01 : ෆුට්බෝල් ගහමු...

47 5 0
                                    

Choi Mae-Ha's POV

"හරි...අපි දැන් ඔලිම්පස්වල ග්‍රීක දෙවිවරු දොලොස් දෙනා ගැන ඉගෙන ගමු...කවුරුහරි ඉන්නවද නම් කරන්න පුලුවන් කෙනෙක්..."

මිස් සෝෆී එහෙම අහද්දී මං මගේ අත හිමීට ඉස්සුවා...

"ඔහ්...මේහා...නම් කරන්න..."

"සියුස්, පොසෙයිඩන්, හේරා, ඩීමිටර්, ඇතීනා, ඇපලෝ, ආර්ටෙමිස්, ඒරිස්, හෙස්ටියා, හර්මීස්,ඇෆ්‍රොඩයිට්, හෙෆාස්ටස්.."

"ඔහ්...වාව්...නියමයි මේහා..."

මිස් සෝෆි එහෙම කියද්දී මගේ කම්මුල් රතු වුනා...මුලු ක්ලාස් එකේම අවධානය තිබුනේ මගේ පැත්තට හැරිලා...

ග්‍රීක ශිෂ්ටාචාරය...මං ආසම සබ්ජෙක්ට් එකක්...ඒ නිසා තමයි මං ඒ විෂය තෝරගත්තේ...මගේ ඔලමොට්ටල යාලුවෝ දෙන්නත් මං තෝරගත්තු නිසාම ඒ විෂය තෝරගත්තා...

"තැන්ක්ස් මිස් සෝෆි..."

මං මිස් සෝෆිට තෑන්ක් කරලා ඉදගත්තා...එතකොටයි මං දැක්කේ මට එහා පැත්තේ ඉන්න ජිමින්, ටේහ්‍යුන්ග් දෙන්නා කටත් ඇරගෙන මං දිහා බලන් ඉන්නවා...

"මොකෝ..පාඩම අහගන්නවා..."

මං සැරෙන් කිව්ව ගමන් දෙන්නම 'හායි..' ගාලා ඇරිලා තිබුනු කටවල් වහගෙන ඉස්සරහා බලාගත්තා...

"සියුස්...ඔලිම්පස්වල ප්‍රධානියා...අහස අයිති දෙවියන් තමා මේ ඉන්නේ...මෙයාගේ බල සංකේතය තමා අකුණ...ප්‍රධාන අකුණ...න්‍යෂ්ටික බෝම්බයකටත් වඩා දරුණුයි..."

මිස් සෝෆි, සියුස් ගැන විස්තර කරද්දී මගේ හුස්ම බර වෙනවා වගේ දැනුනා...මොකක් හෝ සම්බන්ධයක් ග්‍රීක දෙවිවරු එක්ක මට තියෙන බව හැගුණේ අද ඊයේක නෙවේ...

අම්මා කියන දේවල් එක්ක මට ඒ සැකේ එන්න ගත්තා...මගේ වටේ වෙන දේවල් සාක්ෂි වුනා...

'බබා...ඔයාගේ තාත්තා හරිම බලවත්...ලස්සනයි...එයා දවසක් මාව එයාලගේ ගෙදර එක්කගෙන යන්න හැදුවා සදහටම...ඒත්...මං කැමති වුනේ නෑ...ඉතින් එයා මට ඔයාව දුන්නා...'

අම්මාගේ වචන මතක් වෙද්දී මං ලොකු හුස්මක් පිට කලා...අම්මා කිව්වෙ තාත්තා කවදාවත් මාව දැකලා නෑ කියලා...ඊට කලින් එයාට යන්න වුනා කියලා..

THE TRIAMWhere stories live. Discover now