13 : මේ කොහෙද මේ?!?

23 3 0
                                    

Choi Mae-Ha's POV

"හරි...අපි ඉස්සරහට යමු...ජිමින් ඔයා මාත් එක්ක එන්න..."

මං ජිමින්ට කතා කරද්දී එයා මගේ ළඟට ආවා...

"වංකගිරිය ගැන ඇතීනාගේ පුතා දන්නවා ඇතිනේ..."

මං හිනාවෙලා එහෙම අහද්දී ජිමින් එයාගේ ඇස් හීනී කරලා හිනාවෙලා මගේ අතින් අල්ලගත්තා...

අපි ඉස්සරහටම යන්න පටන් ගත්තා...කොහෙටද මේ යන්නේ කියලා අරමුණක් ඇත්තටම අපි අට දෙනාගෙන් එක්කෙනෙක්ටවත් හරියටම තිබ්බේ නෑ...

යනවා යනවා ඉවරයක් නෑ...අපිට කාලය ගැන තේරුමකුත් නෑ...අපිට හිතෙන විදිහට අපි ඇතුලට ඇවිත් පැයක් විතර ඇති...ඒත් එළියේ ලෝකෙන් සමහර විට දැන් හුඟක් දවල් වෙලා ඇති කියලා මට හිතුනා...

"ඈඈඈඈ....අම්මෝහ්..."

එකපාරටම ජින් ඔප්පා, නම්ජුන් ඔප්පාගේ ඇඟට පනිද්දී මං ඒ දෙන්නා දිහා බලලා ආයෙමත් ඉස්සරහා බැලුවා...

ඇත්තටම ජින් ඔප්පා බය වුනේ වංකගිරියේ පාරේ තිබුනු ඇටසැකිල්ලකට...මමත් ගැස්සිලා මගේ දෙපැත්තේ හිටපු ටේහ්‍යුන්ගෙයි ජිමින්ගෙයි අත් දෙක තද කරලා අල්ලගෙන කෙළ ගුලියක් ගිල්ලා...හුඟක් දිරාපත් වෙලා තිබුනු ඒ ඇටසැකිල්ල මනුස්සයෙක්ගේ...

පව්...වංකගිරියේ අතරමං වෙලා හිටපු කෙනෙක්...

"හරි...මේ ඉන්නේ මැරිච්ච කෙනෙක්..."

යුන්ගි එහෙම කියද්දී මං එයා දිහා බැලුවා...

"ඇයි ඔයා හිතුවේ මේ පණ තියෙන එකෙක් කියලද?"

ජන්ග්කුක් එහෙම යුන්ගිගෙන් අහද්දී ටේහ්‍යුන්ග් හා පැටියගේ ඔලුවට චටස් ගාලා පාරක් ගැහුවා...

"මොකද ගහන්නේ අත පය තියන් ඉන්න බැරිද?"

"බෑනේ...කසනවා වගේ ඒකයි.."

ජන්ග්කුක් රිදුණු තැන අතගගා බලද්දී ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට රැව්වා...

මෙයා බලහන්කෝ...රැව්වා විතරයි හා පැටියා හිමිච්චා වගේ හිටියා...

"හරි හරි...ඉස්සරහට යන් ඉතින්...මේක දිහා බලාගෙන මෙතන පිළිකුල් භාවනාව වඩන්නයෑ..."

THE TRIAMTempat cerita menjadi hidup. Temukan sekarang