Chapter 8

191 30 30
                                    

.
.
.
.
.
.

මොනා උනත් තෙහස් ඒ දේ ලොකුවට නොගෙන ජෝක් එකක් විදිහට සැහැල්ලුවෙන් හිතපු එක මට නිදහසක් උනා.. මොකද එයා ඒකට කැමති නෑ කියලා ඇගෙව්වේ නැති නිසා..

   Author POV

<Same day, same time at another location>

කළු පැහැති ඇදුමකින් සැරසී සිටින මැදිවියේ පිරිමියෙකු වටපිට බලමින් හදිස්සයකින් වගේ කොළඹ ජනාකීර්ණ නගරය පසු කරමින් තම කාරයේ නැගී ගමන් ගත්තේ විශාල වනයක් දෙසටයි..

නගරය සහ වනය වෙන් කරන පාලම මත තම කාරය නැවැත්වූ පිරිමියා ඉක්මන් ගමනින් වනය තුළට පිවිසියේ අවට සිටින්නන්ගේ අවධානය තමා වෙතට වැටී නොමැති බව තහවුරු කරගත්තාට පසුවයි..

සාමාන්‍ය ලෙස වනය තුළට ගිය පිරිමියා මිනිසුන්ගේ චායාවන් නොපෙනන දුරේදී මිනිස් වේශයෙන් සමුගෙන තම සැබෑ ස්වරූපය, එසේත් නොමැතිනම් තම වෘක ස්වරූපයට හැරුණේ මිනිස් අඩි වලට වඩා වෘක අඩි වේගවත් බව හොදාකාරවම දැනගෙන සිටි නිසයි..

සාමාන්‍ය ලෙස වනය තුළට ගිය පිරිමියා මිනිසුන්ගේ චායාවන් නොපෙනන දුරේදී මිනිස් වේශයෙන් සමුගෙන තම සැබෑ ස්වරූපය, එසේත් නොමැතිනම් තම වෘක ස්වරූපයට හැරුණේ මිනිස් අඩි වලට වඩා වෘක අඩි වේගවත් බව හොදාකාරවම දැනගෙන සිටි නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම හැඩිදැඩි වෘක දෙපා වලට ශක්තිය ගත් ග්‍රෙගෝ, හීයක වේගයෙන් වනය තුළට දිව ගොස් අවසානයේ තම ගමනාන්තයට ළඟා වූ බව දැනගත්තේ ඈතින් ඇහෙන විවිධාකාරයේ ශබ්ද සහ තම නාසයට දැනෙන හුරුපුරුදු සුවදවල් වලින්..

තම වේගය අඩු කළ ග්‍රෙගෝ, නැවතත් ඉදිරියට දිව ගියා..

ගම්මානයක් යැයි කිව හැකි අයුරේ ස්ථානයකට පැමිණි ග්‍රෙගෝ ගස් කඳන්, කොළ අතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදා තිබෙන විවිධාකාරයේ වාසස්ථාන, එහි සිටි පුද්ගලයන්, වෘකයන්, කුඩා ළමුන්, කුඩා වෘක පැටවුන් මෙන්ම තැන තැන සිටින ආරක්ශකයින් යැයි කිව හැකි ඇල්ෆාවන් පසු කරමින් පැමිණියේ ගම්මානයේ ප්‍රධාන ස්ථානය යැයි කිව හැකි, මාළිගාව තුළටයි..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now