Chapter 20

191 30 486
                                    

.

Thehas POV

අද දවස ඇත්තටම මම හිතුවට වඩා මාරම සතුටු දවසක්.. හේතු ගොඩක් නිසා මම එහෙම කියන්නේ..

පලවෙනිම හේතුව තමයි නෙතුන්ගේ බර්ත්ඩේ විශ් එක.. එයා හරියටම රෑ දොලහට මට විශ් කරලා තිබුනා..

මම එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනත් මට දැනුනේ මාරම සතුටක්..

උදේ ඉදන් අද දවස ගෙවුනේ හරි ලස්සන විදිහට.. ඒත් හවස් වෙද්දි ඒ සතුට දෙගුණ තෙගුණ උනේ මටත් හොරා එයාලා ප්ලෑන් කරලා තිබුනු පාටි එක නිසා..

ඇත්තටම එහෙම දෙයක් නම් මං කීයටවත් හිතුවේ නෑ.. ඒත් ඒක තමයි මගේ ජීවිතේ පලවෙනි උපන්දින සාදය.. අනාථ නිවාසේ ඉද්දි පොඩියට උපන්දියන සැමරුවත් මෙහෙම ලොකුවට සමරපු පලවෙනි වතාව මේක වගේම ඒකත් සප්‍රයිස් එකක් උන නිසා මම හිටියේ කියාගන්න බැරි සතුටකින්..

මම දන්නවා මේ අයිඩියා එක හිමාශගේ වෙන්න ඇති.. ඒත් ඒකට ඉඩ දුන්නේ,වියදම් කලේ ජානක මාමා.. ඒ හින්දම තමයි මම මුල්ම කේක් කෑල්ල එයාට කැව්වේ.. මට මතක ඇති කාලේ ඉදන් මගේ හැමදේකදීම මගේ ලගම ඉදපු මගේ තාත්තා වගේ මට සමීප ජානක මාමාට මම කේක් කෑල්ල කවද්දි එයාගේ ඇස් සතුටින් දිලිසුනා..

මම තුන්වෙනියට කේක් කෑල්ල කැව්වෙ නෙතුන්ට..කොල්ලා නම් ශොක් වෙලා වගේ ඇසුත් බෝල කරන් මං දිහා බලන් හිටියේ..

හෙමින් පාටි එකත් ගෙවෙද්දි මට අහම්බෙන් සින්දුවක් කියන්න චාන්ස් එක්කුත් ලැබුණා.. මේ ටිකේ මම ආසම සෝන්ග් එක දෑත දරා නිසා මම එයා ඉස්සරහ ඉදන්ම ඒ සින්දුව මගේ විදිහට කිව්වහම එයා මගේ දිහා බලන් හිටියේ ආදරෙන්.. ඔව් මං ඒක දන්නවා.. එයා මට කැමතියි.. ඒත් කැමැත්තකට වඩා එහා ගිය දෙයක් ඒ ඇස් වල තියෙන්නේ.. ඔව්.. හරි විදිහෙන් කිව්වොත් එයා මට ආදරෙයි..

ඒක තවත් තහවුරු උනේ එයා අද හොරෙන් ගහන්න ගිය ෆොටෝ එක ෆ්ලෑශර් එකත් එක්කම ගහපු නිසා.. පිස්සු කොල්ලෙක්..

එයා මට කැමති උනත්, මට ආදරේ කලත්.., මට එයාට ආපිට දෙන්න දෙයක් නෑ.. මට බෑ එයාට ආදරේ කරන්න.. එයා දකින වාරයක් ගානේ මගේ හදවත රේස් දිව්වත් මට අද අම්මා කිව්ව දේවල් මතක් වෙද්දි මගේ පපුව පිච්චිලා යනවා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now