අපි පියවි ✓

By liversack

50.8K 9.1K 605

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

19 වන පරිච්ඡේදය

1.2K 249 9
By liversack





"යන්න? ඇයි ඒ?"

මට මුකුත් හිතා ගන්න බැරි තැන ඒ අහගෙන මං අම්බර ලගට ගියා. ඒ ගිහාම එයා මට ඒ envelop එක දික්කරා.

"මේ season එකට තියෙන concert එක.."

Seriously!!

"කොහෙද තියෙන්නේ?"

මං envelope එක හරව හරව බලන ගමන් අම්බර ගෙන් ඇහුවේ මාර ආසාවෙන්. ඒක තමයි මෙයා හෙන කාලයක් රෑ වෙනකල් පේන්න හිටියේ නැත්තේ!

"මේ සැරේ ඒක තියෙන්නේ ටිකක් විතර ඇතුලට කිට්ටු වෙන්න.. වෙනසකටත් එක්ක.. එහෙ අයත් music වලට ආසයි නේ"

අඩේ! ඇත්තටම මං කලින් live orchestra එකක් බලලම නෑ!

"ඉතින් මං එන්න ඕනෙද?"

දන්නැද්ද ඉතින් ඇහුවා.

"මගේ වහලා ඉන්න ඕනේ මාත් එක්ක! මං යන යන තැන එයත් යනවා... තේරුනද සියූ?"

මං එහෙම ඇහුවා විතරයි අම්බර මාව මේසේ ලගට හිර කරගෙන මගේ මූනට එබුනා..! දෙවියනේ මගේ පපුව! මට නිකන්ම කෙල ගිලුනා. හරිනේ මගේ පපුව දැන් violin ගහනවා!

"හ.. හහරි! දැන් අයින් වෙන්න..!"

මං ගොත ගගහාම අම්බර ව මගෙන් ඈත් කරන්න දැගලුවත් එයා පොඩ්ඩක්වත් හෙලවුනේ නෑ. ඒ වෙනූවට මගේ ඉන තද කරලා අල්ල ගත්තා මිසක්.. දැන් ඒකට හරි යන්න එයාගේ බැල්ම.. මට ආයේ පන නෑ වගේ..

"ඔයා මාව විශ්වාස කරනවද සියූ?"

ආයෙත්...

"ම්..?"

මං මොනාද කියන්නේ කියලා හිතාගන්න බැරුව ඉද්දි එයා ආයෙත් මගෙන් ඉගි කරලා ඇහුවා.

"ටිකක්..."

ඕක තමයි මගේ කටින් අන්තිමට පැන්නේ. ඒ වචනෙට මාවත් පුදුම කරන ගමන් අම්බර ගේ මූනේ හිනාවක් ඇදුනා..

"ඇයි?"

"නෑ... මට ඒ ටික ඇති... ඒත් ඔයා මගෙන් එහාට වෙන කිසි කෙනෙක්ව එහෙමවත් විශ්වාස කන්න යන්න එපා සියූ.. මේක අනක්!"

අම්බර ඒක කිව්ව විදිහට මගේ ඇගේ හිරිගඩුත් පිපුනා.

"තේරුනා ද?"

ඉතින් එයා මගේ ඇස් වලට එබීගෙන අහද්දි මටත් නොදැනි මගේ ඔලුව වැනුනා.

"ම්... Good! නැත්තන් ඔයාට මගෙන් punishment කන්න වෙයි... දැන් ගිහින් කන්න.. කලා නිදා ගන්න හෙට උදේට මගේ අංකල් එනවා.. දවස් දෙකකට හරි යන්න ලෑස්ති වෙන්න.."

අන්තිමට අම්බර ඒ කියන ගමන් මගෙන් අයින් උනා. ඒ කියන්නේ මට දැන් අම්බර වේරලියද්ද ඉන්න live concert එකක් බලන්න පුලුවන් වෙනවා කියන එකද? ඕ......! කමක් නෑ වහලා උන එකෙත් වාසි තියෙනවා නේ!

