16 : ජස්ටින් බීබර්

21 3 0
                                    

Choi Mae-Ha's POV

"ජන්ග්කුක්...නැගිටිනවා!!"

ටේහ්‍යුන්ග් ඇස්වල කදුලු පුරවගෙන ජන්ග්කුක්ට කතා කරද්දී

මං පුදුමෙන් වගේ ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා...

ඔහ් කොල්ලෝ!!! ජන්ග්කුක් මෙච්චර කරදර කරලත් ටේහ්‍යුන්ගේ හිතේ කොල්ලා ගැන මොකක් හරි තෙතමනයක් තියෙන බව මට තේරුණා...

"ටේහ්‍යුන්ග්...මූනට වතුර පොඩ්ඩක් ඉහින්නකෝ.."

යුන්ගි බයෙන් වගේ බලාගෙන එහෙම කියද්දී මං යුන්ගි දිහා බැලුවා...එයාගේ මූනේ මොකක්දෝ බරපතළ හැඟීමක් සටහන් වෙලා තිබුනා...

"හරි හ්‍යුන්ග්..."

ජිමින් නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුනු වීදුරුව ගත්තා...ටේහ්‍යුන්ග්ට යුන්ගි කියපු දෙයක් ඇහුණ බවක් නම් පෙනුනේ නෑ...

ජිමින් ජන්ග්කුක්ගේ මූනට වතුර ටිකක් ඉහිද්දී යුන්ගි ඇස් දෙක පියාගෙන මොනාදෝ හිතන්න ගත්තා...

"ආහ්...ම-මං...මොකද වුනේ..."

ජන්ග්කුක් හිමින් ඇස් ඇරලා වටපිට බලන්න ගත්තා...

"ඕහ්...මං හොදටම බය උනා මෝඩයෝ!!!!"

ඒත් එක්කම ටේහ්‍යුන්ග්, ජන්ග්කුක්ගේ ඇඟට පැනලා බදාගනිද්දී අපි හැමෝම මූනට මූන බලාගත්තා...එතන තිබ්බ දැඩි නිශ්ශබ්දතාව නිසාද කොහෙදෝ ටේහ්‍යුන්ග් මූනත් රතු කරගෙන ජන්ග්කුක්ගෙන් ඈත් වුනා...

"ජන්ග්කුක්...ප්‍රශ්නයක් නෑ නේද?"

යුන්ගි එහෙම අහද්දී හා පැංචා ඔලුව දෙපැත්තට වැනුවා...

"ඕහ්...හේඩීස්ට ස්තූතිවන්ත වෙන්න...මට ඔයාගේ ජීව රශ්මිය මැකිලා යනවා පෙනුනා...අර එම්පොසයිලා අනිත් අයට වඩා ලොකු මායාවක් ඔයා මත මෙහෙයවලා..."

යුන්ගි සැනසුම් සුසුමක් හෙළන ගමන් එහෙම කියද්දී අපි බලන් හිටියේ පුදුමෙන්...

හරි ඉතින් මේ කොල්ලා මළවුන් එක්ක ජීවත් වෙන නිසා මේ දේවල් පේන්න එපෑයෑ...

"මේහා අපි ඊළ‍ඟට මොකද කරන්නේ..."

හොබී ඔප්පා මගෙන් අහද්දී මං කවුච් එකෙන් ඉදගත්තා...

THE TRIAMWhere stories live. Discover now