැයි! ඒ නිසා මට තියෙන අහිංසකම මූන දාලා මං අම්බරගෙන් ඇහුවා.

"බෑ!"

හෑ~~~?!! නපුරා!!

"ඇයි??"

"තව ටිකකින් රෑ වෙනවා"

"අනේ~~~"

"නෑ!"

"මොකද්ද අප්පා! නපුරු වහල් රජා!"

මං එහෙම කියද්දි අම්බර මං දිහාවට හිස් බැල්මක් මං කිව්වේ! මට ඔරවන්නේ නෑ..

"හෙට උදේට..."

"හා!! එහෙනම් මං හෙට උදේට යනවා හරිද?"

"නෑ.."

හනේ!!!!

"ඇයි???"

"මාත් එක්ක යන්නේ එච්චරයි"

හපෝ මෙයත් එක්ක ද දැන් මට යන්න වෙන්නේ?? හුම්! කමක් නෑ කොහොම හරි යන්න හම්බවෙනවනේ!

"ම්..."

මං එහෙම කියාගෙන යන්න හැරුනා. අපි කාලා ඉවර වෙද්දිත් ටිකක් කලුවර වෙන්න ගත්තා අනේ මගේ Linkingduck කෑවද දන්නෑ! එයා අර ගොං තඩි විස්කියා එක්ක මරා ගන්නවද දන්නෑ!! අපි එද්දි ඒ දෙන්නව pet care එකකට දීලා ආවේ. මගේ කොල්ලනම් ඉතින් දාහකින්වත් හොයා ගන්න බැරි දියමන්ති කැටයක්! ඒකට අර කලු බෝලේ! හුම්!

"සියූ.."

"ම්...?"

අපි කාමරේට ආපු ගමන් අම්බර එයාගේ violin case එක අතට ගත්තා.

"මං දැන් යනවා.. අපේ practice round එකක් යනවා හරිද.. එද්දි වෙලාවක් කියන්න බෑ"

"හරි"

ලොකු දෙයක්! මට නිදහසේ ඉන්න පුලුවන්. නැත්තන් මෙයා ඉද්දි මගේ මුලු ඇගම දුම් දාන කම්මල වගේ වෙනවා!

"වැඩිය කොහෙවත් ඇවිදින්න යන්න එපා.. අතරමන් වෙයි.. නිකන් බොරුවට ඇහැරන් ඉන්නේ නැතුව නිදා ගන්න"

අම්බර එයාගේ සුපුරුදු සන්සුන් කටහඩෙන් කියාගෙන ගියා. ඔයා හිතන්නේ මං පොඩි ළමයෙක් කියලද දෙවියනේ මට තේරෙනවා.

"හරි මං පොඩි එකෙක් නෙමෙයි!"

"මං කියන දේ අහන්න ඔයා පොඩි ළමයෙක් වෙන්න ඕනේ නෑ"

මොනා කරන්නද මං කට වහගෙන එයා දිහා බලන් හිටියා.

"මං ගිහින් එන්නම්... "

මං හිටපු විදිහටම බලන් ඉද්දි අම්බර දොරත් වහගෙන එලියට ගියා. හූෆ්! මං ලොකු හුස්මක් පහලට දාන ගමන් ඇදට පැන්නා.

මෙහෙම ගියොත් නම් මං පොඩි ළමයෙක් නෙමෙයි ඇහැට පේන්නේ නැති අංශුවක් වෙලා නවති. පස්සේ මටත් අර රෝස පාට කූරු කූරු මල ඇතුලේ ඉන්න සෙට් එකෙන් එකෙක් වෙන්න වෙයි.

"අම්බර.. අම්බර.. නිලම්බර...."

මං සීලිම දිහා බලාගෙන තනියම මුමුනන්න ගත්තා. ඒත් පොඩ්ඩ වෙලාවයි ඔය ඉද්දි මගේ ෆෝන් එක එකපාරටම බෙරිහන් දෙන්න පටන් ගත්තා ඒ පාර කවුද? ආ! අපේ බූරු පුතානෝ. හොඳයි ගත්ත එකත් මට කරන්න දෙයක් නැතුව හිටියේ! හැබෙයි දැන්නම් මුගෙන් call එකක් එද්දිත් බයයි බයයි වගේ.

"මොකෝ?"

"හායි සියුමෝ!!! උබ කොහෙද ඉන්නේ?"

