Chapter 14

173 27 65
                                    

Nethun's POV

වෙලාව හවස හතට විතර ඇති.. අද හද හරි ලස්සනයි.. තද රෝස පාටක් එක්ක මික්ස් වෙච්ච තද නිලක් තිබුන අහසේ අටවක හද පායලා තිබුණේ මගේ මුළු අවධානයම ඒ අතට අරගෙන.. ඇත්තටම හඳ කියන්නේ වෙනමම මත්ද්‍රව්‍යක්.. එකපාරක් ඇබ්බැහි උනාට පස්සෙ මිදෙන්න බැරි....

මම හිටියේ මිදුලේ කොනට වෙන්න උසට උසේ අතු විහිදුණු අඹ ගහ යට බංකුවට වෙලා.. මම එළියට එද්දි අරන් ආව මගේ ෆෝන් එකත් මගේ එක අතක ගුලි වෙලා තිබුණා..

ඉස්කෝලෙ ඇරලා ආපු ගමන් කාලා බීලා ඇඟපත සෝදන් මං යූටියුබ් එකේ පොඩි ගවේශනයක නිරත උනා.. ඒකේ ප්‍රතිපලයක් හැටියට මං තෙහස්ටයි මටයි කියන්න සෝන්ග් එකක් අන්තිමේදි හොයාගත්තා..
අර ඩ්‍රීම් ස්ටාර් එකේ සීසන් කීයෙද මන්දා අනුහස් බොසාලා කියන්නේ.. උඩවැඩියා මලේ.. අන්න ඒක තමා මං තෝරගත්තේ..

ඊටපස්සේ පැයගානක ඉදන් මං මේ බලන් ඉන්නේ අපේ තෙහස් බොසා මට මැසේජ් එකක් දානකන්.. මොකද ඉස්කොලෙදි මං උට මගේ නම්බරේ දුන්නට උගේ නමබර් එක ඉල්ලගත්තෙ නෑනේ.. දැන් හතත් පහු.. තවත් පරක්කු උනොත් ඒම ඕකගේ ඇහේ ඉදන් කෑලි ගලවනවා මම.. ඇයි යකො දැන් මේකේ පාට්ස් බෙදාගන්නත් එපෑ රෙද්ද..

හඳ දිහාවට එල්ල වෙලා තිබුණු මගේ ඇස් මම ආයෙම ෆෝන් එක දිහාට අරගෙන දහතුන් වෙනි වතාවටත් ඒක ඔන් කරලා බැලුවේ අරූගෙන් මැසේජ් එකක් ඇවිත්ද කියලා.. තාම නෑනේ මේකා මොනා කරනවද මන්දා මෙච්චර වෙලා..

මම ආයෙම ෆෝන් එක ඕෆ් කරලා බංකුව උඩින් තියෙන ගමන් මගේ ඇස් දෙක මට ඇබ්බැහියක් උන ඒ හද දිහාවට අරන් ගියා..

ඒත් එකපාර මට මතක් උනේ අද ශෙවෝන් සතුටින් උඩ පැන පැන මාවත් බදාගෙන නටපු නාඩගම.. ඌ හිමාශට දීපු ඒ seashell එක හිමාශ හෙනම සතුටින් බාරගෙන තියෙන්නේ.. දැන් බැරිවෙලාවත් ඌ ඕක ගැන නිකමට වගේ හොයලා බැලුවොත් උට ශෙවෝන්ව කොංජම් කොංජම් තේරුම් ගන්න පුලුවන් වේවි.. හිමාශයා ඒක පිලිගත්ත එකේ සතුටට මං තෙහස් එක්ක වටයක් ගහලා පන්තියට ආව ගමන් ශෙවෝන් මාව බදාගෙන උඩපැන්නා..

ඒක මතක් වෙලා මගේ කටින් හිනාවක් පැන්නත් මට අනික් අතට මං ගැන කලකිරුණා.. මම තාම එකම තැන.. මගේ හිතේ තෙහස්ව නැතිවෙන එක ගැන තියෙන මේ බය මන් අඩියක් ඉස්සරහට තියන්න හිතන වාරයක් පාසා ආයෙම මාව හිටපු තැනටම ඇදලා දානවා..

Bloody Moon - Taekook NonficHikayelerin yaşadığı yer. Şimdi keşfedin