03 : අර්ධ ලෝහිත කදවුර...

30 4 0
                                    

Choi Mae-Ha's POV

"කෑගහන්න එපා...එයාට සිහිය එනවා..."

මං හිමින් ඇස් ඇරියා...සුවපහසු ගතියක් ඇගට දැනෙද්දී මං වටපිට බැලුවා...

"මං...කො-කොහෙද?"

මං ඇදෙන් ඉස්සෙන්න ගියත් හරි ගියේ නෑ...

"ඔහ්...පරිස්සමින්...ඔයාට තාම සනීප නෑ..."

මගේ ඉස්සරහා හිටපු පිරිමි ළමයා මගේ කටට එයා අතේ තිබ්බ පුඩිමෙන් හැන්දක් එබුවා...

"ටේහ්‍යුන්ග්...එයා...උපදෙවිවරු...ජිමින්.....මොනාද මේ...මොනාද මේ කටට දැම්මේ මගේ..!!!!."

මං අමාරුවෙන් කියද්දී එයා හිනාවුනා...එයාගේ හිනාවටත් නිකන් සුව කරන්න පුලුවන් බලයක් තියෙනවා වගේ මට දැනෙන්න ගත්තා...

"ඔහ්...ඔයාගේ යාලුවා...ජිමින් එක්ක එලියේ ඉන්නවා..තව ටිකකින් එයි...එතකොට...මං ජන්ග් හෝසෝක්...ඇපලෝගේ පුතෙක්..."

හෝසෝක් එහෙම කියන ගමන් තවත් පුඩිම් හැන්දක් එබුවා...

"මං මේහා...චෝයි මේහා...මොනාද මේ..."

මං එයාගේ අතේ තිබුනු භාජනේට ඇගිල්ලක් දික් කරලා කිව්වා...

"ආහ්..මේ...මේවා ඇම්බ්‍රෝසියා...දිව්‍යමය ආහාර...ඉන්න අපි නෙක්ටාර් ටිකකුත් බොමු...එතකොට හරියයි...ඔලීවියා...මට ඔය ග්ලාස් එක දෙන්න..."

එයා පුටුවක ඉදගෙන හිටපු ලස්සන ගෑනු ළමයෙක්ට එහෙම කියද්දී එයා එතන මේසේ උඩ දියරයක් පුරවලා තිබුනු වීදුරුවක් හෝසෝක් අතට දුන්නා...වීදුරුවේ බටේ මගේ කටට ළං කරද්දී මං වීදුරුවෙන් උගුරක් බිව්වා...

මගේ ඇස් ඉබේටම ලොකු වුනා...ඒක..මාර රහයි....මගේ ඇගේ සෛල සේරටම පණ එනවා වගේ දැනෙද්දී මුලු වීදුරුවම එක හුස්මට ගහලා දැම්මා...

"රහද?"

මං ඔලුව වැනුවා...

"වැනිලා මිල්ක්ශේක් රහයි..."

එයා හිනාවුනා...

"දැන් කොහොමද දැනෙන්නේ...?"

වීදුරුව එතන තිබුනු මේසේ උඩින් තියලා මගේ දිහා බැලුවා...

"තව ලස්ට්‍රි-- අර මොකෙද්ද එකෙක් උස්සලා විසික් කරන්න පුලුවන් වගේ දැනෙනවා...

THE TRIAMWhere stories live. Discover now