ඔන්න එනවා ඉතින් ගෑනි වගේ නැලවෙන්න! ඔහොම එනවා කියන්නේ ඉතින් මොකක්ම හරි ගිනි ගෙඩියක් තමයි!

"මං දැන් ඉන්නේ... Hotel room එකක"

"ඈ~~~~!!! උබ මොනාද hotel room එකක කරන්නේ!!?? උබව කවුරු හරි බලෙන් අල්ලන් ආවද යකෝ කෝ අම්බර?? උබව මොකෙක් හරි ඇදන් යනකල් ඌ කට බලියන් බලන් හිටියද??? "

මං ෆෝන් එක මගේ කනේ ඉදන් යාරයක් එහාට ඈත් කරා.. හැකර කට!

"නෑ යකෝ! මං ඉන්නේ එයත් එක්ක"

" මොකක!! උබ එයත් එක්ක room එකක මොකද්ද කරන්නේ යකෝ?!! ඌ වහල් සේවේ කියලා උබෙන් - "

"මොනාද හරක් පැටියෝ කියවන්නේ නවත්තපන් ඔය බෙරිහන් දීම හරකා!"

මූට නම් පිස්සු!

"උබ මොකද්ද ඌත් එක්ක කාමරේක කරන්නේ!"

"හයියෝ!! අපි ආවා එයාගේ concert එකකට ගොනෝ! අපි නැවතිලා ඉන්නේ hotel එකක"

"දැන් කෝ අම්බර?"

"එයා ගියා practice කරන්න. දැන් උබ ඇයි මට කතා කරේ?"

ඒක කියන්නේ නැතුව මෙතන බයිලා ගහනවා!

"ආ... මේ බං කෝෂලි උබව හොයනවා"

"මොකක්? ඒ ඇයි?"

" ඒ ඇයි අහන්නේ! මම ද ඒකිත් එක්ක date කරේ! එයා අහනවා උබට කොහොමද කියලා.. ආ ඒක කියද්දි මතක් උනේ ඇත්තද අන්තිමට ඔය දෙන්නගේ මැද්දට අම්බර ආවා කියන්නේ?"

කෝෂලි ඒ ටිකට ඒක මූට කියලද!?

"එහෙම මැද්දට ආවේ නෑ..."

"එහෙනම් අර කියන්නේ! අන්න ඒකි අම්බර ට තියාගෙන දෙහි කපනවා!"

"හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑනේ! දැන් මොකද්ද මගෙන් වෙන්න ඕනේ?"

"වෙන්න කියන්නේ ඉතින් එයා උබට කැමතියි කියනවා! දැන් ඉතින් වැඩේ ගොඩනේ! උබෙත් අකමැත්තක් නෑනේ?"

මට කියන්න කිසි දෙයක් ඔලුවට ආවේ නෑ. මං එයාට කැමති ද? කැමති උනොත් නම් හැබෙයි මගේ project එකත් ගොඩ... ඒත්... ඇයි දැන් මට අම්බර ව මතක් වෙන්නේ!!!???

"කෝ උබ?"

"ආ...? ආහ්! ම්.. මං... මට.. බං මට තාම එහෙම එයා ගැන කැමැත්තක් හිතුනේ නෑනේ... "

"සිරාවට! හරි හරි එහෙනම්.. ඒ උනාට උබ එයාව අත අරින්නේ නැතුව තියන් ඉන්න ඉතින් කැමැත්තක් හිතුනොත් එහෙම"

හ්ම්...

"ම්.. හරි බලමු බං.."

මගේ mood එක එක පාරටම අවුල් ගියා. කිරුළ ගේ call එක කට් කරලා මං ෆෝන් එකත් පැත්තකට විසික් කරලා කොට්ටෙට මූන ඔබා ගත්තේ මගේ හිත නිකන් බරයි වගේ දැනෙනවා... මොන එහෙකට ද ඒ වෙලාවේ මට අම්බර ව මතක් උනේ? මේක නම් හොඳ දෙයක් නෙමෙයි පුතෝ... ඒ උනාට.... මොනා නැතත් මට පිලි ගන්න වෙන එක දෙයක් තියෙනවා.

ඔය එක කෙල්ලෙක්ට වත් බැරි උන දේ අම්බර කරා..

මං මොකද්ද කියලා කියන්න කැමති නෑ මට ඒක පිලි ගන්න බෑ! මට හෑගීම් නෑ! හැබෙයි දැන් නෑ කියන්නත් බෑ... තියෙනවා කියන්නත් බෑ.. අනේ මට පිස්සු වගේ!!

