Chapter 9

189 35 10
                                    

"මැඩම් මං කියන දේ තේරුම් ගන්න.."

"කරුණාකරලා ඔයා මං කියන දේ තේරුම් ගන්න මිස්ටර් ජානක.. ඒ විදිහට ළමයින්ව පිටට අරන් යන්න දෙන්න අපිට බෑ.. විශේශෙන් රෑකට පිටට දෙන්න බෑ"

"ඒත් මැඩම්.. ආආආහ්!"

තම නළල පිරිමැදි Mr.ජානක, එහෙමත් නැත්තන් හිමාශගේ තාත්තා,තවත් විදිහකට කිව්වොත් ග්‍රෙගෝ, එසේ පැවසුවේ නොරිස්සුම් ස්වරයකින්..

"හරි ඕකේ.. මට ඔයාලගේ ප්‍රධානියට කතා කරන්න ඉඩ හදලා දෙන්න.. මං එයා එක්ක කතා කරගන්නම්"

"කරුණාරත්න සර් මේ වෙලාවේ එලියට ගිහින් ඉන්නේ.. තව පැයභාගයක්වත් යයි එයාට එන්න"

"හරි මං ඉන්නම්කෝ"

Mr.ජානක එහෙම කියන ගමන් ජෝසප් අනාථ නිවාසයේ කාර්යාලය ඉදිරිපිට තිබුනු පුටුවකින් ඉදගත්තා..

"ජානක අන්කල්?"

රැජිණිය කිව්ව විදිහටම තෙහස්ව පුරහඳ පායන දවසට තමන්ගේ ගෙදරට ගෙන්න ගන්න ඕන උනත් ඒක තමන්ගේ හිතු මනාපෙට කරගන්න බැරි උනේ මේ වෙද්දි තෙහස් ඉන්නේ ජෝසප් අනාථ නිවාසය භාරව නිසයි.. ප්‍රධානියා එක්ක කතාකරලා කොහොමහරි මේකට අවසර ගන්න විදිහ ගැන හිත හිත හිටපු ග්‍රෙගෝ ගේ අවධානය බිදුණේ හුරුපුරුදු කටහඩක් ඔහුට කතාකරපු නිසයි..

"තෙහස් පුතා.."

මුහුණ සිනාවකින් සරසා ගත් ග්‍රෙගෝ පුටුවෙන් නැගිට තමා ඉදිරියේ සිටන් සිටින තම රාජ්‍යයේ කුමරු දෙසට ඇවිදගෙන ගියා..

"අන්කල් මොනාද මෙහේ කරන්නේ?"

සිනාවකින්ම ආපිට ග්‍රෙගෝට සංග්‍රහ කරපු තෙහස් එහෙම ඇහුවේ කුතුහලයෙන්..

"අහ්.. මේ පොඩි වැඩකට"

"පොඩි වැඩකට?"

තෙහස් ආයෙම ප්‍රශ්නයක් ඇහුවේ එයා පොඩි කාලේ ඉදන්ම අදුරන ජානක අන්කල්ට මේ අනාථ නිවාසය ඇතුළේ තියෙන වැඩේ මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා..

තෙහස් පොඩි කාලේ ඉදන්ම ග්‍රෙගෝව අදුරන්නේ ජානක විදිහට වගේම හිමාශගේ තාත්තා විදිහට.. තමන්ගේත් ඕනෑ එපා කම් හොයලා බලන, කරුණාවන්තව තමන්ට සලකන ග්‍රෙගෝ ගැන තෙහස්ගේ හිතේ තිබුණේ ලොකු ගෞරවයක්..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now