OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔

By Little_vixen7

85.7K 16.9K 3.4K

I don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 🐆 ... More

✏Author Note✏
00🚩 - ( ' 3')
01🚩 - ( ' 3')
02🚩 - ( ' 3')
03 🚩 - ( ' 3')
04 🚩 - ( ' 3')
05 🚩 - ( ' 3')
06 🚩 - ( ' 3')
07 🚩 - ( ' 3')
08 🚩 - ( ' 3')
09 🚩 - ( ' 3')
10🚩 - ( ' 3')
11 🚩 - ( ' 3')
12 🚩 - ( ' 3')
13 🚩 - ( ' 3')
14 🚩 - ( ' 3')
15 🚩 - ( ' 3')
16 🚩 - ( ' 3')
17 🚩 - ( ' 3')
18 🚩 - ( ' 3')
19 🚩 - ( ' 3')
20 🚩 - ( ' 3')
21 🚩 - ( ' 3')
22 🚩 - ( ' 3')
23 🚩 - ( ' 3')
24 🚩 - ( ' 3')
25 🚩 - ( ' 3')
26 🚩 - ( ' 3')
27 🚩 - ( ' 3')
28 🚩 - ( ' 3')
29 🚩 - ( ' 3')
30 🚩 - ( ' 3')
31 🚩 - ( ' 3')
32 🚩 - ( ' 3')
33 🚩 - ( ' 3')
34 🚩 - ( ' 3')
35 🚩 - ( ' 3')
36 🚩 - ( ' 3')
37 🚩 - ( ' 3')
38 🚩 - ( ' 3')
39 🚩 - ( ' 3')
40 🚩 - ( ' 3')
41 🚩 - ( ' 3')
42 🚩 - ( ' 3')
43 🚩 - ( ' 3')
44 🚩 - ( ' 3')
45 🚩 - ( ' 3')
46 🚩 - ( ' 3')
47 🚩 - ( ' 3')
48 🚩 - ( ' 3')
49 🚩 - ( ' 3')
50 🚩 - ( ' 3')
51 - 🚩 ( ' 3')
52 🚩 - ( ' 3')
53 🚩 - ( ' 3')
54 🚩 - ( ' 3')
🚩 - ( ' 3')
55 🚩 - ( ' 3')
spoiler 🚩
Bonus 2 🚩 - ( ' 3')

Bonus 1 🚩 - ( ' 3')

1K 182 73
By Little_vixen7

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Jungkook ට දැන් අවුරුදු 20 ක් සම්පූර්ණ වෙන්න ළඟයි.. මේ වෙද්දි එයා එයාගෙ ටෙටේ hyung නැතුව තනියම ජීවත්වෙන්න අරන් අවුරුදු තුනකට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බා.. ඒත් තාමත් එයාට මේ අලුත් ජීවිතේට හැඩගහෙන්න ගොඩක් අමාරු වෙලා තිබ්බෙ, Taehyung එයාගෙ ළඟ නැති අඩුව මකන්න වෙන කිසිම දේකට පුළුවන් කමක් තිබ්බෙ නැති නිසා..

මේ වෙනකොට Jungkook ට එයාගෙ Jeon පවුලෙ හැම දේපලකම නීත්‍යානුකූල අයිතිය පැවරිලයි තිබ්බෙ.. ඒ දේපල අතර එයාලගෙ ගින්නෙන් විනාස වෙලා ගිය මහගෙදරත්, පවුලෙ business එක වුණු Jeon cooperation එකත්, එයාගෙ අප්පගෙ නමට තිබ්බ ලොකු land එකකුත් ඇතුලත් වෙලා තිබ්බා.. ඒත් තාමත් Jungkook ඒ properties බාර ගන්න එක තරයේම ප්‍රතික්ෂේප කරල තිබ්බෙ Jeon පවුලෙ කිසිම දෙයක් එයාට එපා කියන මතේ එයා තදින්ම හිටපු නිසා... Namjin දෙන්නා වුනත් ඒ කිසිම දෙයක් ගැන Jungkook ට පොඩිවත් බලපෑමක් කලේ නැත්තෙ Jungkook දැන් තමන්ගෙ දේවල් ගැන තනියම තීරණ ගන්න පුළුවන් වයසක ඉන්නව කියල එයාලා විශ්වාස කරපු නිසා.

Moon-Seok ට මේ වෙද්දි ජීවිතාන්තය දක්වාම හිරබත් කන්න සිද්ධ වෙලා තිබ්බා.. ඒ එයා කරපු හැම අපරාධයක්ම Namjoon ඇතුලු එයාගෙ team එක විසින් හෙලිදරව් කරපු නිසා..

මේ හැමදේම මේ විදියට විසදීගෙන යද්දි තවත් එක දවසක හවස් වරුවේ Namjoon ට හදිස්සියෙම call එකක් ආවෙ එයාලගෙ ජීවත වලට අලුත් බලාපොරොත්තුවක් එකතු කරලා...

