අපි පියවි ✓

By liversack

118K 15.2K 1K

(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම. More

පූර්විකාව
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
අවසන් පරිච්ඡේදය

7 වන පරිච්ඡේදය

3.1K 447 18
By liversack




මේකේ බර! මෙයාගේ Violin එක හදලා තියෙන්නේ යකඩ වලින්ද?? යනවා යනවා, යනවා ඉවරෙකුත් නෑ! මෙයාලගේ faculty එකේ මේ වගේ පැත්තකුත් තියෙනවද?? අර යකා මාව ජීවිතේට මේ වගේ පැත්තකට එක්කන් ගිහින් නෑනේ!! හිටපන් ඕකව මං අල්ලගන්න!

"කොහෙද මේ යන්නේ??"

මං එහෙම අහද්දි අම්බර ඇවිදින ගමන් පිටි පස්ස හැරිලා මං දිහා බැලුවා. එයා ගියේ මට වඩා අඩි දෙකක් ඉස්සරහින්. මෙච්චර යන්නේ මොකද්ද අනේ මේක වංකගිරියක් වගේනේ. හැබැයි මෙහෙම ගිහින් මට ආයේ එන්න පාර පැටලුනොත් නේ අම්බර ඔයාටම තමයි මාව ආයේ ගිහින් දාන්න වෙන්නේ!

"මගේ practice room එකට"

ඈ.. එයාට එහෙම තැනකුත් තියෙනවද?? හා යංකෝ බලන්න මෙයාගේ practice room එක!

ඔය යන ගමන් මං මේ වටේටම බැලුවා. ඇත්තම කිව්වොත් මේක වංකගිරියක් ම තමයි. එක සැරේ දෙන්නෙක්ට ඇවිදින්න පුලුවන් විදිහට අඩි පහක් විතර පලල පාරේ දෙපැත්තෙම එක එක ජාතියේ Building වල පැත්තේ බිත්ති ටික මේ පාර දෙපැත්තට වැටිලා තිබ්බා. තව ඉස්සරහට යද්දි සමහර තැන් වල දොරවල් හිටන් තිබ්බා. මට මෙතනින් යද්දි මතක් උනේම Harry Potter එකේ Knockturn Alley එක. මෙතන වෙනසකට කියලා තිබ්බේ මේ බිත්ති හැම එකක්ම සුදු පාටයි. ඉතින් හතර වටේටම එලියයි. අමුතුම එකක් එනවා. ඇයි මට මේ පැත්ත මීට කලින් පෙනුනේ නැත්තේ?? එහෙනම් මං හැමදාම මෙහෙට එනවා. මං මාර ආසයි මේ වගේ තැන් වලට හරිම අමුතුයි!! මට පිස්සු කියලා හිතන්න එපා ඒත් මං හරි ආසයි මේවගේ ගල් අතුරලා තියෙන පටු පාරක උදේ ඉර එලිය වැටිලා තියෙන වෙලාවට ඇවිදින්න..

ඔහොම ඇවිදන් යද්දි මගේ ඇස් ගියේම මේ සුදු පාට බිත්ති අග පොඩියට පිපිලා තියෙන සුදු පාට මල් වලට... ඒක සිහියෙන් ගිහින් මං එකපාරටම ඉතින්.... කනුවක හැප්පුනා.

"ඔය ඇති දැන් සිහියට එන්න"

හැප්පිච්ච කනුව දැන් කතා කරනවා!! ඒ ~~~~ මං හැප්පුනේ මේ බහිරංගේ ඇගේ ද???

"කොහෙද මේ ඉන්නේ? මාව කොහෙටද මේ එක්කන් ආවේ?? මං කලින් මෙහෙම තැනක් දැකලා නෑ! බයත් හිතෙනවා! මං මේ ඉන්නේ පෘථිවියෙ ද??"

මං කලබලෙන් වගේ ඒ කියද්දි අම්බර කට කොනින් හිනා වෙන්න ගත්තා.

"ඔව් ඔයා ඉන්නේ පෘථිවියේ... දැන් ඔහොම කියවන මනුස්සයා නෙමෙයිද එන මගට කටත් ඇරන් දෙපැත්ත බල බල ආවේ? "

ඔයාට පිටි පස්සට ඇස් තියෙනවද ආහ්??! මං ඇස් දෙක අරකෝලා අහක බලා ගත්තා.

