Chapter 11

159 33 3
                                    

තමන් මෙච්චර කාලෙකට හිතාගෙන හිටපු හැමදෙයක්ම පාහේ වැරදි දේවල් කියලා ඇස් පනාපිට ඔප්පු උනොත්..?

තමන් මනුස්සයෙක් නෙවෙයි කතා පොත් වල විතරක් කියෙව්ව ජාතියේ නර වෘකයෙක් කියලා ඇස් පනාපිට ඔප්පු උනොත්..?

තමන් අනාථයක් කියලා හිතන් හිටියත් තමුන් එහෙම කෙනෙක් නෙවෙයි තමන්ගේ අම්මා මෙච්චර දවසක් තමන් දිහා බලන් ඉදලා කියලා දැනගන්න ලැබුණොත්..?

මතක ඇති කාලේ ඉදන් අනාථ නිවාසෙක හැදීවැඩුණු තමන්ටම කියලා වෙනම ලෝකයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණොත්...?

ඔයාට මොනවගේ හැඟීමක් දැනේවිද..?

කුතුහලයක්..?
වේදනාවක්..?
කේන්තියක්..?

එහෙමත් නැත්තන් බයක්..?

අක්කර සියගාණක් පුරාම විහිදිලා තිබුණු ඝන කැලෑවේ මනුස්ස වාසයක් තියා මනුස්ස හුස්මක්වත් වදිනවදෝ කියලා සැක හිතෙන පාරක් දිගේ මම හෙමි හෙමින් හිමාශගේ පස්සෙන් ඇදුණා.. ජානක අන්කල්ව අනුගමනය කරන ගමන් පෝළිමට අපි තුන්දෙනා ඉස්සරහට ඇදුණේ මොන විදිහේ හැගීමකින් මාව වටවෙලා තියෙනවද කියලා මටවත් හරිහමන් තේරුම් ගැනීමක් නොතිබෙද්දි..

"කොහෙද බන් මේ යන්නේ දැන්වත් කියහන්කො"

මට ඉස්සරහින් ගිය හිමාශගේ උරහිසට තට්ටුවක් දාන ගමන් මං ඇහුවේ දැන් පැයභාගයක් තිස්සේ 'තව ටිකයි තව ටිකයි' කිය කිය කිලෝමීටර් ගානක් මාව එක්ක ආව ජානක මාමා දිහත් බලලා..

"කටවහන් ඉදපන්කො යකෝ තෝව රේප් කරන්න එක්ක යන්නේ"

"මොකක්"

ඇත්තටම මේක විහිලු කරන්න පුලුවන් වෙලාවක්ද..? කොහෙත්ම නෑ! අනික් අයට කොහොම උනත් මට මේක විහිළු කරන්න පුලුවන් වෙලාවක් උනේ නෑ.. ඊයේ රෑ ඉඳන් මම ගැන එක එක විදිහේ මමත් නොදැන හිටපු දේවල් එකින් එක මම දැනගද්දි, අද කෙනෙක් මුණගස්වන්න තියෙනවා කියලා මහ කැලයක් මැදින් මාව එක්ක යද්දි, මේක විහිළු කරන්න පුලුවන් වෙලාවක් කියලා මට කොහෙත්ම දැනුණේ නෑ..

එතනින් පස්සේ ගෙවුණ නිශ්ශබ්ද විනාඩි දහයකට වගේ පස්සේ අපි තුන්දෙනා හිටියේ ගම්මානයක් කියලා හිතන්න පුලුවන් තැනක..

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now