ඇගටත් ටිකක් අවුල් නිසා පස්සේ මං කෑම කලා එහෙන්මම කාමරේට ගියා. අද නම් මට වැඩ කරන්න බෑ මගේ ඔලුව කචල් ගතිය තාම පොඩ්ඩක් තියෙනවා. අනික අද උන දේවල් එක්ක මට කොහෙත්ම මගේ සිහිය එක තැනක තියා ගන්න බෑ. අම්බර මට පිස්සු හදවනවා...!

කාමරේ දොර වහගත්ත ගමන් මං මගේ පපුව අල්ලන් බැලුවේ ඒක කලින් වේගෙට වඩා හයියෙන් ගැහෙනවා. ඒ දැනෙද්දි දැන් මට කවදාවත් නැතුව අම්බර ගේ මූන හොඳට මැවිලා පේනවා. එයාගේ මූනේ features... මං දිහා බලන් ඉන්න විදිහ.. එයාගේ බැල්ම... ඒ ගැන හිතද්දි ත් අනේ මන්දා මගේ ඇගට අකුණු ගහනවා වගේ දැනෙන්නේ.

"සිහියට එනවා සියුම්!! ඔයා කොල්ලෙක්!!"

මං මටම කියාගෙන ඇදට පැනලා කොට්ටේ අස්සේ මූන ඔබා ගත්තා. මට පිස්සු.

***

දන්නවද ඊයේ මට ඉක්මනට නින්ද ගියා. ඇගේ මහන්සියටයි ඔලුවේ මහන්සියටයි පිං සිද්ධ වෙන්න තමයි ඉතින්. උදේ මාව නැගිට්ටුනෙත් අම්බරගේ call එකට. Alarm එකට කලින් එයා මාව ඇහැරෙව්වා. අපරාදේ මගේ රත්තරං වටින alarm tone එක.

"ඔයාට බඩගිනි නැද්ද?"

මං මගේ බෑග් එකත් අරන් කාමරෙන් එලියට එද්දි අම්බර එයාගේ බෑග් එකයි violin case එකයි පැත්තක තියන් මං එනකල් බලන් හිටියා.

"නෑ... ඔයාට?"

මට ඉතින් බඩගිනි එන්න තව දවල් වෙන්න ඕනේ! තාම අට පහුවෙලත් නෑ.

"නෑ.. තාම උදේ වැඩි"

"හරි එහෙනම් මගින් කමු... අංකල් ඇවිත් ඉන්නේ අපි යං"

අම්බර ඒ කියන ගමන් එයාගේ බෑග් එකයි violin case එකයි අරගෙන එලියට බැස්සා. මාත් ඉතින් එයාගේ පිටි පස්සෙන් ගියා. ඔය අංකල් ව නම් මං දැන් හොඳට දන්නවා! වෙලාවකට ඒ මනුස්සයත් මගෙන්ම තමයි අම්බර එකපාරටම අතුරුදහන් වෙන තැන් ගැන අහන්නේ!

ඉතින් මේකත් මරු වැඩේ! කාලෙකින් මෙහෙම ගමනක් යන්නෙත්.. ඉතින් මං බෑග් එක dicky එකට දාලා පිටිපස්සෙන් නැග්ගම අම්බර ත් ඇවිත් මගේ එහා පැත්තෙන් ඉද ගත්තා. මං පුදුම වෙලා එයා දිහා බැලුවේ මොකද අම්බර වෙනදට ඉදගන්නේ ඉස්සරහ seat එකේ. අපි වැඩිය එයාගේ අංකල් එක්ක එහෙ මෙහෙ ගිහින් නෑ ඒත් ගියපු දෙතුන් පාරම එයා හිටියේ ඉස්සරහා.

"අපි යමු"

ඒ කියලා අනිත් පැත්තට අම්බර මගේ උරහිස උඩින් ඔලුව තිබ්බම මාව රත් උනා!! මෙන්න මෙයා හොඳට නිදි!.

