➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡
මම දිගටම බයිසිකලේ පැදගෙන යද්දි මට හම්බුනේ පොඩි children's park එකක්...
ඒකෙ පුරාම එහෙම මෙහෙ දුවන, සෙල්ලම් කරන, චූටි චූටි බටු ඇට ටික දැක්කම මට යන්තමට හිනා ගියා..
' අනේ හරිම හුරතල් '
මට හිතුනා..
හදිස්සියෙම ආපු සිතුවිල්ලකට මම මගේ බයිසිකලෙත් ඒ අයිනකින් නවත්තලා park එක ඇතුලට ගිහින් ඔංචිල්ලා 6 ක් විතර පේලියට සෙට් කරල තිබ්බ හරියෙන් bench එකක වාඩි වුණා.
මගේ ළඟම තිබ්බ ඔංචිල්ලාවෙ චූටි කොල්ලෙක් වාඩි වෙලා හිටියා.. පෙනුමෙන් නම් එයාට අවුරුදු හතරක් වගේ ඇති... එයාගෙ පිටිපස්සෙ ඉදන් එයාට තල්ලු දානවා තව චූටි කොලු පැටියෙක්... එයාට නම් අවුරුදු හයක් නැත්නම් හතක් විතර ඇති...
" hyung අලේ තව හයියෙන් තල්ලු කරන්නකූ "
ඔංචිල්ලාවෙ ඉදගෙන හිටපු පොඩි එකා උඩ යන වාරයක් වාරයක් ගානෙ හිනා වෙවී කෑ ගහනවා.
එතකොට අනිත් ළමයා තව වේගෙන් එයාව තල්ලු කරනවා..
දෙන්නත් එක්ක ඔහොම හයියෙන් ඔංචිලි පැද පැද ඉද්දි අර පොඩි එකාට balance නැතුව එකපාරටම එයාව ඔංචිල්ලාවෙන් බිමට වැටුනෙ මම බලන් ඉද්දිමයි..
දැන් පොඩි එකා බිම ඉදන් හොදටම අඩනවා.... ලොකු කොල්ලා හොදටම බය වෙලා බලන් ඉන්නව....
ඒ පොඩි එකා අඩද්දි මට මතක් වුණේ මගේ කුකීව... එයත් ඔය වගේම තමා අඩද්දි... පොඩි දෙයක් වුණත් හූ තිය තිය අඩනවා.... එතකොට මම එයාගෙ මූණ පුරාම හාදු තියලා රිදෙන තැන් වලටත් හාදු තිබ්බම එයා අඩන එක ටිකකට නවත්තනවා... පස්සෙ ආපහු ඒකම මතක් කරකර අඩනවා.
මම දන්නෙ නෑ මම කොහොම ඒ පොඩි කොල්ලා ගාවට ගියාද කියලා... ඒත් මම එයාව හිමීට උස්සගෙන අරන් ඇවිත් bench එක උඩින් ඉන්දුවා.
🐆 - " කොහෙද රිදෙන්නෙ බබා "
මම එයාගෙ ඇගේ තිබ්බ වැලි ගස ගස එහෙම අහද්දි එයා මට කිසිම උත්තරයක් නොදී එයාගෙ hyung දිහාම බලාගෙන දිගටම ඇඩුවා..
අනිත් පොඩි එකා තාමත් අර ඔංචිල්ලාව ළඟ හිටගෙන බයවෙලා වගේ බලන් ඉන්නව... මම එයා ගාවට ගිහින් එයාගෙ අතින් අල්ලගෙන පොඩි එකා ගාවට එයාව අරන් ආවා... ඊළඟ තප්පරේ අර පොඩි එකා එයාගෙ hyung ව බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා..
' මගේ කුකී වගේමයි..'
ඒ දිහා බලන් හිටපු මගේ ඇස් දෙක ටිකෙන් ටික බොඳ වෙලා යද්දි මට කුකීව මතක් වුණා...
මම ඒ පොඩි දෙන්නව අපි දෙන්නා වගේ මවා ගත්තා... අපිත් පොඩි කාලෙ ඔය වගේමයි.. පොඩි වෙනසකට තිබ්බෙ මම මේ ලොකු කොල්ලා වගේ බය වෙන්නෙ නෑ කිසිම වෙලාවක... ඉක්මනට ඊළඟට කරන්න ඕනි දේ ගැන හිතනවා.. අනික කුකී අඩද්දි මමත් නිකන්ම අඩන්න පටන් ගන්නවා.. ඒක හරියට නිකන් එයාගෙ වේදනාව මටත් ඒ විදියටම දැනෙනව වගේ..
අපි දෙන්නා අතර ඒ තරම් ලොකු බැඳීමක් තිබ්බා.. ඒත් දැන් !!
මට බය හිතුනා,,,, මගේ හැඟීම් නිසා අපි අතර තිබ්බ ඒ බැඳීමත් දැන් නැතිවෙලා ගිහින්ද කියලා...
