Chapter 3

230 37 14
                                    

.
.
.

"කව්ද උඹෙ ෂර්ට් එක මැහුවෙ..? එක්කො ඔය බොත්තම ගෙදර තියලා වරෙන් ඒක ලේසියි!!"

ගැඹුරුයි! ඒ කටහඬ මාර ගැඹුරුයි... කොල්ලෙක් උනත් මටවත් ඒ තරම් ගැඹුරු කටහඬක් තිබ්බෙ නෑ.. කවදාවත් නැති තරමට වේගෙන් මගේ හදවත ගැහෙන්න පටන් ගත්තේ මට නුහුරු හැඟීම් ගොන්නක් එකම එක කටහඬකට පිටාර ගලන්න ගද්දි.. මට ඕන උනා ඒ හඬේ අයිතිකාරයා කව්ද කියලා බලාගන්න.. ඩෙස්ක් එකට ඔලුව ගහන් ඉදපු මම හෙමින් සැරේ ඔලුව උස්සලා බැලුවා..

මගේ දිහාට හුරුපුරුදු දුඹුරු පාට ඇස් දෙකක නෝක්කාඩු බැල්මක් වැටිලා තියෙද්දි මට අපහසුතාවයක් ඇති වුනත් මං කාගෙන ආපිට සුදුකුමාරයා දිහා බලන් හිටියා..

"ස්කූල් එකට ගැලපෙන විදිහට පිළිවලට වරෙන්!"

මූ අර ගැඹුරු කටහඬෙන් මට තරවටු කරන ගානට එහෙම කියලා පන්තියෙන් එළියට යන්න ගියා. මුගේ ඝනකම යකෝ!!

"ඒ මොකක්ද යකෝ ඒ උනේ?? උබ ඌව අඳුරනවද?"

"පිස්සුද බන්.. මං ඌව දැක්කෙත් අද.. මහ මොකෙක්ද එකෙක් හෙන ලොකුකම බේසමාගේ!"

මමයි ෂෙවෝනුයි අරූට දෙහිකපන අතරේ අරූ ආයෙම මැදිවියේ මිස් කෙනෙක් එක්ක පන්තියට ඇවිත් උගේ ඩෙස්ක් එකෙන් ඉඳගත්තේ මං දිහාටත් සීතල බැල්මක් දාන ගමන්.. ඒ බැල්මට හිත ගැස්සුන්නෑ කිව්වොත් බොරු.. ඒ බැල්ම මහ භයංකරයි යකෝ! මූ මට ගස්සන්නේ පද්දන්නේ හරියට මං ඉස්කෝලේ රෙදි ගැලෙව්වා වගේනේ හැලපයා!
උගේ එහාපැත්තේ අර සුදුම සුදු කොල්ලත් හිටියා.. දෙන්නා හොදම යාලුවෝ වගේ.. මේන් හෝල් එකේදිත් දෙන්නා එකටමනෙ හිටියෙත්..

"ළමයිනේ.. මෙතන මාව අදුරන ළමයි වගේම ඉස්කෝලෙට අලුතෙන් ආපු මාව නාඳුනන ළමයිනුත් ඉන්න නිසාම මම මුලින්ම මාව හඳුන්වලා දෙන්නම්.. අපි ඊටපස්සේ ඔයාලගේ විස්තර දැනගමු..
මගේ නම මධුශාලිකා.. අද ඉදන් අවුරුදු දෙකක් යනකන් ඔයාලගේ පන්තිය භාර මට වගේම මම ඔයාලට උගන්නන්නේ ගිණුම්කරණය විශය.. දැනටමත් වෙලාව ගිහින් නිසා ලොකුවෙලාවක් නොගෙන අපි එකිනෙකා අදුරගමු.. ඔය කොනේම අයිනේ පුතාගේ ඉදන් පිලිවලට කට්ටිය නම,ගම එහෙම කියාගෙන එන්න..කෝ කෝ ඉක්මන් කරන්න"

Bloody Moon - Taekook NonficWhere stories live. Discover now