අපි පියවි ✓

By liversack

51K 9.2K 606

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

15 වන පරිච්ඡේදය

1.2K 258 23
By liversack

මෙතන එකම බළල් වලියයි!!

"Linkingduck ඕකව කන්න එපා!!"

"Tchaikovsky!!"

මොකක් කිව්වා?? මං බළල් වලිය බේරන එක පැත්තකින් තියලා බයවෙලා තියෙන අම්බර ගේ මූන දිහා බැලුවා. I'm sorry but මට හිනා යනවා..!! අම්බර ගේ දැන් මූන බලන්න තරම් cute!!

"ඕකගේ බෙල්ල හප්පන්න එපා!!"

"අනේ මගේ Tchaikovsky!!"

මගේ Linkingduck කොහෙන් මෙහෙම වලි දාගන්න ඉගෙන ගත්තද මන්දා!! මං නැති ටිකේ මේ ලේන් එකේ පූස් බජාර් එකටවත් join වෙලාද මන්දා දැන් නම් මිනිහා හෙනම වලි කාපර් කෙනෙක් වෙලා. අප්පා අම්බර ගේ පූස් තඩියා හොඳටම බය වෙලා මයිලුත් කරන්ට් වැදිලා වගේ කෙලින් කරගෙන අපේ ඒකා ඌට ගහන කල් අර කොටි දත් ටිකත් විලිස්සන් කන්දෙක අකුලගෙන Linkingduck දිහා බලන් හිටියා. හප්පේ දැන් පූසාගේ මූනයි අම්බර ගේ මූනයි දෙකම එක වගේ කියහන්කෝ!! මුන් දෙන්නා උච්ච ස්වරයෙන් එකාට එකා මරාගන්න ජල්බරි අස්සේ මට අම්බර ගේ මූන දැකලා හිනත් යනවා!!! මට මොකද්ද වෙලා තියෙන්නේ මට හිනා යන්න එනවා!! මං හිනා වෙනවා කියලා නේද කිව්වේ?

"Linkingduck මෙහෙ එන්න~~!! ඇති ඇති ඕකගේ නැට්ට ගලවන්න එපා!!!"

බළල්ලු දෙන්නගේ කාගැනිල්ලේ break එකක් ගත්ත පාර මං Linkingduck ව මගේ ගාවට ඇදලා ගත්තා. ඒත් එක්කම වගේ පෙරහැරේ යන මහ බබා ඇගට කඩන් වැටිලා වගේ බය වෙලා ඉන්න කලුම කලු පාට පූස් නාම්බව අම්බර එයා ගාවට ඇදලා ගත්තා.

"මගේ බබාට කරදරයක් නෑනේ?"

අම්බර ඇහුවේ අර කලු කුමාරයා වගේ ඉන්න බළල් තඩියව වඩාගෙන.

"Proud of you Linkingduck! හැබෙයි ඔයා වැරදි කෙනාට පැන්නේ! ඒත් කමක් නෑ ඔයාගේ colors පෙන්නපු එක ගැන මට ආඩම්බරයි!"

"තව ටිකකින් මගේ Tchaikovsky මට නැති වෙනවා...! මං කොහොමද මෙහෙ මාසයක් විතර නතර වෙලා ඉන්නේ?"

මොකක්???!!!!

"ඈ?? නතර වෙනවා? මෙහෙ? මාසයක් විතර??"

මොකද්ද යකෝ ඒ කිව්ව හරුපේ?? එතකොට තමයි මං අම්බර ගේ එහා පැත්තේ තිබ්බ luggage එකත් දැක්කේ! යකෝ මෙයා නිකන් රට යන්න වගේනේ මෙහෙ ඇවිත් තියෙන්නේ!! එයාගේ කලු කුමාර පූස් නාම්බවත් අතගගා මං දිහා බලන් ඉන්න ලස්සන විතරක්!

"කෝ එහාට යන්න සියූ! ඔහොම ද ගෙදරට ආපු මනුස්සයෙක්ට සලකන්නේ?"

ඒ පාර අම්බර මාවත් පැත්තකට තල්ලු කරගෙන එයාගේ luggage එකත් ඇදගෙන ගෙදර ඇතුලට ආවා. එයාගේ අති උත්තම Violin එකත් තියනවා! එතකොට එයා සිරාවටම මෙහෙ නතර වෙන්න ද යන්නේ??