"සියූ එන්න ඇතුලට"

ඒ ගමන අම්බර එහෙම කියන් අපි නැවතුන තැන තිබ්බ දොරත් ඇරගෙන ඇතුලට ගියා. ඇතුලට ගියත් හරි එතන නම් එලියට වඩා ටිකක් එලිය අඩුයි. ඒක කොරිඩෝර් එකක්. දෙපැත්තෙම කාමර තිබ්බා. ඒත් එක්කම එතන තිබ්බ දොරක් ඇරගෙන කෙල්ලෙක් එලියට ආවා.

දොර ඇරපු ගමන් ඔක්කොටම කලින් මට ආවේ නිකන් කන ගාව මදුරුවෝ කෑගහනවා වගේ සද්දයක්. මගේ අම්මේ මේක මොකද්ද මේ මදුරුවෝ ඇති කරන තැනක් ද??

අර කෙල්ල ඇවිත් අම්බර ව දැක්ක ගමන් අත් දෙකෙන් කටත් වහගෙන එයාට හතරට පහට නැමිලා 'ගුජ් මෝඥිඤ්' කිව්වා. ඒ කෝලම් බලන් ඉන්න බැරි තැන මං කෝකටත් කියලා අර ඇරුන කාමරේට ඔලුව දාලා බැලුවා හත්වලාමේ මදුරුවෝ නෙමෙයි දෙවියනේ violin ටිකක් නේ සද්ද කරන්නේ! හොඳයි! ඒක ඇහෙද්දි මට මතක් උනේම මගේ යාලු බූරු පැටියව.

"සියූ එන්න"

අර girl ප්‍රශ්නාර්තේ වගේ මූන හදන් මං දිහා බලන් ඉද්දි අම්බර ඉස්සරහට යන ගමන් මට කතා කරා. මං ඉතින් එයා දිහා ටිකක් වෙලා බලන් ඉදලා අම්බර පස්සෙන් දිව්වා ඇයි ඉතින් මේ පුස් වැල වගේ එකේ මාව අතුරුදහන් උනොත් එහෙම කාට කියන්නද අප්පා.

ඇත්තමයි මේ යෑමේ අවසානයක් නැද්ද?! අර උදේට ඇග බහින්න ඇවිදින අපේ පැත්තේ අංකල්ලා සෙට් එක මේ පාරේ පස් පාරක් යැව්වත් ඇති ඒ බඩවල් ටික නිකන්ම බහින්න!

කොහොම හරි ඒ ගිහින් ගිහින් අම්බර කොනේම තිබ්බ කාමරේ ලග නතර වෙලා එයාගේ සාක්කුවකින් යතුරක් ඇදලා අරන් ඒ දොර ඇරියා. ඇරලා මං දිහා බලන් හිටියා. මොනාද බලන්නේ? තව ටිකක් ගියා නම් ඔයාට බලන්න වෙන්නේ බිම මොකද දැනටමත් මගේ කකුල් දෙක ගෙවිලා තියෙන්නේ!

"යන්න ඇතුලට"

එ.... බයෙත් බෑ අප්පා කියන නිසාම ගියා. මං ඇතුලට ගියාට පස්සේ අම්බර දොරත් වහගෙන ඇතුලට ආවා.

ගියත් හරි මේ මුලු කාමරේම බලන්න මට දැන් ඇස් අටක්වත් තිබ්බනම් කියලා හිතුනා. මේක නිකන් ලොකුත් නැති පොඩි නැති size එකේ කාමරයක්! අඩි ගානෙන් කිව්වොත් 15x15 වගේ... මට දැන් ඒක guess කරන්න පුලුවන් මොකද මං කොච්චර මගේ tape එක බිත්තියේ ගැහුවත් එක දැන් මගේ ඔලුව වටේ එතිලා ඉවරයි.

අනේ මට මේ කාමරේ ඕනේ!!! ඒක.. ඒක මාරම calm... හරියට අම්බර වගේ. මුලු room එකම mute colors වලින් paint කරලා තිබ්බේ.. ඉස්සරහම තිබ්බ බිත්තියේ ජනේලේ ලොකුයි ඒකේ පඩියේ මනුස්සයෙක්ට ඉදගන්න උනත් පුලුවන්. ඒ ජනේලේ ගාලා තිබ්බ සුදු පාට paint එකට හරියන්න ඒ පාටින්ම දුහුල් රෙද්දකින් curtains දාලා තිබ්බා. මට දැන් ගිහින් ඒ ජනේලේ ඇරලා බලන්න ආසයි!

