Chapter 18

178 23 217
                                    

Author POV

"තෙහස් ලෑස්ති වෙයන්"

තමන්ගේ කාමරේට වෙලා පාඩුවේ පොතක් බල බල හිටපු තෙහස්ගේ අවධානය පොතෙන් ගිලිහුණෙ අඩවල් උනු දොරෙන් ඔලුව දාලා කතාකරපු හිමාශ නිසා..

"ඒ මොකටද"

තෙහස් හිමාශට ප්‍රශ්නයක් යොමුකලත් ඒකට උත්තර නොබැඳි හිමාශ කලේ තමන්ගේ ඇහිබැමුයි ඇසුයි පැත්තකට කරපු එක.. ඉඟිය තේරුම් ගත්තු තෙහස් හිමාශට ඔලුව වනලා වොශ් රූම් එක ඇතුලට රිංග ගත්තේ ඇඟපත සෝදගන්න හිතාගෙන..

.

.

.

පුරුදු විදිහටම තෙහස් අදත් ග්‍රෙගෝටයි තන්ඩර්ටයි මැදිවෙලා ඒ විශාල වනය මැදින් ගමන් කරමින් හිටියේ.. ග්‍රෙගෝ පාර පෙන්නද්දි ඒ පස්සෙන් ඇදුනු තෙහස්ගේ පිටිපස්සෙන් ආවේ තන්ඩර්..

ඔව්.. මේ වෙද්දි තෙහස් ඇර අනික් දෙන්නම තම තමන්ගේ වෘක ස්වරූපයට හැරිලා හිටියේ බැරිවෙලාවත් මොනවමහරි උනොත් ඒ අනතුරෙන් තෙහස්ව ආරක්ශා කරන්න හිතාගෙන.. මොකද තාමත් තෙහස් හරි හැටි පුහුණු වීම් ලබන්න පටන් අරගෙන තිබුණේ නෑ...

හෙමින් හෙමින් ඉදිරියට ඇදුණු තුන්දෙනා අවසානදී ගමට ඇතුල් වෙන දොරටුව ගාව නැවතිලා වෙනදා වගේම තෙහස්ට මුලින්ම ගමට ඇතුල් වෙන්න ඉඩ දුන්නා..

තෙහස් ගමට ඇතුලු වෙනවාත් එක්කම ඒ ගමේ හිටිය තරුණ වැඩිහිටි හැම වෘකයෙක්ම තෙහස්ට හිස නමා ආචාර කලේ තෙහස් අපහසුවෙන් ඔවුන් සමඟ සුහදව හිනාවෙද්දි..

ගමේ මිනිසුන් පසුකොට ඉදිරියටම ආව තෙහස් නැවතුනේ මාළිගාවේ විශාල දොරටුව ඉස්සරහ.. සාමාන්‍ය පරිදි ඒ දොරටුව මතින් අත තිබ්බ තෙහස් ඒ දොරටුව විවර වෙනවාත් එක්කම මාළිගාව ඇතුළට ගියා..

"අම්මා"

රාජ සභා ශාලාවෙත් විපරම් කරලා බැලුවත් තෙහස් එයාගේ අම්මා නොදැක්ක තැන කොරිඩෝව දෙසට ගමන් කරමින් එසේ ශබ්ද නැගුවා..

"අහ් පුතා.. මං මෙහේ දරුවෝ"

තෙහස්ට පිළිතුරු ලැබුණු දිශාවට සවන් යොමු කළ තෙහස් විශාල කොරිඩෝව දිගේ දිගටම ගමන් කලේ ජනෙල් කවුළුවකින් පිටත බලන් ඉන්න තමන්ගේ අම්මාව හමුවෙනකල්..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now