Chapter 4

225 36 14
                                    

දැන් වෙලාව හවස හයට හතට විතර ඇති..මං හිටියේ ඇද උඩ දිගාවෙලා ෆෝන් එක ඔබන ගමන්.. අද මට මහ අමුතු දවසක්.. අමුතු හැඟීම් හිතට දැනෙන්න ගත්ත දවසක්..මංවත් දැනන් හිටියෙ නෑ මට මොනාද වෙලා තියෙන්නේ කියලා..

"Hi"

මෙච්චර වෙලා ඔබ ඔබ හිටපු ෆෝන් එක පැත්තකට දාල ශරීර කෘත්‍යක් ඉටුකරගන්න මං එලියට යන්න හදනකොටම ෆෝන් එකත් වයිබ්‍රේට් වුන නිසා මං අහවල් කාර්‍යත් බල්ලට දාලා මේස පුටු පෙරලන් ආයෙම ෆෝන් එක අතට ගත්තේ ඇයි කියලා මටවත් තේරුමක් තිබ්බේ නෑ.. සමහරවිට මං කෙනෙක්ගෙන් මැසේජ් එකක් බලාපොරොත්තු වෙන්න ඇති...

වට්සැප් එකට ඇවිත් තිබ්බ මැසේජ් එක ක්ෂනිකෙන් ඕපන් කරලා මං රිප්ලයි කරා.

"Hi"

ඒ අකව්න්ට් එකේ ප්‍රොෆයිල් පික්චර් එකක්වත්,නමක්වත් නොතිබ්බ නිසා තවත් වේගෙන් මගේ හදවත ගැහෙන්න ගත්තා..

"Hi"

මේ මොන විකාරයක්ත මේ... හායි හායි ගගා හිටපන් රෙද්ද!

"Hi"

මමත් ඇරියේ නෑ දුන්නා අනිත් පැත්තට හායි එකක්.. මොකද මෙ වෙද්දි මට මතක් වෙලා තිබුණා අද ඉස්කෝලේ ඇරුන වෙලාවේ මං ෂෙවෝනයට මගෙ නම්බර් එක දුන්නා කියලා! සැක් අපරාදෙ හැබැයි මං බලාපොරොත්තු උනේ වෙන කෙනෙක්ගෙන් මැස්සේජ් එකක්!

"😒"

"කව්ද මේ"

මං ඉතින් නොදන්න ගානට බබා වගේ එහෙම ඇහුවේ ශරීර කෘත්‍යත් ඉටුකරන් ආවට පස්සේ..

"මං මෙ සුදුකුමාරයා කියලා කෙනෙක් 🌝"

මූ ඒ පාර මාව ජෝක් එකට අරන්.. කොහොමහරි ඌ එක්කත් චැටක් දාලා රෑ කෑම එහෙමත් කාලා අම්මටත් කෝල් කරලා මං නිදාගන්න ඇදට වැටුණේ හෙට උදේ නැගිටලා ඉස්කෝලේ යන්න පුදුම ආසාවකින්! ම්ම් දැක්කනේ චූටිපුතා දැන් හොද ළමයෙක්..

.
.
.
.
.
.
.
.
.
.
.

උදේම නැගිටලා ඔක්කොම කරගෙන මාමා එක්ක ඉස්කෝලෙට ඇවිල්ලා මං ගෙට් එක ගාවට ගියා.. මං යනකොට ළමයින්ව පෝලින් ගස්සලා බෑග් චෙක් කරනවා.. මොන මගුලක්ද මන්දා දැන් මෙතන තැපගෙන ඉන්න වෙනවා විනාඩි දහයක්වත්...මට සුදුකුමාරයා බලාගන්නත් පරක්කු වෙනවා දැන්..!! පොඩ්ඩක් හිටපන්.. හහ් මං මොකටද මේ ඌව බලන්න මෙච්චර නලියන්නේ!! නෙතුන් මේ..උබ මෙතන නාඩගම් නටන්ඩ ලෑස්ති වෙන්න එපා හරිය!

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now