එහෙම හිතලා අඩිය තියන්න යද්දිම අම්බර මට කලින් ගිහින් ඒ ජනෙල් පියන් දෙක ඇරියා. එයා මගේ හිත කියවල ද? ඇරපු ගමන් ආපු පොඩි හුලගට ඒ curtains එහෙට මෙහෙට දගලද්දි මට එතනින් එලිය පේන්න ගත්තා.... අනේ දෙවියනේ... මං මේ කොහෙද ඉන්නේ..?

ආහ් මන්දා මගේ ඔලුව නිකන් පිපිරෙන්න වගේ එනවා... ඒ එන feeling එක මට දරා ගන්න බෑ.. එතනින් එලිය මට අපේ කැම්පස් එකේ තැනක් කියලා හිතා ගන්න බැරි වෙන තරමටම අමුතු ලස්සනයි. මහ ලොකු දෙයක් නෑ ඒත් පුදුම විදිහට සන්සුන්... එලියේ මේ ජනේලෙට ලං වෙන්නම අතු විහිදුනු රෝස පාට මල් පිපෙන ලොකු සල් ගහක් තියෙනවා. ඒ ගහේ මල් බිම තියෙන තනකොල බිස්සට වැටිලා අනේ මට ඒක උඩ පෙරලන්න හිතයි! ඒ වටේටම තව පොඩි පොඩි මල් පිපෙන පදුරු තිබ්බා.

අම්බර ඔයා මාව මේ එක්කන් ආවේ කොහෙටද??!! මං ඇත්තම කියන්නම් මේ කාමරේට ආපු වෙලාවේ ඉදන්ම මගේ ඔලුවේ තිබ්බ කලබල මුරන්ඩු ගතිය කොහෙන් ගියාද කියලා මටම හිතා ගන්න බෑ...

"සියූ..."

ඒ සද්දේ ඇහුනේ මගේ කන ගාවින්මයි. මම හිටපු හීනලෝකෙන් ඇහැරිලා මං ඉක්මනට පිටිපස්සට හැරුනම ඇත්තම කිව්වොත් මේ violin එකේ බර දැනෙන්න ගත්තෙත් දැනුයි.

ඒ හැරුනම අම්බර මං දිහා බලන් සන්සුන් හිනාවක් දැම්මා.. පස්සේ තමයි එයාගේ එහා පැත්තේ තිබ්බ බිත්තිය දැක්කේ! ඒ බිත්තිය වැහෙන්න violin පේලි තුනකට එල්ලලා තිබ්බා. මං හිතන්නේ ඒවා එක එක brand එකේ ඒවා වෙන්න ඕනේ. එක එක පාට...

"එයාලා ලස්සනයි නේද?"

මගේ ඇස් ඒ බිත්තිය උඩ තිබ්බ violin උඩට තියෙද්දි අම්බර මං දිහා බලාගෙන අහනවා මම ඇස් කොනින් දැක්කා. මම හැරිලා ඉනට අත් දෙකත් තියාගෙන මං දිහා බලන් ඉන්න කෙනා දිහාවට හැරුනා.

"ඔයා මේ හැම එකක්ම play කරලා තියෙනවද?"

"ම්..."

එයා එහෙම කියන ගමන් ඔලුව හිමීට වැනුවා.

"ඔයා වැඩියෙන්ම ආස violin එක මොකද්ද?"

මං ඇහුවේ බිත්තිය පැත්තට ඉගි කරලා. එතන තියෙන violin තොගයෙන් කවුද ඒ luck කාරයා? නෑ ඉතින් අම්බර වගේ කෙනෙක්ගේ ආසම violin එක වෙන්නත් ලේසි නැතුව ඇතිනේ.

"ඔතන ඒක නෑ.. "

එයා අත් දෙක සාක්කුවට දාගන්න ගමන් කියද්දි මං බිත්තිය දිහා ආයේ බැලුවා. මොකද්ද අප්පේ ඒ violin එක?!

"එහෙනම් කොහෙද තියෙන්නේ??"

"ඔයාගේ අතේ..."

මගේ ඇස් මටත් කලින් ගියේ අතේ තිබ්බ violin case එක උඩට.

"ම්... මොකද්ද දැන් මගේ punishment එක?"

"ඔයාට class තියෙන්නේ කීයටද?"

"10ය ට"

අයියෝ~~~ ඔය කිව්වේ හරකා වගේ! මට තව පැයක් අඩු කරලා කියන්න තිබ්බා ෂිට්!!!!