ආයෙ අපිට කලින් වගේ වත් ඉන්න බැරි වෙයිද කියලා..
මගේ කම්මුල් දිගේ බේරිලා යන කදුළු බින්දු අත් දෙකෙන්ම පිහිදාන ගමන් park එකෙන් එළියට ආපු මම ආපහු මගේ බයිසිකලේට නැගලා දිගටම පැදගෙන ගියා...
මම වේගෙන් පැද්දා... මගේ හිතේ තිබ්බ දුක, තරහ, බය, වේදනාව හැමදේම නිදහස් කරල දාන්න වගේ පැඩල් එක හයියෙන් පාගන ගමන් මම හුලං කපාගෙන ඉස්සරහට ගියා.. මේ යන්නෙ කොහෙද කියන එක ගැන මට කිසිම දැනීමක් තිබ්බෙ නෑ... ඔලුව හැරුණු අතේ යනව වගේ තමා මම බයිසිකලේ පැද්දෙ....
මගේ කකුල් දෙක තවත් හොලවගන්න බැරි තරම් රිදෙනකොට, හුස්ම ගන්නත් අමාරුවෙන් හති අරිනකොට මම බයිසිකලේ නැවැත්තුවා... මගේ මුළු ඇගම දාඩියෙන් බත්වෙලා... ඒ නිසා කාටවත් මගේ දාඩියයි කදුළුයි වෙන් කරල හොයාගන්න බැරුව ඇති..
මම වටපිට බැලුවා... හරිම ආගන්තුකයි...
මම ඇවිත් තිබ්බෙ හරිහැටි නොදන්න පැත්තකට.. ආපහු ගෙදර යන්න මම පාර දන්නෙ නෑ... අහසත් ටිකක් කලු කරල තිබබෙ ලොකු වැස්සකට අර අදින්න වගේ... හැමතැනම හරිම මූසල විදියකට මට පෙනුනා...
මගේ ගාව Phone එක තබ්බෙ නෑ... සල්ලි තිබ්බෙත් නෑ... ඇදන් ආපු ඇදුමයි මේ බයිසිකලෙයි විතරයි දැන් මට කියල ඉතුරු වුණේ...
' මම දැන් මොකද කරන්නෙ !?
කොහොමද මං ආපහු ගෙදර යන්නෙ......
මම ගෙදර නෑ කියල දැනගත්තම අප්පයි පපයි දෙන්නම බය වෙයි... එයාලට මාව හොයාගන්න පුළුවන් වෙයිද !
පපා නම් හොදටම අඩයි...
මට සමාවෙන්න පපා.... මට ඔයාට රිද්දන්න ඕනි වුණේ නෑ...
එතකොට කුකී.... එයා කොහොම ඉදීද !
මම නැති වුණ නිසා සතුටුවෙයිද !?
නැත්නම් එයත් අඩයිද! '
මගේ ඔලුව ඇතුලෙ වැඩ කලේ ඔය වගේ දේවල්....
මම හිමීට මගේ බයිසිකලේ වහලා දාපු කෑම කඩයක් ඉස්සරහින් නවත්තලා ඒ ළඟම බිමින් මමත් ඉදගත්තා... මගේ කකුල් දෙකත් පපුවට තුරුල් කරන් ඒ අස්සෙ මූණ ඔබාගෙන මම මගේ කදුළුවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා...
.
.
.
.
.
.
No one's POV 👀
Taehyung ගෙදරින් ගිහින් පැය දෙකකට විතර පස්සෙ තමා කුකී එයාලගෙ කාමරෙන් එළියට ආවෙ... ඒ තරම් වෙලා එයා කාමරේට වෙලා Taehyung ගෙ කොට්ටෙත් බදාගෙන හොදටම ඇඩුවා.. ඒ කදුළු වලට හේතුව වුණේ Beomgyu ගෙයි jimin ගෙයි පැටලැවිල්ල නෙවෙයි.. එයා එයාගෙ ටෙටේ hyung ට අත උස්සපු එක...
මේ අවුරුදු ගානටම කුකී එහෙම හැසිරුණු පළවෙනි පාර තමා ඒ... මොකද මීට කලින් කවදාවත් Taehyung, Jungkook ටවත් Jungkook, Taehyung ට වත් එකිනෙකා ගැන තරහින් අනිත් කෙනාට අත උස්සල තිබ්බෙ නෑ...
කුකී ඒ සිද්ධ වුණු දේ ගැන ගොඩක් කලකිරුණා... දුක් වුණා... එයා හිතුවා මීට වඩා හොද විදියට එයාට ඒක විසදන්න තිබ්බා නේද කියලා.. එයා දහස් වාරයක් Taehyung ගෙන් සමාව ඉල්ලුවා එයා අතින් වුණ වැරැද්දට... හැබැයි ඒ අහිංසකයා නිකමටවත් හිතුවෙ නෑ ඒ දෙමහල් නිවසටම හිටපු එකම මනුස්ස පරානෙ එයා විතරයි කියලා...