📲📲📲📲
Dr. Harry

🐨 - " hello doctor Harry! "

💊 - " Mr.Namjoon, මං ගාව ඔයාලාට ගොඩක් හොද ආරංචියක් තියනවා. "

🐨 - " ටෙ-ටේහියුන් ?! "

💊 - " හ්ම්~ එයා අද coma එකෙන් එළියට ආවා.
අපිට දැන් එයා ගැන hops තියාගන්න පුළුවන්! "

Garden එකේ ඉදන්ම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වපු Namjoon ඒ අනිත් පැත්තට ගේ ඇතුලට දුවගෙන ගියේ එයාගෙ ඇස් වල පිරුණු සතුටු කදුළුත් එක්කමයි.

🐨 - " හනී !!! "

එයාලා දෙන්නගෙ කාමරේ ඇද උඩට වෙලා ඉදගෙන Taehyung ගෙයි Jungkook ගෙයි Photo එකක් දිහා බලන් බර කල්පනාවක හිටපු තමන්ගෙ Husband ට Namjoon එහෙම කතා කලේ පොඩි හිනාවකුත් මූණේ තියාගෙන..

හදිස්සියෙම ඇහුන සද්දෙට ගැස්සිලා ගියත් ඉක්මනට ඔලුව හරවලා Namjoon දිහා බැලුව jin ටිකක් පුදුමෙන් වගේම විමසිල්ලෙන් තමන්ගෙ Husband දිහා බැලුවෙ ' එකපාරටම මෙයාට මොකක් වුණාද ' කියල හිතන ගමන්...

🐹 - " ජූන් ?! "

🐨 - " හ-හනී එයා... "

🐹 - " අහ්හ් ?! "

🐨 - " ටෙ-ටේහියුන් "

Namjoon ගෙ කටින් ඒ නම පිට වෙනවත් එක්කම කදුළුත් පුරෝගෙන ඇදෙන් නැගිටපු jin තමන්ගෙ අතේ තිබ්බ photo එකත් පපුවට තුරුල් කරගෙන Namjoon දිහාවට අඩි තිබ්බෙ හීනෙන් වගේ..

🐹 - " මො-මොකද්ද ඔයා කියන්න යන්නෙ ?! "

🐨 - " හනී... "

🐹 - " please මං තාම එයාට යන්න දෙන්න ලෑස්ති නෑ ජූන්.. Doctor ට කියන්න තව ටිකක්- "

🐨 - " එයා coma එකෙන් එළියට ඇවිත් හනී ! "

🐹 - " මො-මොකද්ද ?! "

🐨 - " අපේ පැටියා coma එකෙන් එළියට ඇවිත්."

🐹 - " ජ්-ජු-ජුනී.. "

🐨 - " Doctor Harry මට දැන් කතා කලා...
එයා... එයා කිව්වා අපිට දැන් ටේ පැටියා ගැන hops තියන්න පුළුවන් කියලා..."

Scrash! 🥛💥

" මොකද්ද කිව්වෙ අප්පා ??! "

.
.
.
.
.
.

Namjin දෙන්නා හිටියෙ එයාලගෙ ඇද උඩ ඉදගෙන හොදටම ඉකිගගහ අඩන Jungkook ව දෙපැත්තෙන් තුරුල් කරගෙන.. Jungkook ගෙ ඔලුව තමන්ගෙ පපුවට තුරුල් කරන් jin නුත් හොදටම අඩද්දි Namjoon ඒ දෙන්නවම තුරුල් කරගෙන පුළුවන් තරම් තමන්ගෙ කදුළු පාලනය කරගන්න උත්සහ කලා.

මීට විනාඩි කීපෙකට කලින් Jungkook පහලට ගියේ එයාට බොන්න මොනහරි දෙයක් අරගෙන යන්න.. සාමාන්‍යයෙන් Jungkook කාමරෙන් එළියට එන්නෙ එයාගෙ පපා එයාට කන්න එන්න කියලා කතා කලොත් ඇරෙන්න වෙන මොකක්හරි අත්‍යවශ්‍යම දේකට විතරයි.. ඒ ඇරුනම එයා නිතරම කාමරේ ඇද උඩට ගුලි වෙලා ඉදගෙන වෙනමම ලෝකෙක ජීවත් වෙන්න පටන් අරන් තිබ්බා.

Namjoon, Taehyung ගෙ අලුත් condition එක ගැන jin ට කියද්දි බොන්න කිරි වීදුරුවක් අරගෙන ආපහු කාමරේට යන ගමන් හිටපු Jungkook එකපාරටම එකතැන නතර වුණේ එයාට ඇහුන දේ නිසා...

🐹 - " ජ්-ජු-ජුනී.. "

🐨 - " Doctor Harry මට දැන් කතා කලා...
එයා... එයා කිව්වා අපිට දැන් ටේ පැටියා ගැන hops තියන්න පුළුවන් කියලා..."

ඒ වචන ටික ඇහෙද්දිම Jungkook ගෙ අතේ තිබුණු කිරි වීදුරුව එහෙම්මම එයාගෙ ඇගිලි අතරින් ලිස්සල ගිහින් බිම වැටුනේ ලොකු සද්දයක් එක්ක ඒක පුංචි පුංචි කෑලි වලට බිදිල යද්දි.

