15 : එම්පො- මොකක් කිව්වා?

23 3 0
                                    

Choi Mae-Ha's POV

මම නැවතත් හීනෙන් සැන් ෆ්‍රැන්සිස්කෝවල ටැමල්පයිස් කන්දට නැත්තන් ටෑම් කන්දට ගිහින් තිබුනා...

මරණයේ ගඳ දැනෙන ටෑම් කන්දේ මුදුනේ හිටපු මට බලගතු මායාවක් ක්‍රියාත්මක වෙන බව හොඳින් පෙනුනා...ටයිටන් බලකොටුවට එපිටින් ඇහෙන වේදනාත්මක කෙදිරි ගෑම් නිසා මගේ හිත ගැස්සෙන්න ගත්තා...

"නුඹ..."

ඒ කටහඩ ඇහෙද්දී මගේ හිතට පසු බා යන්න තදින් වුවමනා වුනා...වතාවකුත් මං ඒ කටහඬ අහලා තියෙන බව මට මතක් වෙන්න ගත්තා...ක්‍රෝනෝස් කාලයට අධිපතිගේ කටහඬ පිහි තලයක් ගලක් මත අතුල්ලනවා වගේ මට දැනෙන්න ගත්තා...

මම තවත් ඉදිරියට අඩි තුනක් පමණ පියවර තැබුවා...ඉස්සරහා වෙන දේවල් වඩාත් හොඳින් මට පෙනෙන්නට වුනා...

"උතුමාණෙනි...මං ඔබට සේවය කරන්න කැමතියි..."

යුවාන්...එයා කතා කරන්නේ අඬ සිහියෙන් වගේ...ඔහුගේ ඉදිරියෙන් තිබුනේ රන් මිනී පෙට්ටියක්...යුවාන් කෝගෝ ඒක ඉස්සරහා දණ ගහගෙන හිටියා...

"එතුමාට නුඹගේ පක්ෂපාතීත්වය අවශ්‍යයි කොල්ලෝ...එතුමාට පෙන්වන්න නුඹ එතුමා වෙනුවෙන් කැපවෙන බවට..."

අර්ධ බලු - අර්ධ මිනිස් , ටෙලීකීන් මුහුදු රාක්ෂයෙක් එහෙම කියද්දී යුවාන් මිනී පෙට්ටිය දෙසම බලා සිටියා...

ඇත්තටම ඒක නම් මට ඇල්ලුවේ නෑ...මොකක් වෙන්න යනවද තේරුණේ නැති වුනත්...මට එකම එක දෙයක් තේරුම් යමින් තිබුනා....

යුවාන් මොළ ශෝධනයකට ලක් වෙලා...

"මං ප්‍රතිඥා දෙනවා..."

"නෑ...නෑ...යුවාන් එපා..."

යුවාන් කතා කරන්න පටන් ගත්තා...මට කෑගහලා එපා කියන්න වුවමනා වුනත් ඒක වැඩක් වුනේ නෑ...

"මම දෙවිවරුන් සමඟ ඇති සම්බන්ධය ප්‍රතික්ෂේප කරනවා! මම ක්‍රෝනෝස්ට සේවය කරන්න මගේ ආත්මයෙන්ම කැප වෙනවා!"

ගොඩනැගිල්ල දෙදරුවා...යුවාන්ගේ දෙපා මුල පොළොවෙන් නිල්පාට ආලෝක කඳක් ඉහළ නැග්ගා...එය මිනී පෙට්ටිය වෙත පාවෙලා ගිහින් දිලිසෙන්න ගත්තා...ආලෝක කඳ මිනී පෙට්ටියට පහත් වුනා...

THE TRIAMМесто, где живут истории. Откройте их для себя