"ඇයි මෙහෙ නතර වෙන්න යන්නේ? මොකෝ ගෙදරින් එලියටවත් දම්මද?!"

"නෑ... අපේ ගෙදර servants ල ට virus උණක් බෝ වෙලා... එතන හිටියොත් මටත් හැදෙනවා"

යකෝ!! මං ඉනට අත් දෙක තියා ගත්තා හෑබෙයි එතකොටම Linkingduck බිම! ඒක නිසා මං ආයේ එයාව ඇහිද ගත්තා නැත්තන් ආයේ වලි යන්න බැරි නෑ!

"එතකොට ඒ මිනිස්සු බලාගන්නේ කවුද??"

"ඒ හැම දේම මං බලාගත්තා.. ඔයාට කරදර වෙන්න දෙයක් නෑ"

අම්බර මුලු ගෙදර දිහාම බෙල්ල හරව හරව බලන ගමන් කතා කරේ සිල් අරගෙන වගේ.

"මගේ කාමරේ කොහෙද? අරක ද? "

ඊට පස්සැ එයාගේ luggage එකත් ඇදගෙන මගේ කාමරේ පැත්ත යන ගමන් ඇගිල්ලක් දික් කරලා ඇහුවා විරත් නෙමෙයි මෙන්න යනවා!

"නෑ~~~!! ඔය මගේ කාමරේ!"

මෙයා ඒ ටිකට මගේ කාමරේට හොම්බ දාලත් ඉවරයි. හයියෝ පිස්සන්කොටුව වගේ!

"එහෙනම් කොහෙද?"

"ඔයාව කවුරුත් හොයන්නේ නැද්ද ඇත්තටම?"

මං ඉනට අත් දෙකත් තියාගෙන කතා කරද්දි අම්බර එයාගේ ෆෝන් එකේ screen එක මට පෙන්නන ගමන් උඩට උඩට scroll කරගෙන ගියා.

හපෝ~~~!!! වහල් නිතිය!!

"මෙහෙන් එන්න!"

මං මූනත් ඇඹුල් කරකෙන එහෙම කියන ගමන් guests room එක ගාවට එක්කගෙන ගියේ මේ යකාට මොකද්ද මේ එක පාරටම වෙන්නේ කියලා හිතන ගමන්. කෝ මෙයාගේ අම්මා තාත්තා? මං කවදාවත් එයාලා ගැන අහලා නෑ.

"මෙතන ඉදන් ඔයාගේ කාමරේට ගොඩක් දුරයි නේ.."

ඇ? මෙයා නිකන් කතා කරන්නේ මෙතන ඉදන් ලෝකේ අනිත් කෙලවරේ මගේ කාමරේ තියෙනවා වගේනේ! අනික දුරින් නෙමෙයි කොහෙ තිබ්බත් මෙයාට මොකෝ!!??

"ලගින් තියන් මොනා කරන්නද?"

"එතකොට ඔයාට ඔයාගේ ස්වාමියාට හොඳට සලකන්න ලේසියි"

හප්පටසිරි මට දැනුයි මීටර් උනේ!!! දැන් එතකොට මට මෙයාට පැය 24 ම වහල් සේවය කරන්න වෙනවද??!!

"අනේ මේ! දුරින් තියෙන එකමයි හොඳ!"

"හ්ම්.. කමක් නෑ මං ඒක බලාගන්නම්... මෙතන හොඳයි"

ඒ කියන ගමන් අම්බර කියද්දි මං එයාට රැව්වා. ඇයි අප්පා.

"ඔයා විතරක් කොහොමද මේ ගෙදර තනියෙන් ඉන්නේ?"

"මං තනියෙම නෑ මට Linkingduck ඉන්නවා! අනික තාත්තා මාව බලන්න හැම මාසෙම එනවා"

"කවුද මූට ඔය විකාර නම දැම්මේ? කියවගන්නත් බෑ..."

මගේ වස්තුවට නේද මෙයා මෙහෙම කිව්වේ??

"අනේ ඔයාගේ ඔය කලු කුමාරයගේ නමට වඩා නම් මෙයාගේ නම නම්බුකාරයි!"

"මෙයාට කලු කුමාරයා කියන්න එපා... අනික එයාට තියෙන්නේ හොඳ music composers කෙනෙක්ගේ නමක්.. Tchaikovsky!"