"මට නිදි මතයි සියු.. මගේ ඔලුව ටිකක් අත ගාන්නකෝ"

ඒ කියද්දි මගේ ඇස් මුලින්ම ගියේ ඉස්සරහ seat එකේ ඉන්න එයාගේ ගේ අංකල් ට. මං හිතුවා හරි එයත් මං දිහා මම වගේම පුදුම වෙලා බලන් ඉන්නවා.

"කෝ...."

බෑ නේ ඉතින් මං ඉක්මනට අම්බර ගේ ඔලුව උඩට මගේ අතක් අරන් ගියා නැත්තන් ඊලගට ඒකට මෙතන මොනා කරයිද දන්නේ නෑනේ. හැබැයි මේ දෙවෙනි පාර... ඒත් අමුතුයි..

"ම්... කන්න නැවැත්තුවාම මාව නැගිට්ටන්න..."

ඒ කියන ගමන් අම්බර තවත් හරි බරි ගැහිලා මගේ අතකුත් බදා ගත්තා. මේ ගැස්ට්‍රයිටිස් ගතියනම් ඉක්මනට හොද කර ගන්න ඕනේ...!

කොහොම හරි කන තැනක නවත්තන කල් අම්බර මට මගේ අත එයාගේ ඔලුවෙන් ගන්න දුන්නෙම නෑ. තේරෙනවනේ මේ මිනිහා නිදා ගත්තේ නෑ! මං අත ගන්න ගන්න පාරට අත අරන් එයාගේ ඔලුවට තියා ගන්නවා!

කලා ඉවර වෙලා ආයේ නැග්ගමත් කරේ මට හේත්තු දාගෙන නිදා ගත්ත එක විතරයි.

"ඔයා නිදාගත්තේ නැද්ද?"

"නෑ..."

බැරිම තැන මං ඇහුවම අම්බර නිදිමතේම එහෙම කියලා මගේ අත බදා ගත්තා. ඇයි නිදාගත්තේ නැත්තේ කියලා අහන්න හිතයි!

"දැන් ගිහාම මම කියන දෙයින් පිට මුකුත් කරන්න එපා සියලු මං කියන දේ විතරක් අහන්න තේරුනාද"

මං ගියේ අරක අහන්න වුන් අන්තිමට මෙයා ආයෙම.. ආයෙම අර කතාව කිව්වා.

"හරි දෙවියනේ මං පොඩි එකෙක් නෙමෙයි!"

"මං කියන දේවල් අහන්න ඔයා පොඩි එකෙක් වෙන්නම ඕනේ නෑ..."

අම්බර අමුතුයි.. එයාගේ කටහඩත් අමුතුයි... එයා කලින් කවදාවත් මට මෙහෙම එයා කියන දේ අහන්න කියලා දෙපාර තුන්පාර කියලා නෑ...

කොහොම හරි කතාවෙන් කතාව අපි නවතින තැනටත් ආවා. ඒක hotel එකක්. ඒකේ වාසිය කියන්නේ ඒ hotel එක තියෙන්නේ theater එකට ලගින්මයි. ඒක නිසා එන players ලට මං හිතන්නේ එතන නවතින්න arrange කරලා ඇත්තේ.

ඉතින් වාහනයෙන් බැස්ස ගමන් අම්බර මගේ බෑග් එක අතට අරගෙන එයාගේ violin එක මගේ අතට දුන්නා.

"මාත් එක්ක එන්න"

එයා ඔක්කොම අරන් අන්න ඒ කියන ගමන් කෙලින්ම hotel එක ඇතුලට ගියා. මාත් ඉතින් එයාගේ පස්සෙන් ගියා ඊලගට හොයා ගන්න බැරි වුනොත් මගුලයිනේ. එයා ගියපු ගමන් කාමරේ key එක ඉල්ල ගත්තා. Sorry කාමර දෙකක. ඒ එකක් අරන් එයාගේ අංකල් ට දුන්නා.

ඈ~~!! පොඩ්ඩක් ඉන්න!! එතකොට මං ඉන්නේ ඔලුගෙඩියෙද?

