Chapter 1💜

5.4K 493 58
                                    

Kim Y/n's POV,

උදේ 6 යි වෙලාව, අහ්.. දැන් ඉතින් නැගිටින්න එපැයි. අදත් ඉතින් ලෙඩ්ඩු 500ක් විතර එනවනේ, මට නම් ඉතින් අවුලක් නෑ Emergency වොර්ඩ් එකේනෙ ඉන්නේ. හැබැයි ඉතින් Emergency case අඩු වුනොත් නම් හොඳයි. නැත්නම් ඉතින් අදත් දවල්ට කන්න වෙන්නෙත් නෑ.

මූණත් හෝදලා හොඳ ඇදුමක් දාගෙන එලියට ආපු කෙල්ල apartment එක lock කරලා hospital එකට යන්න පිටත් වුනා.

අනේ..මේ Seoul කොච්චර ලස්සනද, අම්මායි, තාත්තා යි හිටියා නම්😞

Flashback

කෙල්ල ගොඩක් දුකින් හිටියේ.මොකද, කෙල්ලගේ අම්මයි, තාත්තා යි දෙන්න ම නැති වෙලා. මීට අවුරුදු 10කට කලින් තාමා ඒක වෙලා තියෙන්නේ. කෙල්ල හැදුනේ, වැඩුනේ පුංචි එක්ක. එයා ටිකක් දරුණු කෙනෙක් කෙල්ලට නරක විදියට සැලකුවා ඉතින් කෙල්ල අවුරුදු 18වුන ගමන් ම ඒ ගෙදරින් පැනලා ආවා කෙල්ලගේ හොඳම යාළුවා Lee Sel Bi ඉන්න apartment එකට.

එයා තමයි කෙල්ලගේ පොඩිකාලේ ඉදන් හොඳම යාළුවා.ඉතින් කෙල්ල ඇවිත් එයා එක්ක නතර වුණා. දෙන්නාම Doctorsලා ඒ නිසා දෙන්නා අතර ප්‍රශ්න තිබුණෙ නෑ. Y/n දැනගෙන හිටියේ නැති වුණත් එයාගේ දෙමව්පියො මැරෙන කොට සේරම දේපල එයාගේ නමට ලියලයි තිබිලා තියෙන්නේ. පුංචි ඒක දැනගෙන හිටියා, ඒ නිසා එයා කෙල්ලව ගොඩක් හෙවුවා ඒත් හම්බවුනේ නෑ. මොකද කෙල්ල ගෙදරින් ආවේ යන තැනක් කියලා නෙමෙයිනේ.

ඒවගේම පුංචිගේ දුව Y/nගේ වයසේ. ඒ නිසා දෙන්නා අතර ගොඩක් ප්‍රශ්න තිබුණා.එයාගෙ නම Soo Jung Hee. එයා restaurant එකක වැඩ කලේ.

End flashback

කෙල්ල car එකෙන් ගිහින්, car එක hospital එක ලග park කරලා ඇතුලට ගියා. එතකොටම Nurse Choi ඇවිත්,

"Doctor Kim ඔයාට emergency operation එකක් කරන්න තියෙනවා Doctor Soo ඔයාගේ assistant"

කියලා කිව්වා.කෙල්ල හයියෙන් නොකිව්වත් හිතින් හිතුවා, "හරිනෙ.. උදේ පාන්දරම ඔය මරාලයක් කඩන් වැටුනේ, අර්ශ්.. ඒ විතරක් ද, අර ඇඹලයා මගේ assistantලු,🤢 මේ surgery එකේ. අම්මපා වෙන මිනිහෙක් හිටියෙ ම නැද්ද අහ්.."
(හොඳම වැඩේ කියන්නේ Doctor Soo, 'මුළු නම Soo Nam Woo' අපේ Kim Y/n ගේ පස්සෙන් එනවා කැමැත්ත අහගෙන කෙල්ලට නම් පේන්න බෑ 🤭)

"හරි මිස් Choi, OR එක ready කරන්න මන් change කරන් විනාඩි දහයෙන් එන්නම්."

කියලා කිව්ව කෙල්ල කෙලින් ම ගියේ තමන්ගේ යාළුවා හම්බවෙන්න.

Jungkook's POV,

අද දවසේ මට හරි අමුතු හැඟීමක් තියෙන්නේ, පහලට ගිහින් බලන්න ඕන hyung ලා මොකද කරන්නේ කියලා.

Hyung.... Hyung....

Jin: මොකද මල වදේ.... අපෝ.. මෙන්න මේ යකා උදෙන්ම නැගිටලා, අද නම් වහිනවා sure.

JK: අනේ යන්න අනේ යන්න, අපි හොඳ ළමයි.

V: අනේ පල පල, උඹ හොඳ නිදාගත්තාම විතරයි.

Jimin: ඒක නෙමෙයි, Jungkook මොකෝ මේ උදේ පාන්දරම නැගිටගෙන කරන්න, කොල්ලාගේ මූණේ අද නම් මලක් පිපිලා වගේ.

Namjoon: ඒකතමා මාත් බැලුවේ.

JK: අනේ මන්දා hyung අද අමුතු ගතියක් දැනෙනවා.

Jhope: ඒක නෙමෙයි කට්ටිය director ට එහෙම call එකක් දාලා බැලුවාද, මිනිහා හිතනවද දන්නැ අපි මැරිලා කියලා, කොහෙද ඉතින් මේ gang එකේ වැඩ අස්සේ ඕවා මතක් වෙනවැ.

V: ඒක ඇත්ත

Jimin: ඉන්න මන් call කරන්නම්.

Y/n's POV,

Y/n: Sel Bi බලන්නකෝ තමුසෙගේ හැටි, මූණත් එක්ක ඇදිලා ගිහින්

Sel Bi: එහෙම තමයි හොඳට වැඩකරන Doctors ලා වුනාම, තමන්ගේ patients ලා වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කරන්න ඕනේ. ඒක නෙමෙයි මගේ ගේ කෑවේ නෑ නේ උඹ.

Y/n: නෑ බන් නෑ, උඹ හිතුවද මන් පොඩි එකෙක් කියලා.

Sel Bi: කියන්න බෑනේ, උඹේ ළමා මනසිකත්වේ

Y/n: මේ අහන්නකෝ ඒක නෙමෙයි හොඳම වැඩේ

Sel Bi: ඒ මොකද්ද

~~~මොකද්ද දන්නෑ නේ හොඳම වැඩේ~~~

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

Hi guys 👋, I don't know that u guys are love my story or not but how it's going, r u guys okay with this?💜 Plz vote and comment. It will definitely helps me.💫 Thank you🤗 Love you ❤️ and also I need to give a special thanks to my ever loving friends Amandi💞and Hirushi💞 Thank you soo much for helping me ❤️

-Jeon Yunhee-

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now