Chapter 30

157 29 12
                                    

Author POV

මාසයක්.. ඔව් මාසයක් ගත වෙලා ගියේ හැම දෙයක්ම හොදින් සාමකාමීව සිද්ධ වෙද්දි.. ඒක හරියට කුණාටුවකට කලින් තියෙන සාමකාමී නිහඬ බවක් වගේ..

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ආපහු පාසල් පටන් අරන් දැන් සති තුනක් විතර ගත වෙලා ගිහිල්ලා.. ඒ කාලය ඇතුළතදී තෙහස්, නෙතුන් අතර ගලාගෙන ගිය ආදරය වගේම ඊට නොදෙවෙනි එකිනෙකා ගැන තියෙන විශ්වාසයත් හරි වේගෙන් වැඩි උනේ ඒ දෙන්නගේ සම්බන්ධයට මාසයක් පිරිලා අවසන් වෙද්දි..

ආදරය කරන්න පටන් අරගෙන ගත වුනේ මාසයක් උනත් ඔවුන් දෙදෙනා අතර තිබූ ආදරය,විශ්වාසය,එකිනෙකා තේරුම් ගැනීම හරියට අවුරුදු ගානක් ආදරේ කරපු පෙම්වතුන්ගේ වගේ.. එහෙමත් නැත්තන් ආත්ම සහකරුවන්ගේ වගේ කියලාත් කියන්න පුලුවන්..

මේ කෙටි කාලය ඇතුලතදි තෙහස් නෙතුන් ආදරය විතරක් නෙවෙයි.. තෙහස්, නෙතුන්, ශෙවෝන්, හිමාශ, යෙනුල් අතර තිබුණු යාළුකම වගේම තෙහස්ගේ ආධ්‍යාත්මික හැකියා පවා වර්ධනය වුනා..

නිදහසක් ලැබෙන පුලුවන් හැම වෙලාවකම තෙහස් තමන්ගේ කාලය කැපකලේ තමන් තුල තියෙන ආධ්‍යාත්මික හැකියාවන් වර්ධනය කරගන්න.. ඒකේ ප්‍රථිඵලයක් හැටියට මේ වෙනකොට තෙහස්ගේ හිත් කියවන්න වගේම අනාගතය දකින්නත් යම්තාක් දුරකට පුලුවන් උනා.. තමන්ගේ සටන් හැකියා,යුධමය පුහුණුවත් ඒ අතරෙම ලබාගත්තු තෙහස් මේ වෙනකොට ශක්තිමත් ඇල්ෆාවෙක් වෙලා ඉවරයි.. මේ වෙනකොට ගම් වැසියන්ගේ බලාපොරොත්තුව වෙලා ඉවරයි..

තමන්ට කාගේ කොහොම හිත කියවන්න පුලුවන් උනත් තෙහස් කිසිම වෙලාවක ඒ හැකියාව තමන්ගේ ආදරේ ගාවදි පාවිච්චි කලේ නෑ.. ඒකට අවශ්‍යතාවක් තෙහස්ට ඇත්තෙත් නෑ.. මොකද ඒ ආදරේ උතුරන මන්දාකිණි ඇස් දැක්ක ගමන් ඒ හිතේ තියෙන්නෙ මොනවගේ දෙයක්ද කියන්න තෙහස්ට අදුරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි..

අදත් ඒ විදිහේ සාමාන්‍ය සෙනසුරාදාවක්.. උදේ අටට විතර නැගිටලා මූන කට හෝදන් ඇදුමක් දාගත්තු නෙතුන් මැසේජස් චෙක් කරන්න කියලා හිතන් ෆෝන් එක අතට ගන්නකොටම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තේ හිමාශගෙන් ආපු කෝල් එක නිසා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now