"ඔයා ඉන්නේ මාත් එක්ක "

මම දැන් කලබල අම්බර මගේ හිත කියෙව්ව එකට නෙමෙයි එයා එක්ක ඉන්න වුන එකට. ඒකත් කාමරේ ඇතුලට යද්දි මං තව කලබල උනා. මොකද ඒකේ තියෙන්නේ එක ඇදයි. ලොකු උනත් එක ඇදයිනේ දෙවියනේ!!

"මං හිතන්නේ ඔයා වැරදි room එකක යතුර අරන් තියෙන්නේ"

"නෑ මේක තමයි මට තියෙන room එක"

"අ..ආ... මං ඉන්නේ කොහෙද එතකොට බිමද?"

"ඇදේ"

අම්බර කිසි ගානක් නැතුව ගිහින් ඇද උඩ ඉදගෙන ඇදට තට්ටුවක් දාන ගමන් මට කිව්වා. ඈ??

"එතකොට ඔයා?"

"ඇදේ.."

මගුලයි! අපි දෙන්නටම එකම ඇදේ ඉන්න බෑ යකෝ!! මට මේ දවස් ටිකට හිතෙන ඒවත් එක්ක බුදුඅම්මෝ මට නම් මෙයත් එක්ක එක ඇදක කොහෙත්ම ඉන්න බෑ!!!

"මං කියන්නම්.. ම.. මම වෙන room එකක් ගන්නම් නේද.. අවුලක් නෑ"

"කොහෙ යන්න ද? ඇයි මාත් එක්ක ඉන්න බැරිද සියූ"

අම්බර ඒ වෙලාවේ කට කොනේ හිනාවක් තියාගෙන ඇහිබැමක් ඉස්සුවා. අනේ අම්මේ මට කෙලත් ගිලුනා.

"න්නෑ.... එහෙම දෙයක් නෙමෙයි.. ම් මේ... මං වෙන room එකක් ගන්නම් ඒකට අවුලක් නෑ... ඔයාට නිදහසේ අතක් පයක් දිග ඇරලා නිදාගන්නත් බැරි වෙනවානේ මං යන්නම්"

එහෙම කියලා මං ආදා වගේ දොර ගාවට ලිස්සා යද්දි මාව එක පාරටම පිටිපස්සට ඇදිලා ගියා.

"මං ඔයාට මොකද්ද කිව්වේ?"

මාව ගිහින් කෙලින්ම හේත්තු උනේ මං අරින්න ගියපු දොරේ. අම්බර මාව හිර කරගෙන මගේ උරහිසට උඩින් අත් දෙක දොර උඩ තියා ගත්තා. දැන්.. මම ආයෙත් පිස්සු නටයි.

"අම්බර.."

"ඔයා මේ කාමරෙන් පිට වෙන කොහෙවත් ඉන්නේ නෑ සියූ.. මං කිව්ව දේ ඒ ටිකට අමතක කරාද?"

"න්... න්.. නෑ"

ඉතින් මං ගොත ගහන්න ගත්තා.. ඒකට පුදුම වෙන්න දෙයක් නෑ මට දැන් අබ්බර ගේ මූන දකිද්දි ගොත ගැහෙන එක සාමාන්‍යයි. ඊටත් මූන ලගටම ඇවිත් ඉන්නකොට හුස්ම ගන්නත් අමතකයි.

"නැත්තන් ඇයි මෙහෙම... ඔයාට මගෙන් punishment කන්න ඕන වෙලාද..?"

ටිකක් ඈත් වෙන්නකෝ දෙවියනේ... මට විකාරයි වගේ දැන්.. ඔහොම ලගට එන්න එපා.. මගෙන් ඔයාට මොනාහරි වෙයි.

ඒ හිතුවත් හරි අම්බර මගේ කන ලගටම ආවා. ඉතින් මාව එක තැන ගල් ගැහෙන එක කියන්න දෙයක් නෙමෙයි.