Visky තමයි!! අම්බර හෙන ආඩම්බරයෙන් අර කලු ගුලිය අත ගාන ගමන් කියවද්දි මං මගේ Linkingduck ව ඒ පැත්තට දික් කරාම අම්බර ඒකවත් අරන් පස්සට පැන්නා. ඇද්ද! දැන් මෙතන ලොක්කා ඔය කලු යකා නෙමෙයි මගේ Linkingduck!

"මට මොන දේ ගැන guarantee එක දෙන්න පුලුවන් උනත් ඔය විස්කියා ගැන නම් මුකුත් කියන්න බෑ! මේක මගේ Linkingduck ගේ territory එක!"

හුම්!

"ම්... ඒක බලාගමු.. දැන් ඇවිත් මගේ ඇදුම් ටික cupboard එකට දාන්න..."

යරලවමකබකඝ! ඔන්න පටන් ගත්තා අන දෙන්න!! මේක නම් එසේ මෙසේ කරුම පල දීමක් නෙමෙයි මාව හොයන් ඇවිත් පල දෙන කරුමයක්!! පල දීම කොච්චර හොඳද කියන්න මට කරදර වෙයි කියලා හිතලා අනේ දැනක ගෙදරටත් ඇවිත් පල දෙනවා!!

"අන්න එහෙම"

හනෙයි!! වලියක් බේරගන්න ගිහින් මට වේච්චි දෙයක්!! මොනා කරන්න ද මං Linkingduck ව මගේ කාමරේට දාලා වහලා ඇවිත් අම්බර ගේ room එකට යද්දි එයා නෑ. ආ මට shower එකේ සද්දේ ඇහෙනවා මං නිකමට වගේ මගේ උණ Check කරලා බැලුවා කියන්න බෑනේ ඉතින්..!

"දැන් ඉතින් මාසයක් විතර මෙයාට ගෙදර වැඩත් කරලා දීපන්කෝ! ඇස් වහක් කට වහක් වදින්න ඕනේ නෑ ආයේ ඉතින් පුලුවන් උපරිමෙන් ඇති වෙනකල් මගෙන් වහල් මෙහෙය අර ගන්නවා!"

"මොකද්ද කිව්වේ?"

මං ඇදුම් අරන් එහා පැත්තේ තිබ්බ Cupboard එකට දාද්දි පිටි පස්සෙන් ඇහුන සද්දෙට මාව රත් උනා. ඇහුන්නෑ නේද!!??

"න්.. නෑ මේ අල්ලපු ගෙදර ඇන්ටි ලගදි අලුත් මල් පෝච්චියක් ගෙනත්.. ඒ.. එක"

කියන්න දේවල් හොයා ගන්න බැරි වෙලාවේ මොන ලෝකෙන් ද මල් පෝච්චියක් මගේ ඔලුවට ආවේ!

"එහෙමද..."

අම්බර towel ඒකත් කරේ දාගෙන එක අතකින් කොන්ඩේ පිහදාන ගමන් මගේ ඉස්සරහට ආවේ.. මං මේ එයාව ව ඔහොම දැක්කමයි.. එයාට ටිකක් දිග straight කලු කොන්ඩයක් තියෙනවා. මූනත් දිග නිසා එයාට ඒක මාර matching.. දැක්ක ගමන් එයා musician කෙනෙක් කියලා ඕනම කෙනෙක්ට කියන්න පුලුවන් පෙනුමක් ඒක.

"මොනාද බලන්නේ සියූ මාව දැක්කම හිත ඇදිලා යනවනේ "

හිත ඇදිලා යනවා? මගේ පස්ස තමයි!!

"අනේ මං කියන්නෑ.."

"මොනාද කුටු කුටු ගාන්නේ? 27 වෙනි නීතිය මගේ ඉස්සරහ ඔයාට හොරෙන් මුකුත් කුටු කුටු ගාන්න බෑ"

හරි හරි බොහොම ඉස්තූතියි උතුමානෙනි මං කරන හැම වැරැද්දක්ද ගානේ මං අලුත් නිතියක් ඉගෙන ගන්නවා. ඉන්නකෝ ඉස්සරහටත් මං ඔය නීති 248 ම වැරදි කරලම ඉගෙන ගන්නවා!

"දෙයක් ඉගෙන ගන්න වරද්ද ගන්නම ඕනේ කියනවනේ.."

