සඳක් ✨ - 17 -

292 46 8
                                    



ලවන්ගේ කම්මුල සිපගන්නා පින්තූරය මුහුණුපොතට මුදාහැර ගත වූයේ විනාඩියකට අඩු කාලයකි. සඳක්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තවෙන් ම ඔහු සඳක්ගේ වට්ස් ඇප් අංකයෙහි අවහිර ඉවත් කර තිබුණේය.


       නමුත් දුරකථන ඇමතුමක් වෙනුවට ඔහු වෙත ආවේ පින්තූරයකි.

නිදි පෙති අල්ලක් රුධිරය ගලා යන අත්ලක් මත දකින ඔහුගේ පපුව නැවතුණේ ය.

     බයිසිකලය වෙත ඔහු ඉගිල්ලුණේ මිතුරාගේ නවාතැන්පොලේ දොර දඩාස් ගා බිත්තියේ දෙතුන් වතාවක් වැදෙන තරම් වේගයෙන් තල්ලු කර දමා ය.

      මිතුරන්ගේ වික්ශිප්ත බැල්ම ඔහු නෙත් කොනකවත් නොගැටිණි.


   ආරුශ් සඳක්ගේ ගේට්ටුවෙන් ඇතුලු වූ වහාම බයිසිකලය එහි පෙරලෙන්නට හැර ඉදිරිපස දොර වෙතට දිව්වේ ය. එය අගුලු ලා නැතත් වසා තිබුණේ ය.


     සඳක්ගේ කාමරයේ දොර පමණක් අගුලු ලා තිබුණේය.


" සඳක්! චූටි මැනිකෙ අනේ දොර අරිනවකො..! මගෙ හදයා තමුසෙ ඇතුලෙ ඉන්නවා නේද..? අනේ පිස්සු කෙලින්නැතුව දොර අරිනවා..! "

" .............." 

ඇතුලතින් ඇසුනේ යන්තම් කෙදිරුම් හඩක් පමණකි.

    " හදයා!! මැනිකෙ මගෙ යාකාවුස්සගන්නැතුව ඇරපං මේ දොර!ද් කඩන්න කලින් ඇරපිය මේ හුත්තෙ දොර!! මරාගෙන මැරෙනවා සඳක් මට මැරෙනවා පේන්නෑ... ! ඇරපං- හුත්තො-මේ-දොර- " ආරුශ් උරහිස දොර මත වද්දමින් බෙරිහන් දුන්නේ නිවැසියන් ගැන ද නොසලකමිනි. ඔහුට ඉකිගැසුණේය. පපුව රිදුම් දෙන අතර ඔහු යටිගිරියෙන් බෙරිහන් දුන්නේ ඉවසුම් නැති හෙයිනි.


      ගෙයින් එලියට දිවූ ඔහු සඳක්ගේ කාමරයේ ජනේලය වෙත දිව්වේය. ජනේලයට අතින් පහර දෙන අතර එය අගුලු දා නැති බව දැනුනෙන් ඔහු එය විවර කර ඇතුලට පැන්නේ ය.

      සයනය මත සඳක් නොමැති විය..

සයනය පාමුල අතේ නහරයකින් රුධිරය වෑස්සෙමින් ඔහු සිහිසන් ව ඇදවැටී සිටියේය.

      " සඳක්...! මොහ්-කද්ද මගෙ මැනිකෙ කරගත්තෙ... " ඉකිබිදිමින් සිය කමිසය ගලවා කොටසක් ඉරා සඳක්ගේ තුවාල අත මත තබා එතූ ඔහු සඳක් ඔසවා දෑතට ගත්තේය. " පිස්සු හුත්තො.. තමුසෙ අවුස්සල ට්‍රැක් එකට ගන්න මං අර ලවනව කිස් කරේ.. අනේ මැනික ඇස් අරිනවා.. අයියට කතා කරන්නකො මැනිකෙ අප්පා... "



සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Tahanan ng mga kuwento. Tumuklas ngayon