"මම සාමාන්‍යයෙන් අතපය දිග ඇරන් නිදා ගන්න කෙනෙක් නෙමෙයි සියූ.. ඒක නිසා ඔයාට ඒ ගැන දුක්වෙන්න දෙයක් නෑ..."

නිකන් නෙමෙයි ඒ කියන ගමන් මගේ මූනට ලගින්ම බෙල්ල හරවලා මං දිහා බැලුවා. අනේ මට පිස්සු කියමුකෝ ඒත් මෙයාට මොනාද වෙලා තියෙන්නේ..

දැන් මගේ පපුව ගැහෙන සද්දේ අම්බරට ඇහෙයි කියලත් මට බයයි. එයාගේ ගේ මූනත් හරිම අමුතු පෙනුමක් තියෙන්නේ.. මට මේවා කොහෙත්ම පුරුදු නෑ..

"තේරුනා ද?"

මං ඇස් දෙකත් ලොකු කරගෙන අම්බර දිහා බලන් ඉද්දි එයා මගේ ලොකු වෙච්ච ඇස් දිහා බලන් එහෙම අහනකොට මගේ මුලු ඇග පුරාම විදුලි කොටන්න ගත්තා.. එතකොට මේකටද attraction කියන්නේ? අනේ මට තේරෙන්නේ නෑ මං හැගීම් දැනීම් කොහෙත්ම තිබ්බේ නැති මනුස්සයෙක්.. ඒත දැන් වෙනස්..

"ඔ.. ඔ. ඔව්"

"ම්.. Good! එහෙනම් දැන් ගිහින් wash එකක් දාගන්න"

එහෙම කියලා අම්බර එයාගේ අත් දෙක අයින් කර ගත්තා එකෙන් ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මං ඉක්මනට දුවලා ගිහින් Bathroom එකට රිංග ගත්තා.

දොර වහගත්ත ගමන් මං කරේ මගේ පපුව අල්ල ගත්ත එක හරියට මං අල්ල ගත්තම ඒක ගැහෙන එක නවතියි වගේ.

මොකද්ද මේ වෙන්නේ!! මං ඇස් දෙක තද කරගෙන පියා ගත්තේ වෙන දේවල් මතක් වෙන එක නතර කරන්න ඒත් ඒ පියා ගත්තම මට පෙනුනෙත් අම්බර ගේ මාව පිස්සෙක් කරන මූන..

බැරිම තැන ඇස් ඇරිය දෙවියනේ ඇස් ඇරන් ඉද්දිත් මට ඒකම පේනවා. මොකද්ද මට මේ වෙන්නේ!!!! මට පිස්සුද??

ඔව් මට පිස්සු.. ඔව් මං ලෙඩෙක්..මං අසාමාන්‍ය මනුස්සයෙක්.

මේක හරි යන්නෑ මං මගේ ඇස් දෙක දොස්තර කෙනෙක්ට පෙන්නලා පපුව වැල්ඩින් කරන තැනකට පෙන්නන්න යනවා! සමහර විට මගේ මොකක් හරි වෑල්ව් එකක් ලූස් වෙලා තියෙන්නත් බැරි නෑ මෙහෙම ගැහිලා!

හ්ම්.. මගේ මේ මල විකාර හේදිලා යන්න කියලා සීතල උනත් මං නාගත්තා. මෙහෙ දවල්ටත් සීතලයි! නාලා එද්දි කාමරේ ඇතුලේ අම්බර හිටියේ නෑ. හොඳ වෙලාවට හැබෙයි මට මගේ ඇදුම් ටිකත් ඇතුලට අරන් යන්න බැරි උනා. දැන් නිදහසේ ඇදුමක් ඇද ගන්න පුලුවන්!

යකෝ අපි දෙන්නා පිරිමි වෙලත් මෙහෙම හිතන එක තමයි මට ඉවසගන්න බැරි! අර බූරු පුතානොයි මායි එක කාමරේක ඇදුම් නැතුව ලොක් කරත් මට මෙලෝ මගුලක් හිතෙන්නෑ.. ඒත් මේ අම්බර ඉස්සරහා ඇදුම් ඇදන් හිටියත් මාරම එකක් මට වෙන්නේ!!!