"ඔව් ඒ අනිත්ම අයට සියූ ඔයාට නෙමෙයි.. වැරදි කරලා පස්සේ පසු තැවෙන්න එපා"

අම්බර කොන්ඩේ වතුර මගේ මූනට කරලා ගසන ගමන් කියද්දි මං පස්සට පැනගන්න හැදුවා මෙයා මාව නාවන නිසා.. ඒත් බෑ අම්බර මගේ අතින් ඇදලා ගත්තා. දැන් ඔන්න ආයේ මට මොකද්ද වෙනවා.

"කොහෙද යන්නේ සියූ දැන් වෙලාව කීයද? "

අම්බර කතා කරේ මගේ මූනට වැටුනු වතුර බිංදු මගේ මූන ලගටම ඇවිත් පිහිදන ගමන්.. ඒකට ඔච්චර ලං වෙන්න ඕනේද? ඒත් ඉන්න.. මට එයාව අයින් කරන්න ඕනේ නෑ.

"දන්නේ නෑ"

දන්නේ නෑ ඉතින්. ඒ වෙලාවෙම වගේ අම්බර ගේ ඇස් මං ගාවට කැරකිලා ආවම ඔන්න මගේ පපුව ගැහෙනවා.. අර මට කලින් වුන දේම දැන් වෙන්න හදනවා.

"ගිහින් මට කිරි එකක් හදලා ගෙන්න.. ආ! මං fresh milk වලට ආස නෑ... හදන කිරි එකට සීනි ටිකක් දාන්න වැඩිය උණු වෙන්නත් බෑ වැඩිය නිවෙන්නත් බෑ.. ගානට වඩා වතුර තියෙන්නත් බෑ පිටි වැඩි වෙන්නත් බෑ..."

අම්බර කියන දිහා බලන් ඉද්දි නිකන්ම මගේ කට ඇරිලා ගියා.. මගේ අම්මේ!

"එච්චර ද?"

ඕ තව මොනවත් ඕනේ නැද්ද??

"ම්.. දැන් යන්න"

මේක පුදුම ආණ්ඩුවක් නේ! අම්බර ලොක්කා වගේ ඒ කියන ගමන් මාව කාමරෙන් එලියට තල්ලු කරන් ගිහින් දොර වහ ගත්තා! යකෝ!! මෙයාගේ කිරි එක හදන එකාට ඒක හදනවට වඩා ගිහින් ජනාධිපතිට කිරි හදන එක ඊට වඩා ලේසි ඇති!! අනේ මේ! වවුලගේ මගුල් ගෙදර ආවනම් එල්ලිලා ඉදපන් ගොයියෝ! මං කිරි හදන්නේ මට ඕන විදිහට!!! හුහ්!

බැන බැනම කිරි එක හදලා ගිහින් දීලා මං ආවා වැඩ කරන්න! ඒක බීලා ඔය යස අගේට ඉන්නේ බබා වගේ! ඒ ගෙදර servants ලත් මෙයාව තියාගෙන හරහට නලවනවා ඇති! ඒවා කොහෙද මාත් එක්ක! මෙහෙන් යද්දි හැදිලා ඉදි ගානට!

කොහොම හරි මං මේසේ ගාවට ගිහින් බිම වැටිලා තියෙන කොල ටිකත් ඇහිදගෙන මේසේ උඩින් තියලා වැඩ කරන්න පුටුවේ ඉද ගත්තා. අම්බරත් හරියට සුලි සුලගක් වගේ මොන වෙලාවේ ගහන් එයාද දන්නේ නෑ ඒත් මේ කොහෙවත් හිටපු මාවම ඒකට අහු වුන එක තමයි හිතාගන්න බෑරි..

ඒ ගැන හිතද්දිත් මොකද්ද වෙනවා.

Feelings..

"පාට.. සතුටේ පාට මොකද්ද?"

එකක් හිතාගන්න බැරි නිසා PC එකේ මං සතුටේ පාට search කරලා බැලුවා. ඕ.. පාට දෙක තුනක් ආවා.

"කහ... ඒක තමයි හැම තැනම කියලා තියෙන්නේ"

කහ පාටට මාත් ආසයි ඒත් එතකොටම වගේ මගේ කාමරේ දොරට තට්ටු කරන සද්දේ ඇහුනා. මං ගිහින් දොර ඇරලා බලද්දි,

"ඇයි? උතුමානන්ට මොනාද ඕනේ?"

