07 : පොසෙයිඩන්ගේ පුත්‍රයා...

17 3 0
                                    

Choi Mae-Ha's POV

"මේහා මෙහෙ එන්න..."

ටේහ්‍යුන්ග් මට කෑගහද්දී මං හබල් දෙකකුත් අරගෙන බෝට්ටුවට නැග්ගා...ඇත්තම කිව්වොත් මං කවදාවත් බෝට්ටු පැදලා නෑ...කරගන්න පුළුවන් වෙයිද දන්නෑ...

"ඔක්කොම හරි නේද?

"ඔව්..."

ටේහ්‍යුන්ග් නම් මාර ලොකු ආසාවකින් ඉන්නේ...එයා ඔම්මත් එක්ක යන හැම නිවාඩුවකටම කොහේ හරි බෝට්ටු පදින්න යන බව මට කියලා තිබුනා...

"වීරයිනේ...ඔයාලා ලෑස්ති නේද?"

කයිරොන් විල ඉවුරේ ඉදන් කතා කරද්දි  හැමෝම කෑගහන්න ගත්තා...

"තරග නීති වෙනදා වගේමයි...අර අතන තියෙන රිබන් එක පාස් කලොත් දිනුම්...ඕනෑම විදිහකට අනිත් අයට බාධා කරන්න තහනමක් නෑ...ඒ වගේම තුවාල කරන්න විතරයි පුලුවන්...මරන්නවත් අංගවිකල කරන්නවත් බෑ...ඊට වඩා දෙයක් වුනොත් දඩුවම් ලැබෙයි..."

කයිරොන් එහෙම කියද්දී මං ඇස් රෝල් කලේ එයා අන්තිමට කියපු 'දඩුවම්' ගැන මතක් වෙලා...

එක්කෝ රෑ කෑම වෙලාවට අතුරුපස නැතිවෙයි...නැත්තන් කුස්සිය සුද්ධ කරන්න වෙයි...නාන්න දෙන වෙලාව අඩුවෙයි...නැත්තන් නාන්න උණුවතුර දෙන්නේ නැති වෙයි...ඕවා තමයි ඔය 'දඩුවම්' කියන වචනෙන් කියවෙන්නේ...

"එහෙනම්...සූදානම් වෙන්න...පටන් ගන්න..."

හැමෝම හබල් ගාන්න පටන් ගත්තා...කදවුර වටේම යන්න අපිට තිබුනා...

ඒත් ටික වෙලාවකට පස්සේ තමා මට තේරුණේ මේක කොච්චර අමාරුද කියලා...ටේහ්‍යුන්ග්ට නම් ගානක්වත් තිබුනේ නෑ...

කොහොම වෙතත් ටේහ්‍යුන්ගේ පිහිටෙන් අපි හොද කාලයක් වාර්තා කරලා තුන්වෙනි තැන හිටියා...ඉස්සරහින්ම සියුස් කැබින් එකේ නම්ජුන් ඔප්පත් ඊට පිටිපස්සෙන් ඇතීනා කැබින් එකේ ජිමිනුත් හිටියා...

"ආහ්....පොඩි එකෝ..."

එක පාරටම අපිට සමාන්තරව ආපු ඒරිස් කැබින් එකේ අර ඒරිස්ගේ හා පැටියා එයාගේ කැබින් එකේ අනිත් සාමාජිකයට හබල් ගාන්න ඉඩ දිලා කඩුවත් අරගෙන නැගිට්ටා...

THE TRIAMWhere stories live. Discover now