🐇 - " මොකද්ද කිව්වෙ අප්පා ??! "

තවමත් තමන්ට ඇහුන දේ ගැන කිසිම විශ්වාසයක් නැතුව වුණත් කදුළුත් පුරෝගෙන Jungkook එහෙම කතා කලේ ඒ වෙනකොටත් බයෙන් පිරුණු ඇස් එක්ක එයා දිහා බලන් ඉන්න Namjin දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.

🐇 - " මො-මොකද්ද කිව්වෙ ? "

🐨 - " පු-පුතේ.."

🐇 - " ටේහියුන් ගැන මොකද්ද ? "

🐹 - " කුකී... "

🐇 - " මං ඇහුවෙ මොකද්ද ඒ කිව්වෙ කියලා අප්පා...
මං අහපු දේට මට උත්තර දෙනවා !! "

Jungkook ගොඩක් ආවේගෙන් කෑ ගැහුවා.

🐹 - " පැටියො ටිකක් සන්සුන් වෙන්න "

ඊළඟ තප්පරේ තමන්ගෙ අතේ තිබ්බ photo එක එහෙම්මම බිමට අතඇරපු jin අඩියට දෙකට Jungkook ගාවට ගියේ එයාව ටිකක් සන්සුන් කරන්න හිතාගෙන...
ඒත් ඊට වඩා ඉක්මන් වුණු Jungkook කෙලින්ම Namjoon ගාවට ගිහින් එයාගෙ Shirt collar එකෙන් තද කරල අල්ල ගත්තෙ කේන්තියෙන්ම රතු වෙලා කදුළු බේරෙන ඇස් වලින් එක එල්ලෙ එයාගෙ අප්පගෙ ඇස් දිහා බලාගෙන.

🐇 - " මොකද්ද ඒ කිව්වෙ අප්පා.. "

🐨 - " Jungkook ! "

🐇 - " අවුරුදු 3 ක් අප්පා.... අවුරුදු 3 ක් මං විදෙව්වා.
Please දැන්වත් මට ඇත්ත කියන්න. මගෙ ටෙටේ කොහෙද ඉන්නෙ ?! "

වෙව්ලන ඇගිලි තුඩු වලින් තව තවත් Namjoon ගෙ Shirt collar එක තද කරල මිරික ගත්ත Jungkook එයාගෙ ඔලුව Namjoon ගෙ පපුවට තද කරල හයියෙන් කෑ ගහල අඩන්න පටන් ගත්තෙ Namjoon නුත් ඉක්මනට Jungkook ව තුරුල් කරගෙන එයාව සන්සුන් කරන්න උත්සාහ කරද්දි.

🐨 - " අපිට සමාවෙන්න මගෙ පැටියෝ...
අපිට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ "

ඊළඟ මොහොතෙ Namjoon ගොඩක් වේදනාවෙන් මිමිණුවා.



Flashback

💊 - " Taehyung........
ඒ ළමයට නම් අර විසෙන් ගොඩක් ලොකු ප්‍රමාණයක් ශරීර ගතවෙලා තියනවා Mr.Namjoon.. ඔයාලා මෙහෙට එයාව අරන් එන්න විනාඩි 45 කට විතර කලින් තමයි එයාට ඒක inject වෙලා තියෙන්නෙ. ඉතින් දැනටමත් ඒ විස එයාගෙ මුළු ඇගේම උඩු දුවලා.
ඒවගේම එයාට වෙඩි වැදිල තියන තැනත් ටිකක් දරුණුයි.. ලේ ගොඩක් දැනටමත් bleed වෙලා.

මං කියන්න හදන දේ ඔයාලට තේරෙනවා නේද !?

ඇත්තටම මට ගොඩක් කණගාටුයි Mr.Namjoon. අපි අපිට කරන්න පුළුවන් උපරිමේ කලා..."

ටේ කුකී දෙන්නව check කරපු doctor එහෙම කියාගෙන එතනින් යන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුණ jin ඒ doctor ගෙ ඉස්සරහ දණින් වැටුණේ තමන්ගෙ ඇස් දෙක වගේ පරිස්සම් කරපු තමන්ට ලේ බැදීමක් තිබ්බ එකම දරුවගෙ ජීවිතේ වෙනුවෙන් තව එකම එක අවස්ථාවක් ඉල්ලගන්න.

🐹 - " please doctor... ම-මගෙ දරුවා.. එයාට දැන්ම යන්න දෙන්න බෑ doctor... එහෙම යන්න දෙන්න බෑ.
please! Please මොනහරි කරන්න.

අනේ ජූන් ඔයත් කියන්නකො doctor ට... තව එකපාරක් අපේ ටේ බබාව ගිහින් බලන්න කියන්න. මට විශ්වාසයි එයාව හොද කරන්න පුළුවන්.. ඔයා දන්නවනෙ අපේ පැටියා ගොඩක් strong... එයා- එයා කොහොමද එයාගෙ පපාව මෙහෙම දාලා යන්නෙ.. එයාට බෑ.... එහෙම යන්න බෑ."

ඒ doctor ගෙ කකුලක් තද කරලා බදාගෙන jin පිස්සුවෙන් වගේ කියවන්න ගද්දී Namjoon නුත් එයා ළඟ දණ ගහල එයාව තද කරල බදාගත්තෙ එයාව ටිකක් සන්සුන් කරවන්න.