කෝ මගේ බෑග් එක! ආ මේ තියෙන්නේ! ඉක්මනට ඇදගන්න ඕනේ කියලා කලිසම ඇදගන්න යද්දිම කාමරේ දොර ඇරුනා. මල මගුලයි මං ඉක්මනට තනි කකුලෙන් උඩ පැන පැන towel එක බැද ගත්තේ. ඇදගත්ත ගමන් අම්බර ඇතුලේ! මට කර ගන්න දෙයක් නැතුව ඇඹරෙද්දි මෙයා මගේ උඩ ඉදන් පහලටම බලන ගමන් නෝන්ඩි හිනාවක් දාලා එයාගේ towel එකත් අරන් bathroom එක ඇතුලට ගියා. මොකද හිනා වෙන්නේ..!

හහ්! අනේ! මං ඉක්මනට ඇදුම දාගෙන ඔලුව පිහදාන්න ගත්තා. එ.... සීතලයි යකෝ!! ඒ ඔක්කොම කරලා මගේ baby cologne බෝතලේ හොයාගෙන ඇගට හලා ගත්තා. ඕක මං ගෙනියන්න කොහෙත්ම අමතක කරන්නේ නෑ! මං ආසම සුවද...!

පස්සේ ෆෝන් එකත් ඔබ ඔබ ලග තිබ්බ වතුර බෝතලේ කඩාගෙන බොන් ගත්තේ කිරුළ ගේ ගොං msg එකට ගං reply එකක් හිත හිත. ඕක type කරන්න අන්තිම වතුර උගුර බොද්දි අම්බර towel එකත් ඇදගෙන එලියට ආවා විතරයි ඒක දැකලා බිබි හිටපු වතුර එක ඉස්මොල්ලේ ගියා!

මොකද්ද අප්පා මට මේ වෙන්නේ!! මේ පිරිමියෙක් යකෝ!! තමුසෙගේ දේවල්ම තමයි එයාටත් තියෙන්නේ!! ඉස්මොල්ලේ ගියපු වතුර ටික නහයෙන් එද්දි හිගන්නගේ පාත්තරේට හෙනහුරාගේ ගැහුවා වගේ මං ගාවට අම්බර දුවන් එද්දි ඉස්මොල්ලේ දෙගුන වෙන්න කැස්සකුත් පටන් ගත්තා!

"සියූ මොකද උනේ..?? ඇයි මේ..?? ඔහොම ඉන්න මේ වතුර එනවා"

අම්බර මං ගාවට ඇවිත් මගේ නහයෙන් බේරෙන වතුර පිහදාන්න ගත්තා දෙවියනේ!! අනේ කියන දේවාලෙකට වදින්නම් එහාට වෙන්න!!

"මට පුලුවන්!"





To be continued...

Continue Reading

You'll Also Like

404 67 10
චන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......
1M 72.1K 92
LGBTဖခင်နှစ်ယောက်မှမွေးဖွားခဲ့တဲ့လွမ်းသွေးငယ်ဟာမတော်တဆတစ်ခုမှsystemနဲ့ချိတ်ဆက်မိတဲ့အခါ.... LGBTဖခင္ႏွစ္ေယာက္မွေမြးဖြားခဲ့တဲ့လြမ္းေသြးငယ္ဟာမေတာ္တဆတစ္ခ...
37.5K 6.7K 37
අපි ආදරේ කරන අය අපිටම ආදරේ කරන්න ඕනෙද..ඒ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නම ඕනේද..විකාරයි නේද ???🍀
19.8K 2.8K 39
ඇත්තටම මට එයාව හම්බුනේ එදා සෙමෙට්‍රි එකේදි. මම ස්ට්‍රේට් කොල්ලෙක්, නිකන් ම නෙවෙ, මම කිසිම දෙයක කිසිම පාලනයක් නැති sex addicted ස්ට්‍රේට් කොල්ලෙක්. ඒ...