අනේ මේ මල විකාර හිතන එක පැත්තකින් තියලා මං ඇස් දෙක තද කරලා පියා ගත්තා. මට එතකොට පේන්නෙත් අම්බර ගේ මූන! අනේ මට පිස්සුද දෙවියනේ?? කියන්නකෝ!

ඒ බැරිම තැන මං බෑග් එකේ ඔබාගෙන ආව පොතක් ඇදලා ගත්තා කියවන්න. මං පොත් කියවන කෙනෙක් නෙමෙයි ඒත් දැන් මං ඒකත් බලෙන්ම හරි කරනවා.. එතකොටවත් මගේ ඔලුව මේ විකාරවලින් අයින් වෙයිනේ.

එහෙමයි කියලා මං ගෙනාවේ මේ ලෝකේ මම කියවන්න ආසම නැති කම්මැලිකම පොත! ඕකෙන් පේලියක් දෙකක් කියවද්දි මට sleeping beauty අක්කාගේ ආශිර්වාදේ ලැබෙනවා. ඒක නිසාද කොහෙද මට එහෙන්මම නින්ද ගිහින්.

හැබෙයි සාමකාමි නින්දක ඉද්දි මට රෑ මැද්දේ ඇහැරුනා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි මං ඉන්න room එකේ දොර හැරුනා නිසා. ඒ අම්බර ද? මං ඇහැක්වත් ඇරලා බලන්න ගියේ නෑ. එක ඇගිල්ලක්වත් හෙලෙව්වෙ නෑ. මං දන්නවා දැන් නැගිට්ටොත් මගේ නිදි මත ආයෙ හොයා ගන්න පොලිස් බල්ලෝ දාන්න වෙනවා. ඒක නිසා මං මෙහෙන්ම ම හිටියා. මම කොහොම ඉන්නවද දන්නෑ.

ඔව් ඉතින් යතුර තියෙන්නේ එයා ලගනේ.. ඉතින් අම්බර හ්ම් සද්දයක් කරේ නෑ. එයා මේ මහ රෑ wash දානවද?? ඈ?? මී හරක් මස් කාලද දෙවියනේ ඉන්නේ? මට කමක් නෑ! මං නිදි!

නිදි කිව්වට නිදි නෑ අප්පා... එයා bathroom එකේ දොර අරිද්දි ආයේ මට ඇහැරුනා. මං පොඩි පොඩි සද්ද වලට ගොඩක් sensitive. එයාගේ හොඳ කියන්නේ අම්බර මේ කාමරේ light එකවත් දැම්මේ නෑ...

ඒ හරි කියලත් මං ආයේ නිදා ගන්නම් කියලා හිත හදා ගනිද්දි අම්බර ගේ සුවද මට ලගින්ම දැනෙනකොට ඉතින්.. ආයේ හරි.. ඒත් මේ එයාගේ සුවද ද? මොනා නැතත් ඒක එයාටම ගැලපෙනවා..

ඇගිල්ලක් වත් හොලවන්න නැතුව ඉද්දි මට දැනුනා අම්බර මගේ එහා පැත්තේ තිබ්බ පොත අරගන්නවා. පස්සේ මට blanket එකත් පෙරෙව්වා... අනේ ඇයි ඔයා ඔහොම... මට හරි අමුතුයි අප්පා! හ්ම්.. දැන් වත් නිදා ගන්නකෝ.. මට ඔහොම සලකන්න එපා..!

ඒත් එයා මගේ එහා පැත්තෙන් මලුව තියා ගන්නවා දැනෙනකොට මේ හොඳට ඉන්න මගේ හිත ගැස්සෙනවා. ඒත් ඊට වඩා මගේ හිත ගැස්සුනේ එයාගේ අතක් ඇවිත් මගේ ඔලුව අත ගාද්දි...

"සියූ..."







To be continued...

Continue Reading

You'll Also Like

90.6K 15.6K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
287K 29.6K 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
425K 59.4K 58
Non fictional BL වසන්තය ලඟ නතර වුන පියුම...
65.1K 4.9K 20
Gayဆိုအရမ်းမုန်းတဲ့ကျောင်းရဲ့Kingဖြစ်တဲ့အပြင်ခပ်ဆိုးဆိုးကျောင်းသားလည်းဖြစ်တဲ့Jin Gayတစ်ယောက်ဖြစ်ပြီးးးကျောင်းရဲ့အနိုင်ကျင်ခံလူသားလေးYoongi yoongi "ကိ...