💊 - " Mr..... පොඩ්ඩක් සන්සුන් වෙන්නකො මුලින්ම. "

🐹 - " අනේ මගෙ දරුවා මට බේරලා දෙන්න doctor.. කොච්චර කල් ගියත් කමක් නෑ... කොච්චර වියදම් වුණත් කමක් නෑ.. මට.. මට මගේ දරුව- "

🐨 - " ෂ්ෂ්ෂ් හනී... "

🐹 - " මගේ පැටියා ජූන්... අනේ එයාව බේරගන්න. "

Taehyung ගෙ හුස්ම ටික වෙනුවෙන් සිහි නැතුව ඇදගෙන වැටෙනකන්ම ඇඩුව jin ව පස්සෙ වෙනම Hospital room එකකට යැව්වෙ ඒ වෙද්දි එයාගෙ මානසික මට්ටම ගොඩක් දුර්වල තත්වෙක තිබුණු නිසා.

කොහොම හරි අවසානෙදි Jin ගෙත් Namjoon ගෙත් බලවත් ඉල්ලීම මත පුංචි Taehyung ගෙ ජීවිතේ වෙනුවෙන් ආපහු වතාවක් උත්සහ කරන්න ඒ doctor කැමති වුණා.. ඒත් එයා ඒ මොහොතෙ කිව්වා Taehyung ගෙ ජීවිතේ ගැන එයාට සම්පූර්ණ වගකීමක් ගන්න බෑ කියන එකත් , එයා ආපහු වතාවක් මෙහෙම උත්සහ කරන්නෙ namjin දෙන්නගෙ ඉල්ලීම අහක දාන්න බැරිකම නිසාත් කියලා.

එදා ඒ සිද්ධියෙන් පස්සෙ දවස් 5 ක් ගතවෙනකන් ම පුංචි Jungkook හිටියෙ කෝමා එකක.. මුලින්ම Doctors ලා කියලා තිබ්බෙ දවස් තුනක් වගේ ඇතුලත Jungkook ට අනිවාර්යයෙන්ම සිහිය එයි කියලා.. ඒත් තුන්වෙනි, හතරවෙනි, පස් වෙනි දවසත් එහෙම්ම ගතවෙලා යද්දි Namjin දෙන්නගෙ හිතේ තිබ්බ නොසන්සුන්කමත්, නොයිවසිල්ලත්, බයත් ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තෙ පුංචි Jungkook ගෙ නුත් එයාලා හිතපු තරම් හොද විදියෙ ඉක්මන් ප්‍රචාරයක් නොලැබිච්ච නිසා..

කොහොම වුණත් මොකක්හරි වාසනාවකට පස්වෙනි දවස ඉවර වෙන්න කලින් Jungkook ට සිහිය ආවා.. ඒ මොහොතෙ එයාව check කරපු doctor, Jungkook ගෙ දැන් තත්ත්වෙ ගොඩක් හොදයි කියල කිව්වත් පස්සෙ Namjoon ට ඇවිත් එයාව තනියම meet වෙන්න කිව්වෙ ගොඩක් වැදගත් දෙයක් ගැන කතා කරන්න තියනව කියලා.

💊 - " Mr.Namjoon,.. ඇත්තටම doctor කෙනෙක් විදියට මම, දරුවො දෙන්නෙක් ඉන්න අප්පා කෙනෙක් වෙච්ච ඔයාගෙන් මේ වගේ දෙයක් ඉල්ලන එක ගැන සමාවෙන්න. ඒත් Jungkook ගෙ දැන් තත්ත්වෙයි Taehyung ඉන්න condition එකයි ගැන හිතල බැලුවම මම කැමතී ඔයා Jungkook ට දැම්ම එයාගෙ hyung තාමත් ජීවත් වෙනවා කියන එක නොකියා ඉන්නව නම්.
මොකද Taehyung ගෙ ජීවිතේ ගැන තාමත් මට කිසිම විශ්වාසයක් නෑ..
මම උත්සාහ කරනවා... of course. ඒත්.... මම කියන දේ තේරෙනව නේද ඔයාට.

Jungkook කියන්නෙ පොඩි ළමයෙක්. එයාලගෙ හිත් හරිම ලාමකයි. අනික මේ ගෙවුණු ටික දවසට විතරක් ඒ දරුවා සෑහෙන්න දේවල් වලට මූණ දුන්නා. ඔය දේවලුත් එක්ක ඒ දරුවගෙ හදවත දැනටමත් ගොඩක් දුර්වල වෙලයි තියෙන්නෙ..
ඉතින් ඒ වගේ පොඩි දරුවෙක්ට අපි කොහොමද, අපිටවත් ලොකුවට බලාපොරොත්තු තියාගන්න බැරි දෙයක් ගැන ලොකු ලොකු hops දන්නෙ... හදිස්සියෙවත් ඒවා කැඩිල ගියොත් අන්න ඒ දවසට ඒ ළමයා තවත් වැටෙයි, තවත් විඳවයි...
නිසා හොදම දේ දැන්ම එයාට බොරු කියල හරි එයාගෙ hyung නැතුව තනියම ජීවත් වෙන්න එයාව හුරු කරවන එක.. මොකද මම හිතනවා අපිට Taehyung ගැන මොකක්මහරි නිගමනේකට එන්න පුළුවන් දවසක් වෙනකන් වත් Jungkook ගෙන් ඒ ගැන හංගල තියන එක තමයි හොදම විදිය කියලා. ම්ම්ම්ම්.......