Jungkook ට Taehyung නැතුව ඉන්න බෑ... එයාට අනුව එයා පණ වගේ ආදරේ කරන එයාගෙම hyung තමයි ටෙටේ කියන්නෙ... කුකී ටෙටේ ව එයාගෙ ආදරවන්තයා විදියට පිළිගන්න සූදානමක් නැති වුණත් එයාට ටෙටේ නැතුව එක දවසක්වත් ගෙවාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ..
ටෙටේ කියන්නෙ කුකීගෙ ජීවිතේට නැතුවම බැරි කෙනෙක්... පොඩි කාලෙ ඉදන් කුකීගෙ හැමදේටම එකට හිටපු කෙනා... එකට හිනාවුණු කෙනා... එකට අඩපු කෙනා... එයාව බලාගත්තු කෙනා... එයාගෙ ටෙටේ hyung... ඉතින් කොහොමද කුකී එයාගෙ ටෙටේ නැතුව ඉන්නෙ...?! එහෙම ඉන්න එයාට පුළුවන්ද !
කුකී කාමරෙන් එළියට ඇවිත් හිමිට පහලට බැස්සෙ Taehyung ගෙ කකුල් දෙක අල්ලලා වැදලා හරි සමාව ගන්න බලාගෙන... මොකද එයා හොදටම දැනගෙනත් හිටියා එයාගෙ ටෙටේ දැන් ඉන්නෙ එයාටත් වඩා ලොකු වේදනාවකින් කියලා... ඒත් එයා ගේ පුරාම Taehyung ව හෙව්වත් එයාට එයාගෙ ටෙටේ hyung ව හොයාගන්න බැරිවුණා..
කුකීට ගොඩක් බය හිතුනා.. එයා අඩ අඩාම ආපහු කාමරේට දිව්වෙ Taehyung ගෙ Phone එකට call එකක් ගන්න... ඒත් කාමරේට ගියාම එයා දැක්කා එයාගෙ Phone එකත් එක්කම තිබ්බ Taehyung ගෙ Phone එක...
එයා ඉක්මනට එයාගෙ පපාට කලා කලා... Kim Seokjin ට.
මොකද එයා හිතුවා Taehyung එයාලගෙ පපාගෙ cafe එකට ගියාද දන්නෙ නෑ කියලා.. ඒත් jin කිව්වම Taehyung එහෙ ආවෙ නෑ කියලා Jungkook හොදටම බය වුණා...
🐇 - " ටෙටේ ඔයා කොහෙද !
Please ඉක්මනට ගෙදර එන්නකො.
කුකීට බයයි...
මට සමාවෙන්න ටෙටේ...
ඔයාට රිද්දන්න ඕනි වුණේ නෑ මට...
මට සමාවෙන්න.."
කුකී එකම දේ මුමුණ මුමුණ ගෙයි දොරකඩට වෙලා අඩන්න පටන් ගත්තා.
Taehyung ගෙදර නෑ කියල දැනගත්ත ගමන් Cafe එකත් වහලා දාලා jin නුත් ගෙදර ආවා... එයා එද්දි Jungkook දොරට හේත්තු වෙලා හොදටම අඩනවා..
Jin කොයිතරම් අහගන්න උත්සාහ කලත් මොකද්ද සිද්ධ වුණේ කියලා Jungkook ගෙන් කිසිම දෙයක් දැනගන්න එයාට බැරි වුණා...
ටික වෙලාවකින් හොදටම අහස කලු කරල වහින්න පටන් ගත්තා...
තවත් බලාගෙන ඉන්න බැරිම තැන jin එයාගෙ husband ට කතා කලා... Kim Namjoon ට.
Namjoon මුලින්ම කලේ එයාගෙ husband ගෙ හිත ටිකක් හදපු එක... මොකද jin පොඩි දේටත් ඉක්මනට බය වෙනවා... දුක් වෙනවා.
පස්සෙ එයා එයාගෙ අනිත් වැඩ සේරම පැත්තකින් තියලා තව police sergeant ලා කීප දෙනෙක් එක්ක Taehyung ව හොයාගෙන ගියා...
Taehyung කොහෙට යන්න ඇතිද කියන එක ගැන ඔය කාටවත් කිසිම විදියක අදහසක් තිබ්බෙ නෑ... ඒ නිසා එයාලා ගෙදර ඉදන් යන්න තියන හැම පැත්තටම බෙදිලා ගිහින් Taehyung ව හෙව්වා.
.
.
.
.
.
.
.
💜⏩⏩
ලාල ලාල ලා....
ඒක දුක හිතෙන කෑල්ලක් ද ! 😁
Thank you for reading & voting
Sorry for mistakes 💜 💜