"අයිනවා ටොක්කක්... මට කම්මැලියි... මේ ගෙදර මාර විදිහට සද්දේ අඩුයිනේ.. "

ඒ කියාගෙන අම්බර මාවත් එහාට කරගෙන මගේ කාමරේ ඇතුලට ආවා. ඕන එකක් ඉතින් මං ගිහින් ආයේ වැඩට බැස්සා නැත්තන් අර මිසී මාව ගිලියි.

"සියූ මොනාද කරන්නේ?"

"මං project එකේ වැඩ"

කොලේ උඩ ආයෙම කුරුටු ගාන්න ගනිද්දි මං ඇහැ කොනින් දැක්කා අම්බර ඇවිත් මගේ අනිත්ම කොල ටික අරන් බලනවා. ඒ බලලා ඒ පාර හිනා වෙනවා! මොකද හිනා වෙන්නේ???

"මොකද හිනා වෙන්නේ?"

"නෑ... එදා මටත් ලැජ්ජ කරගෙන වීදුරුවේ ඇලිලා හිටපු විදිහ මතක් උනා..."

ඤෑ~~! ඉතින් මොකටද හිටන් හිටියේ!

"මේකද ඔයාගේ final product එක?"

"නෑ.. තාම ඕක develop වෙනවා"

මං දිගටම sketch කරන ගමන් කියන් ගියා.

"මොකද්ද ඔයාගේ concept එක?"

"Sensation..."

මම අම්බර දිහා බලන් කියද්දි එයා මං දිහා අමුතු විදිහට බලන් හිටියා. හිනා යනවා ඇතිනේ මං වගේ කෙනෙක් ඒ වගේ concept එකක් ගත්තම? හ්ම්.. පස්සේ මං ඉක්මනට pc එක පැත්තට හැරුනා. ඕවට මූන දෙන්න මං ආස නෑ. ඒත්,

ආදරේ පාට මොකද්ද?

මං ඒක search කරා.. ආදරේ දැනෙන්නේ නැති මට මේච්චර කාලෙකට ඒකේ පාට දැනගන්න ඕමනාවක් ඇවිත් නෑ.

"ඇයි ඔයා ඒකේ පාට හොයන්නේ?"

"මොකද මං ඒක දන්නේ නැති නිසා... ඔයා දන්නවද?"

"ම්..."

අම්බර කතා කරේ අත් දෙනෙක් මගේ මේසෙට බර වෙලා.. ඊටත් වඩා එයා මගේ මූනට ලං වුනාම මට හුස්ම ගන්න අමතකයි.

"මොකද්ද?? "

මං ඇහුවේ පුටුවේ අත තද කර ගන්න ගමන්.. ඒ තත්පරේකට අම්බර මගේ මූන පුරාම ඇස් වලින් දුවන්න ඇති.

"කොල පාට"

"මොකක් කොල? ඇයි රතු නෙමෙයි ද?"

"නෑ කොල පාට"

අම්බර කිව්වේ හරි විශ්වාසයෙන්. මං ජීවිතේටවත් valentine day එකට මිනිස්සු කොල පාටින් මුකුත් දෙනවා දැකලා නෑනේ!! එදාට මං වෙන ග්‍රහලෝකෙකද ඉදලා තියෙන්නේ???

"රතු!"

"කොල"

මේක මාර වැඩක්නේ!!

"ඔයා කොහොම ඒ පාට කොලමයි කියන්නේ??"

"ඔයා කොහොමද ඒ පාට රතුමයි කියන්නේ?"

මගේ කට ලොක් උනා. ඒක අසාධාරණයි මමනේ මුලින්ම ප්‍රශ්නේ ඇහුවේ!! හැබෙයි ඒක හොඳ ප්‍රශ්නයක්! කොහොමද ඒක රතුමයි කියන්නේ?

"ම්? කෝ උත්තර?"

"ඉතින් හැමෝම ආදරේ පෙන්නන්න use කරන්නේ රතු පාටනේ! ආ බොරුද? බලන්න රතු පාට heart රතු පාට රෝස මල් රතු පාට ඉටි පන්දම්"

මං එහෙම කියද්දි අම්බර ගිහින් මගේ ඇද උඩ ඉද ගත්තා.

"ඒ හැම කෙනාම ගියේ සම්මතය පිටිපස්සේ මිසක් එයාලගේ හිත පස්සේ නෙමෙයි.."








To be Continued...

Continue Reading

You'll Also Like

29.9K 5.2K 22
අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋
1.1M 54.9K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
81.4K 15.4K 82
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න ...
88.1K 16.3K 31
මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්න...