Chapter 13

184 26 38
                                    

.

.

.

.

.

"තෙහස්.."

"තෙහස්.."

"තකතීරුවෝ..."

මං දැන් මේ හරක් පැටියට කතාකරන්නේ විනාඩි ගානක ඉදන්.. මූ මීක් නෑ... එක්කො මගෙ හඬෙ අවුලක් නැත්තන් මුගෙ කනේ අවුලක්..

කතාකරලා කරලා බැරිම තැන මං මට එහාපැත්තෙන් සමාන්තරව, ඉස්සරහ බලාගෙන ඇවිදගෙන යන තෙහස්ගේ ඔලුවට පාරක් ගහලම ආයේ කෑගැහුවා.. ඒ පාරනම් මුගෙ කනේ වංගු ටික කෙලින් උනාද කොහෙද.. ම්ම් චූටිපුතාගේ පවර් එක.. වංගු තියෙන එව්වා කෙලින් කරලා ගන්න පුලුවන්..

"මොකද යකො ගහන්නේ මගුල"

"ගහන්න නෙමෙ තෝව හමගහන්න ඕන.. මොන ලෝකෙද ඕයි ඉන්නේ"

මම ගහපු තැන අතගගා මට රවලා තෙහස් එහෙම කිව්වම මාත් උට හොදවයින් රැව්වා.. අඤෙහ් මං බයවෙයි.. හහ්..සුවර් එකට කුන්ඩවාලයක් ගැන හිත හිත ඉන්ඩැත්තේ.. විසාල කරදරයක් උනානෙ මේක..

"මගේ ලෝකේ"

මම රවන ගමන්ම උගෙන් අහපු ප්‍රශ්නෙට ඌ දීපු උත්තරෙත් එක්ක මගේ පපුව හිර උනා වගේ දැනුනේ අහේතුවකට..බැරිවෙලාවත් මෙයාට හිතගිය කෙනෙක් ඉන්නවාවත්ද..? අනේ දෙවියනේ එහෙම නම් වෙන්න එපා..

"උ..උබේ ලෝකේ..?"

මම හිතින් දාහක් දේවල් හිත හිත ගොත ගගහම එහෙම ඇහුවේ තෙහස්ගේ අතකින් අල්ලලා උගේ ගමනත් නවත්තන ගමන්මයි..

"හ්ම්ම්"

මගේ ඉස්සරහින් හිටන් ඉන්න මේ කඩවසම් රූපේ දිහා බලාගෙන මම හිතුවෙම එක දෙයයි..

"ක්‍රශ් එකක්වත් ඉන්නවා වගේ කොල්ලට.."

අමාරුවෙන් උනත් මූනේ යන්තන් හිනාවක් ඇදගෙන මම තෙහස්ගෙන් එහෙම ඇහුවෙ එයාගේ උරහිසටත් හිමින් පාරක් ගහන ගමන්මයි..

මගේ ප්‍රශ්නෙත් එක්ක මගේ දිහාවට හැරුණු තෙහස්ගේ ඒ දුඹුරු පාට වශියක් වෙච්ච ඇස් දෙක මොහොතකට මගේ ඇස් එක්ක පැටලුණේ ආයාසයෙන්.. වෙනදට වඩා ඒ ඇස් විඩාබර උනත් වෙනදට නොතිබ්බ දීප්තියක් ඒ ඇස් වලින් දිස්නේ දුන්නා.. තෙහස් ඉන්නේ මොකක් නමුත් සතුටකින් කියන එක තේරුම් ගන්න මට ඒ ඇස් දෙක හොදටම ප්‍රමාණවත් උනා..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now