"ම්... එහෙනම් තව වෙලා තියෙනවා..."

මං අම්බර දිහා බලන් ඉද්දි එයා එහෙම කියන ගමන් ලග තිබ්බ රවුම් ලීයකින් හදලා තිබුන coffee table එක උඩ අපිළිවෙළට තියලා තිබ්බ කොල ටිකක් අරන් මගේ පැත්තට දික් කරා.

"මේ කොල ටික පිලිවෙලට හදන්න..."

හපෝ... ඒකද මෙයාගේ මහ ලොකු punishment එක? ෆුහ්!

ඒත් මං ගිහින් ඒ කොල්ල ටික ගන්න කලින් එයා ඒ කොල ටික මෙන්න ආයේ එයාගේ පැත්තට ඇදලා ගත්තා.

"ඇයි??"

"මේක අන්තිමට කරන්න තියෙන වැඩේ... ඊට කලින් අර බිත්තියේ එල්ලලා තියෙන violin වල bridge එක යට තියෙන rosin පාරවල් ටික පිහිදාන්න ඕනේ"

මොකේ මොකක් කිව්වා????

"Bridge??"

මට පාලමක් පේන්නේ නෑනේ?? කොහෙ තියෙන පාලමක් ගැනද මෙයා මේ කියවන්නේ??

මං ඇස් දෙකත් රැලි කරගෙන අම්බර දිහා බලන් ඉද්දි එයා බිත්තිය ලගට ගිහින් එතන එල්ලලා තියෙන එක violin එකක් අරගෙන මට එතනට එන්න කියලා ඔලුවෙන් ඉගි කරා. මාත් ඉතින් ගියා බලන්න.

"violin එකක bridge එක කියන්නේ මෙන්න මේකට"

එයා violin එකේ strings ටිකට යටින් තිබ්බ කහ පාටට තියෙන පොඩි ලී කෑල්ලක් පෙන්නුවා. හනේ අම්මේ මේකට ද යකෝ Bridge එක කිව්වේ?? මේකට Bridge එක කිව්වොත් Bridge එකට කියන්නේ මොකද්ද?! And අනිත් එක.. What the heck is rosin????

මං මූනත් හදාගෙන අම්බර දිහා බැලුවා. දැක්කා දැක්කා Bridge එක දැක්කා!

"හරි එහෙනම් මේකෙ යට තියෙන මේ කලු පාට rosin පැල්ලම් ටික මේ රෙදි කෑල්ලෙන් හිමින් පිහිදාන්න... හිමින්.. තේරුනාද සියූ?"

මොන මගුලේ සියෙක්ද මන්දා!! හරි හරි තේරුනා!

"ඔව්"

"good! එහෙනම් පහල පේලියෙන් පටන් ගන්න... ඕවා නහයට යවා ගන්න එපා... Rosin dust එක නැති නිසා ඔයාගේ නහය ලොකුවට සද්ද කරන එකක් නෑ..."

අම්බර ඒ ටික දැන් ගහෙන් බැහැපු ගස් දෙයියෙක් වගේ ලතාවට කියන ගමන් මගේ අතේ තිබ්බ එයාගේ violin case එක අරගෙන අර පෙන්නපු රෙද්ද මගේ අතේ තිබ්බා.

හනේ~~~ හොදට හිටපු මට වෙච්ච දෙයක්! අම්මපා ආයෙනම් මං මැරෙන්න ගියත් දෙයියොන්ගෙන් නම් මේ ලෝකේ දෙයක් ඉල්ලන්නේ නෑ!!

අරයා කිව්වත් වගේ ඉතින් මං පහල පේලියෙන් එක violin එකක් අරන් බිම ඉදගෙන පොඩි රෙදි කෑල්ලෙන් හෙමීට අතුල්ලන්න ගත්තා. හනේ අතුල්ලනවා අතුල්ලනවා ඉවරයක් නෑ අතුල්ලනවා ඒත් මේ රෙදි කෑල්ල දිහා ඇහැක් ඇරලා බැලුවේ අර කිව්ව rosin ද bosin ද නෙමෙයි! මොන ලාටු ගොඩක් ඕයි මේ??

මං නිකමට වගේ violin එක නහයට ලං කරලා ඉඹලා බැලුවා... හම්මෝ ~~~ මේකේ සැර!! මිරිස් ද දෙයියනේ?? හ.. හරි ඔන්න බඩු.. සෙ.

"හ. හහ්. හහචිංග්ග්ග්!!!"