එහෙනම්... ඔයා තව ටිකක් හොදට හිතලා ඔයාට හොදයි කියල හිතෙන තීරණයක් ගන්න Mr.Namjoon. "

ඒ හැමදේමත් එක්ක namjin දෙන්නා තීරණේ කලා Taehyung තවමත් ජීවතුන් අතර ඉන්නව කියන එකත්, එයා ඉන්න අවදානම් තත්වෙ එක්ක එයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියාගන්න අමාරුයි කියන එකත් Jungkook ගෙන් හංගලා, Taehyung නැති වුණා කියලා බොරුවක් එයාට කියන්න..

එතනින් පස්සෙ ඉදන් ගෙවුණු අවුරුදු දෙකහමාරම Taehyung නැහැ කියලා හිතාගෙන Jungkook ගොඩක් අමාරු කාලයක් ගත කලා... ඒ කාලය ඇතුලත සිද්ධ වුණු සමහර දේවල් හින්ද Taehyung ගෙ ඇත්තම තත්වෙ ගැන Jungkook ට කියන්න namjin දෙන්නට නොහිතුනාම නෙවේ.. නමුත් ඒ වෙනකනුත් Taehyung ගෙන් කිසිම හොද ප්‍රතිචාරයක් නොලැබුණු නිසා එයාලා අමාරුවෙන් වුණත් ඒ ඇත්ත Jungkook ගෙන් හැංගුවා. අනික Namjoon වුණත් විශ්වාස කලා Jungkook ඉක්මනටම Taehyung නැතුව ඉන්න හුරුවෙයි, එයා ඉක්මනටම ආපහු සාමාන්‍ය තත්ත්වෙට හැරෙයි කියලා.

ගෙවුණු අවුරුදු දෙකහමාරම Namjoon තමන්ට පුළුවන්කමක් තිබ්බ හැම වෙලාවකම Taehyung ව බලන්න doctor Harry ගෙ ගෙදර ගියා. ඔව් Taehyung හිටියෙ doctor Harry ගෙ ගෙදර. මොකද එයාව එයාගෙ ගෙදර තියාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ.. ඒ නිසා doctor Harry, Taehyung ව තමන්ගෙ ගෙදර තියාගෙන බෙහෙත් කරන්න කැමති වුණා. කොහොමත් doctor Harry ගෙ ගෙදර හිටියෙ එයයි එයාගෙ wife Annie යි විතරයි.. ඉතින් එයාලට Taehyung ව බලාගන්න එක ප්‍රශ්නයක් වුණේ නෑ.

End of Flashback🌂
































🐨 - "එන්න, අපි ඇතුලට යමු. "

🐇 - " ....... "

🐹 - " කුකී... ! "

🐇 - " ම-මට බයයි පපා "

🐹 - " බයවෙන්න එපා රත්තරන්. ඔයාගෙ ටෙටේ ගාවටනෙ යන්නෙ.
ම්ම්ම්ම්.....
එයා බලන් ඇති ඔයා ඇවිත් කතා කරනකන්. "

ඇස් දෙකේම ලොකු කදුළු කැට පුරෝගෙන එයාලගෙ ඉස්සරහ තියෙන Doctor Harry ගෙ ගෙදර දිහා බලන් ඉන්න Jungkook ගෙ කම්මුලක් හිමීට පිරිමදින ගමන් Jin එහෙම කිව්වෙ ලොකු වේදනාවක් තමන්ගෙ ඇස් වල තියාගෙන Namjoon නුත් මේ දිහා බලන් ඉද්දි.

ඔව් එයාලා තුන්දෙනාම අද doctor Harry ගෙ ගෙදර ආවා. ඊයෙ හවස එයාලට ලැබුණු සුබ ආරංචියත් එක්ක තවත් දවසක්වත් පරක්කු නොකර පහුවදා උදේ පාන්දරම එයාලා Taehyung ව බලන්න මෙහෙ ආවා.

Doctor Harry ගෙ wife Mrs.Annie මේ තුන්දෙනාව ගොඩක් ආදරෙන් තමන්ගෙ ගෙදරට පිළිගත්තා.. Doctor Harry ත් ඉක්මනට ඇවිත් මෙයාලා එක්ක ගොඩක් සුහදව කතා කරල Taehyung risk එකෙන් එළියට ආපු එක ගැන Namjin දෙන්නට සුබ පැතුවා. Namjin දෙන්නත් Doctor ටයි එයාගෙ wife ටයි ගොඩක් ස්තූතිවන්ත වුණා තමන්ගෙ දරුවව මේ තරම් කල් හොදින් බලාගත්තට වගේම එයාගෙ ජීවිතෙ බේරල දුන්නට..

