Chapter 25

153 22 562
                                    

Author POV

"ම්ම් පරිස්සමට ගිහින් එන්න.. එන්න මං පාර පන්නන්නම්.. වැඩේ කරන් ආවම මට කතාකරන්න මම ඒ පැත්තට එන්නම් ඔයාව පාර පන්නන්න.."

උපදෙස් ගානක් දීලා,ඒදේවල් වලට නෙතුන් එකඟ උනාට පස්සෙයි තෙහස් තනියෙන් නොය්වා බැරිම තැන නෙතුන්ව ශොප් එකට යැව්වේ..

අතින්ම අල්ලලා පාරත් පරිස්සමින් පැන්නුවත් තෙහස්ගේ හිත අමුතු අඳුරකින් වැහෙන්න ගත්තේ අනතුරක් අතළඟ වගේ දෙයක් තෙහස්ට දන්වලා..

ඒනිසාම තෙහස් නෙතුන් දිහාටම ඇස යොමාගෙන හිටියා..

පාර පැනලා ආපස්සට හැරුණු නෙතුන් දත් තිස්දෙකම දාලා හිනාවෙලා අත වනලා කඩේ ඇතුලට ගියාම තෙහස් නෙතුන්ට අත වනලා හිනාවෙවිම ගිහින් බයික් එකට හේත්තු උනා..

නෙතුන් දොර ඇරගෙන ඇතුලට ගියත්, තිබුනු වීදුරු බිත්ති හරහා නෙතුන්ගේ රූපේ හොදහැටි තෙහස්ට පෙනුණා..

ටික වෙලාවක් අවට විපරම් කරපු නෙතුන්ගේ ගාවට ඊලගට ආවේ ගෑනු කෙනෙක් වෙද්දි නෙතුන් ඒ ගෑනුකෙනා එක්ක ශොප් එක ඇතුලට යන හැටි තෙහස් හොද විපරමෙන් බලන් හිටියත්, ඇතුලටම ගියපු නෙතුන්ගේ චායාව තෙහස්ගේ ඇස් වලට නොපෙනී යද්දි තෙහස් ටිකක් කලබල උනා කිව්වොත් හරි..

ඒත් තෙහස් තමන්ගේ කකුලකින් පොළවට තට්ටු කරන ගමන් ඉවසීමෙන් ශොප් එක දිහාවම බලන් හිටියා..

විනාඩි දහයක් ගත උනත් තාමත් නෙතුන්ව තමන්ගේ ඇස් වලට අහු නොවුන තැන තෙහස් එක අඩියක් ඉස්සරහට තිබ්බත් එයා ඒ අඩිය එහෙමම පස්සට ගත්තේ නෙතුන්ගේ වචන මතක් වෙලා..

තෙහස් දන්නවා නෙතුන් ගියේ තෑග්ගක් ගන්න කියලා.. ඉතින් එයා දැන් එතෙන්ට ගියොත් නෙතුන්ගේ සතුට නැතිවෙලා යයි.. එයාට බෑ එයාගේ ආදරනීය ප්‍රේමවන්තයගේ සතුට නැතිකරන්න..

බර හුස්මක් පාත දාපු තෙහස් වටපිට බලන ගමන් ආපහු බයික් එකට හේත්තු වෙලා සාක්කුවෙන් ෆෝන් එක එලියට ගත්තා..

ස්ක්‍රීන් එක ඔන් වෙනවත් එක්කම ඩිස්ප්ලේ වෙච්ච නෙතුන්ගේ රූපේ දිහා බලපු තෙහස් හිනාවෙවීම ගැලරි එකට ගිහින් 'MY TREASURE' කියලා සේව් කරලා තිබ්බ ඇල්බම් එක ඕපන් කලේ, එතනින් ප්ස්සේ තෙහස්ගේ ඇස් වලට නෙතුන්ගේ ෆොටෝස් සීයකට වැඩිය ඩිස්ප්ලේ වෙද්දි..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now