Chapter 17

192 28 222
                                    

Nethun's POV

"පුතාලා ඔක්කොම හරිනේ එහෙනං..? වාරෙ එනකන් ඉදලා ගානට වැඩේ කරන්නයි තියෙන්නේ.. ගුඩ් ලක් හැමෝටම"

අපි අදත් මේ වෙලාවේ හිටියේ මියුසික් රූම් එකේ.. අද ඉස්කෝලෙට ආපු ගමන් අපි සෙට් එක ෆ්ලෑශ් වැහිලා වගේ මියුසික් රූම් එකට දිව්වේ.. අද තමා සාහිත්‍ය සංගමේ තියන දවස..

ඇගට නොදැනි දවස් තුන හතරක්ම ගෙවිලා ගියා.. කියන්න තරම් ලොකු විශේශයක් නැති උනත් තෙහස් නම් දැන් ඉන්නේ ජානක මාමාලා එක්ක... ඒකියන්නේ ටෙක්නිකලි දැන් හිමාශයයි තෙහසුයි අයියයි මල්ලියි.. අනේ මන්දා එකපාර මොනා උනාද කියලා ඇහුවමත් මුන් වචනෙන් දෙකෙන් උත්තර දීලා ප්‍රශ්නේ මගාරිනවා..

ඒ මොනා උනත් තෙහස් දැන් ඉන්නේ සතුටෙන් කියන්න මට හොදටම විශ්වාසයි.. මුලින් මුලින් අදිමදි කලත් පස්සෙන් පහුවෙන්න මටත් වඩා මේ පෆෝමන්ස් එක කරන්න ඕන උනේ එයාට.. අද එයාගේ ඇස් දිලිසෙනවා.. සතුටින්..

මට ඒ ඇස් කියවන එක දැන් පුරුද්දක් වෙලා.. මං දන්නවා ඒක වැරදි ඇති.. ඒත් දන්නවද තෙහස්..? මට පුලුවන් උබේ එක බැල්මකින් දැන් උබේ හැගීම් තේරුම්ගන්න.. ඒක මහ අමුතු විදිහේ සතුටක් මටනම්..
හරියට මට දැන් පුලුවන් උබේ එක බැල්මකින් උබේ ආත්මෙම කියවන්න..

හැමදේම ලෑස්ති කරලා තිබුණේ.. තාම වෙලාව නම් 7.15යි.. ගාථා කිව්වට පස්සේ වැඩේ පටන් ගන්නකොට කොහොමත් අටවත් වෙයි.. මේ වෙද්දි හැමදේම ගානට ලෑස්ති කරලා තිබුණේ..

"ප්‍රැක්ටිස් උනා වගේම හරියට කරපල්ලා කොල්ලනේ.."

වීරක්කොඩි මිස් අපිට අවසාන උපදෙසත් දීලා කට්ටියට සුභ පැතුවම අපි දඩිබිඩි ගාලා උදේ රැස්වීම තියන තැනට දිව්වා..

අපි කට්ටිය පහුගිය දවස් ටිකේම හොදට ප්‍රැක්ටිස් කරපු නිසා අවුලක් නෑ හැබැයි ටිකක් බයයි වගේ..

අපි කට්ටිය පෝලින් ගැහිලා ගාථාත් කිව්වට පස්සේ අංශභාර සර් මයික් එක අරගෙන අපි හැමෝටම කිව්වේ පන්තිවලට යන්නැතුව මෙතනම ඉන්න කියලා.. ඔය ඉන්න කියන්නේ වෙන මොකටවත් නෙමේ සාහිත්‍ය සංගමේ නිසා..

සර්ගේ නිවේදනෙත් එක්ක ඔක්කොම එතන නතර උනත් මගේ හිත නම් දැන් රෙස්ලින් ගහනවා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now