ඇත්තටම ඒක ගොඩක් සංවේදී අවස්ථාවක්.. jin විතරක් නෙවෙයි Namjoon පවා doctor Harry ව වැළඳගෙන සෑහෙන වෙලාවක් ඇඩුවා. ඒත් Jungkook හිටියෙ මේ කිසිම දෙයක් ගැන අවදානය දෙන්න පුළුවන් තත්වෙක නෙවෙයි. එයා හිටියෙ වෙනමම ලෝකෙක.. අවුරුදු තුනක්ම තමන් මැරුණයි කියලා හිතාගෙන හිටපු තමන්ගෙ එකම සහෝදරයාව වගේම තමන්ගෙ ආදරවන්තයව ආපහු එකපාරටම දකින්න ලැබෙන එක ගැන එයා හිටියෙ ලොකු නොසන්සුන්කමකින්, ලොකු බයකින් වගේම ලොකු පීඩනයකින්.

Doctor Harry ගෙ පස්සෙන් ආපු Namjoon, Jin, Jungkook තුන්දෙනා අවුරුදු 3 ක් පුරාවට එයාලගෙ Taehyung හිටපු ඒ කාමරේට ඇතුල් වුණා. Jin අද මේ Taehyung ව බලන්න ආවෙ මාස තුනකට විතර පස්සෙ.. මොකද එයාට Jungkook ව බලාගන්න තියන නිසා Taehyung ව බලන්න එන්න ලැබෙන්නෙ කලාතුරකින්. එතකොට Namjoon නම් මීට දවස් දෙකකට කලිනුත් ඇවිල්ලා Taehyung ව බලලා එයා එක්ක ටිකක් කතා කරල ගියේ...

doctor ත් එක්ක කතා කර කරම Namjin දෙන්නා කෙලින්ම Taehyung ගෙ ඇද ගාවට ගියත් Jungkook ඒ කාමරේ දොර ළඟින් නතර වුණේ එතනින් එහාට අඩියක්වත් තියන්න එයාගෙ කකුල් දෙක පණ නෑ වගේ එයාට දැනුණ නිසා.. අවුරුදු තුනක් පුරාවටම මැරිලයි කියලා හිතාගෙන හිටපු එයාගෙ ටෙටේ දැන් එකපාරටම එයාගෙ ඉස්සරහ ඇදක් උඩ හරිම නිස්කලංකව මෙහෙම නිදන් ඉන්නව දැක්කහම එයාගෙ ඇස් වල මේ තරම් වෙලා පොර කාපු කදුළු බින්දු අහුරු පිටින් එළියට පැන්නෙ Jungkook වත් එහෙම්මම එතන බිම දණ ගැස්සෙද්දි.

.
.
.
.
.
.
.

පුංචි Jungkook ව ආපහු සංසුන් කරගෙන එයාව Taehyung ගාවට එක්කන් යන්න Namjin දෙන්නා සෑහෙන මහන්සියක් ගත්තා.. අවසානෙදි පැය බාගෙකට විතර පස්සෙ එයාලට පුළුවන් වුණා Jungkook ව හිමින් සැරේ වාරු කරගෙන ඇවිත් Taehyung ගෙ ඇද උඩින් ඉන්දවන්න..
මේ වෙද්දි Jungkook අඩන එක නම් නවත්තල තිබ්බෙ.. ඒත් එයාගෙ ඇස් වලින් තාමත් ලොකු ලොකු කදුළු බින්දු නොනවත්වාම පහලට බේරුණා.

Jungkook ව ගෙනත් Taehyung ගෙ ඇද උඩින් ඉන්දුවත් හරි එයා කිසිම දෙයක් කියන්නෙ කරන්නෙ නැතුව ඔහේ Taehyung දිහා බලාගෙන හිටියා... අඩුම එයා Taehyung ගෙ අතකින් වත් අල්ලන්න මහන්සි වුණේ නෑ.. namjin දෙන්නා Jungkook ගෙ මේ හැසිරීම දිහා බලාගෙන හිටියෙ ලොකු වේදනාවකින්. මොකද ඒ දෙන්නට තේරුම් ගන්න පුළුවන් තමන්ගෙ දරුව දැන් ඉන්න තත්වෙ මොනවගේද කියලා...

🐹 - " ඔයාගෙ ටෙටේ ට කතා කරන්න කුකී...
කියන්න එයාව බලන්න ඔයා ආවා කියලා. "

බලන් ඉදලා බැරිම තැන Jungkook ගාවට ලං වුණු jin එහෙම කිව්වෙ Jungkook ගෙ අතක් බලෙන්ම අරගෙන Taehyung ගෙ අතක් උඩින් තියලා.

🐹 - " කූ... මගෙ දරුවෝ..
මොනහරි කියන්න පැටියෝ... "

🐨 - " hyung බලන් ඇති ඔයා කතා කරනකන් කුකී.
ඒ නිසා මොනහරි කියන්න. "

🐹 - " Jungkook! "

🐇 - " මගෙ hyungii~ "

Jin, Namjoon දෙන්නා මාරුවෙන් මාරුවට එහෙම කතා කරද්දි එකපාරටම නැවිලා Taehyung ව තද කරලා බදාගත්ත Jungkook, Taehyung ගෙ පපුවට එයාගෙ ඔලුව තද කරන් කෑ ගහල අඩන්න පටන් ගත්තෙ මේ තරම් කල් එයා අමාරුවෙන් දරාගෙන හිටපු හැම පීඩනයක්ම පිට කරලා දාන්න වගේ..
ඒ වෙද්දි එතන ඇද ළඟ හිටගෙන හිටපු jin නුත් මේ දිහා බලාගෙන අඩන්න පටන් ගත්තෙ Jungkook ව සන්සුන් කරන්න එයාගෙ පිට අතගාන ගමන්මයි..






