මගේ හච්චිමට උඩ විසිවෙලා ගියපු අම්බර ඉක්මනට මං ගාවට දුවන් ආවා.

"මොකද ඔය පොඩි ළමයෙක් වගේ? ඕක ඉඹින්න නෙමෙයි මං කිව්වේ පිහිදාන්න... ඔයාට ඉඹින්න මොනා හරි ඕනේ නම් කියන්න... ඔය rosin ඉඹින්න හදන්න එපා.. "

එයා මං ගාව හිටගෙන බෙල්ල පහත් කරන් එහෙම කියවද්දි මගේ කට නිකන්ම ඇරුනා. ඉඹිනවා මං කියන්නෑ!

"හ්ම්... ඉක්මනට කරන්න අද එක violin එකක් හරි ඉවර කරයි කියලා මට බයයි.."

අම්බර ආයේ එයා හිටපු තැනට යන ගමන් කියන් යද්දි මං පුලුවන් උපරිමෙන් එයාට ඇද කරා. පේන්නේ නෑනේ ඉතින් හුම්!

අනේ අම්බර ගේ මහ ලොකු violin එක! මේ මගුලේ rosin පැල්ලමක් යවන්න එක තැන පනස් වතාවක් විතර මේ ඇහැට පේන්නේ නැති රෙදි කෑල්ලෙන් අතුල්ලන්න වුනා. ඒ අස්සේ විනාඩි දහයෙන් දහයට හරි මට මේ මගුලෙන් එන සැර ගදට හච්චින් යන්නත් ගත්තා. කිව්වත් වගේ අද මට එක violin එකක් හරි ඉවර කර ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්!! අනේ මං දිහා මේවා මට කරපු දෙයියොම බලන්න ඕනේ...

"ඔය ඇති සියූ දැන් යමු"

මං දිවත් හපාගෙන දැන් හෙන වෙලාවක් තිස්සේ ඉදන් මේ violin රාජයව මැද මැද ඉද්දි අම්බර මං ගාවට ඇවිත් එයාගේ අත දික් කරා.

"කොහෙද?"

"ඇයි ඔච්චර ප්‍රශ්න? මගේ rules හරියට කියෙව්වේ නැද්ද සියූ? 136 වෙනි නීතිය.. මගෙන් වැඩිය ප්‍රශ්න අහන්න බෑ..."

මෙව්වා අප්පගේ නීතිනේ යකෝ!! ඉන්නවා මං අද ගෙදර ගිහින් ඔක්කොටම කලින් මෙයාගේ දන්ඩ නීති සංග්‍රහය කියවනවා අම්මපා!!

අම්බර ආයෙත් මං දිහා බලන් එයාගේ දික් කරන් ඉන්න අතේ ඇගිලි හෙලෙව්වා. මොනාද ඉල්ලන්නේ? අතද?...

"violin එක දෙන්න"

ආහ්....! හොඳ වෙලාවට අත දෙන්න ගියේ නැත්තේ!! හහ්... හහ්! අනේ වැඩේමයි මගේ අත දෙන්න මෙයාට!

මං violin එක දිලා ඉදන් හිටපු තැනින් නැගිටලා අත් දෙක ගැසුවා. හපෝ මගේ අත් දෙකත් අර rosin ගදයි! ඉඹලා ඉවර වෙලා මං අත නහය ගාවින් අයින් කරද්දිම වගේ අම්බර ඇවිත් මගේ අත ඇදලා අරන් එයාගේ මූන ගාවට ලං කරගත්තා.

"මොනාද කරන්නේ?!"

මන්දා මාව කවදාවත් නැතුව එක පාරටම ගැස්සුනා. මං බලෙන්ම මගේ අත අදිද්දි එයා තවත් මගේ අත එයාගේ නහයේ ගෑවෙන්ම තියාගෙන ඉඹලා බැලුවේ මං දිහා බලාගෙනමයි.

"මේ ගද අත සේදුවම යනවා"

අම්බර ඒ කියන ගමන් මගේ අත අත් ඇරියා. මොකද්ද වෙලා තියෙන්නේ ආහ්? ඕක කියන්න අත ඉඹලා බලන්නම ඕනෙද??

"ඉක්මනට යමු"

"කොහෙද යන්නේ??"

"කන්න... මට බඩගිනි..."








To be continued...

Continue Reading

You'll Also Like

552 75 17
Warning 🚫❗ " වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න ⁣⁣වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බ...
152K 17.9K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
2M 139K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
286K 29.4K 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...