After one month>>> ⌛⌛

තවත් මාසයක් ගතවුණා.. එදා Jungkook එයාගෙ ටෙටේ ගෙ ඇත්තම තත්වෙ දැනගත්ත දවසෙ ඉදලා එයාට පුළුවන් හැමවෙලාවකම Doctor Harry ගෙ ගෙදර දුවන එක එයා පුරුද්දකට අරගත්තා... නමුත් කවුරුවත් Jungkook ඒ පුරුද්ද නතර කරන්න උත්සාහ නොකලේ Jungkook එහෙම යන එන එකෙන්, නිතරම Taehyung එක්ක කතා කරන එකෙන් Taehyung ගෙ condition එක එන්න එන්නම හොද අතට හැරෙනවා කියලා එදා Doctor Harry ම එයාලට කිව්ව නිසා... ඒ කියපු විදියටම දැන් Taehyung ගෙ තත්වෙ ගොඩක් හොද අතට හැරිලයි තියෙන්නෙ. ඒ වගේම Doctor Harry කියපු විදියට තව වැඩි දවසක් නොයා අනිවාර්යයෙන්ම Taehyung ට සිහිය එයි.

මීට සතියකට විතර කලින් Doctor Harry ගෙ අනුමැතියත් එක්ක Namjoon, Taehyung ව එයාලගෙ ගෙදර එක්කගෙන ආවා.. දැන් එයාගෙ හැම වැඩක්ම කෙරෙන්නෙ Jungkook වගේම jin ගෙ අතින්.. Doctor Harry ත් දවස් දෙකකට සැරයක් වගේ ඇවිත් Taehyung ව check කරල යනවා. ඔය විදියට තමා මේ දවස් කීපය ගෙවුණේ...

අදත් නිදාගන්න කලින් Taehyung ගෙ මූණ අතපය පොඩි wet towel එකකින් පිහිදැම්ම Jungkook එහෙම්මම Taehyung ළඟින් ඇලවෙලා ඒ උණුහුමට ගුලි වුණා.

🐇 - " මගෙ ටෙටේ... ඔයා නැගිටින්නෙ කවද්ද අනේ !?
ඔයා දන්නවද ඔයාගෙ බබා ගොඩක් අමාරුවෙන් මෙච්චර දවස් ඔයා නැතුව හිටියෙ. තවත් නම් ඉන්න අමාරුයි ටෙටේ.. ඔයා නෑ කියලා හිතාගෙන හිටියටත් වඩා මෙහෙම ඔයා දිහා බලාගෙන ඉන්න එක ගොඩක් අමාරුයි..
මට ඔයාට කියන්න ගොඩක් දෙවල් තියනවා. ඒ නිසා ඉක්මනට නැගිටින්න.
කුකී බබා බලන් ඉන්නව ඔයා නැගිටලා මට කතා කරනකන්. ම්ම්ම්ම්....
ඇහුනද ඔයාට...? I love you TaeTae. "

අදත් වෙනද වගේම Taehyung ගෙ පපුවට මූණ තද කරන් එහෙම කියපු Jungkook එතනින් පුංචි හාදුවක් තියල එහෙම්මම ඇස් පියාගත්තා.

.
.
.
.
.
.
.

Next Day Morning

උදේ පාන්දර නැගිටලා කට්ටියට breakfast එක ready කරපු jin, එයාගෙ Husband ගෙ කෑම එක එයාට බෙදල දීලා එහෙම්මම ටේ කුක් දෙන්නගෙ කාමරේ පැත්තට ගියේ කුකීව නැගිට්ටවන්න... ඒත් කාමරේ දොර ඇරගෙන ඇතුලට යන්න තියපු පලවෙනි අඩියෙන් ම jin ව එක තැන ගල් වුණේ එයා එකපාරම දැකපු දේ නිසා..

🐹 - " ටෙ_ටේ බබා~ "

🐆 - " පපා... "

ඔව් එයා දැක්කෙ එයාගෙ පුංචි Taehyung එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න Jungkook ගෙ කොණ්ඩෙ අතරින් ඇගිලි යවන ගමන් ගොඩක් ලොකු ආදරේ කින් Jungkook දිහා බලාගෙන ඉන්නව.. ඒත් jin එයාට කතා කරපු පරක්කුවට හරිම ලස්සන හිනාවක් එක්ක ඔලුව ඉස්සුව එයා ' පපා ' කියලා කියපු ඊළඟ තප්පරේ එහෙම්මම එතන බිම ඉදගත්ත jin ටිකක් සද්දෙන් අඩන්න පටන් ගත්ත..

dinning table එකේ ඉදගෙන පත්තරේ බලන ගමන් තමන්ගෙ breakfast එක හිමින් සැරේ රසවිඳ විඳ හිටපු Namjoon හදිස්සියෙම වගේ නැගිටලා ගොඩක් කලබලෙන් ටේකුක් දෙන්නගෙ කාමරේ පැත්තට දිව්වෙ එයාගෙ Husband අඩන සද්දෙ එතනටම ඇහුන නිසා.

හොද නින්දක හිටපු Jungkook ත් එයාට ඇහෙන්න ගත්ත සද්ද බද්ද නිසා නින්දෙන්ම එහෙට මෙහෙට දඟලන්න ගත්තෙ Taehyung එයාගෙ පිටට හෙමින් තට්ටු කරන ගමන් ආපහු එයාව නිදිකරවන්න උත්සහ කරද්දි..

🐆 - " ෂ්ෂ්ෂ්ෂ් පපා... අනෙ අඩන්න එපා.
මේ කුකී බබාත් නැගිටින්න හදන්නෙ ඔයා අඩන සද්දෙට. "

🐨 - " හනී..... හනී මොකද මේ ?!
ඇයි ඔ- "

🐆 - " අප්පා... "

🐨 - "ට්-ටේ-ටේහියුන් !! "

අහිංසක හිනාවකුත් මූණේ තියාගෙන ඇදේ ඉදන් තමන් දිහා බලන් ඉන්න එයාගෙ පුතා දිහා ටික වෙලාවක් යනකන් Namjoon බලාගෙන හිටියෙ හරියට ගල් ගැහිලා වගේ... නමුත් එයා පියවි සිහියට ආපු ඊළඟ තප්පරේ ඉක්මනට අඩිය තියලා Taehyung ගාවට ගිහින් එහෙම්ම එයාව තුරුල් කරගත්තෙ ඒ ඇස් වලින් උණුසුම් කදුළු බිංදු බේරිලා යද්දි..

🐨 - " මගෙ රත්තරන්.... අප්පාට සමාවෙන්න පුතේ.
අප්පා එදා සෑහෙන්න පරක්කු වුණා. "

Namjoon අඩන ගමන් මිමිණුවා.

🐆 - " අනේ අප්පා... මොනවද මේ කියවන්නෙ අහ්හ්...
ඔයා එදා හරිම වෙලාවට ආවානෙ.
මේ බලන්න අපි දෙන්නම හොදින්. "

Taehyung කිව්වෙ එයාගෙ අප්පගෙ අත් අතරට තව තවත් ගුලිවෙන ගමන්.

මේ අතරේ නින්දෙන් නැගිටින්න ඔන්න මෙන්න හිටපු Jungkook නිදිමරගාතෙම එයාගෙ ඇස් ඇරියෙ එයාට අවටින් ඇහෙන්න ගත්ත සද්ද බද්ද ටික වැඩි වුණු හින්දා වගේම එයා තුරුල් වෙලා හිටපු Taehyung ගෙ උණුහුම දැන් එයාට කලින් වගේ තදින් දැනෙන්නෙ නැති නිසා.. ඒත් එයා ඇස් ඇරපු ඊළඟ තප්පරේ එහෙම්මම ඉද්ද ගැහුව වගේ ඇද උඩ ඉදගත්තෙ එයාගෙ ඇස් ඉස්සරහ ඒ වෙලේ පේන්න තිබ්බ දේවල් එයා කොහෙත්ම මේ මොහොතෙ බලාපොරොත්තු නොවුණ නිසා.

🐆 - " ඔහ්හ් ! මගෙ මැණිකව නැගිට්ටුනාද ? "

තමන්ගෙ උරහිස වටේ එතිලා තිබ්බ Namjoon ගෙ ලොකු බාහුව අතරින් ඇදේ ඉදගෙන ඉන්න එයාගෙ පුංචි කුකීව යන්තමට දැක්ක Taehyung ඉක්මනට එයාගෙ අප්පගෙන් ඈත් වුණේ එහෙම කියන ගමන්...

ඒත් ඊළඟ මොහොතේ එයා හිතන්නත් කලින්ම එයාගෙ කුකී බබා එයාගෙ අත් අතරට පැනල තුරුල් වුණේ " මගේ ටෙටේ නැගිටලා" කියලා අඩ අඩාම මුමුණන ගමන්.






































Happy Valentine's Day 🥀❤️🌚

කාලෙකින් නේද මගේ පැටවුනේ!
මාව මතක් උනාද ........

මේකෙ තව bonus chap එකක් එයි... ඒකත් ඉක්මනට දෙන්න බලන්නම්. ❤
හැමෝටම ආදරෙයි.

My White Rose ff එක අයින් කරන්නද ?

Continue Reading

You'll Also Like

3.5M 285K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
2M 110K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
3K 703 8
සිත්තමක් වැනි ඔබේ ඔය රුව ළඟ මම අදත් පාලනයකින් තොරව යනවා...... එදා ඔය තොල් වල පහස ඒ පුංචි වෙලාවට මට මහා ගොඩක් දැනුනා.... 💋 අපි නැවත හමුවේවිද..... ...
803 167 5
පොරොන්දු තියෙන්නේ බිදෙන්න... ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න. ගතින් එක තැන නොහිටියත්, වෙන් නොවෙන්නම බැදෙන්න... ✿ W i n t e r B e a r ✿ ♡Back To The Star...