- සඳක් ✨ - 15 -

289 46 3
                                    

    " අම්මේ.. තාත්ති එන්න හදයා ලිව්ව රචනාවක් හම්බුණා මට! "

අලි මදිවට හරක්..  දුරකථනය උදුරාගෙන ඔහු කාමරයේ අගුල්ලා ආරුශ්ට අමතාගෙන ම මිදුල දෙසට යනවා ඇසුණු රුශාල් නැවත එන තෙක් දොරට පිට දීගෙන සිදුවූ දේ පහදාගන්නට දතකන අතර අක්කාගේ හඩ ද සාලය දෙසින් ඇසුණි..

      " මොකද්ද දෝණි.. "

" මේ පොරොන්දු පත්‍රිකාවක්.. ඒ රුශා.. එනවා ඕයි මේව තමුසෙල අහන්නම ඕන ඒව. හදයගෙන් බලාගෙන හැදෙන්නෝනා තව්සෙල. "

     " මොකද්ද බං.. කෝ බලන්න... "

" ඉන්නවා මං කියවන්නං. ලොකූ එක්ක එනවකො.. අම්මත් වාඩිවෙන්න ආඩම්බර වෙන්න පුළුවන් එක පුතෙක් හරි හැදුවා අම්මලත් එහෙනම්.. " කිනාරා උස් හඩින් සිනාසුනාය. නිවසම සාලයට රැස් වී වික්ශිප්තව මුලු අවධානය ම ඈ වෙත යොමු කළ වහා ඈ උගුර පාදා පිටුවක් පෙරලුවා ය.

     " .... එක්නැලිගොඩ ආරච්චිලාගේ ආශ්මායූ සඳක් මිහිරිපැන්න වන මම- "

      සඳක්ගේ ඇස් විසල් විය. ඔහු අතින් දොරට තඩිබෑවේ ඇගේ හඩ යටපත්කරන අරමුණෙනි. " බැල්ලි ඕක නවත්තපං.. අනේ අම්මෙ එපා කියන්නකො!! චූටි අයියෙ මේ දොර ඇරහංකෝ!! "

      " ආ ඇයි හදයව කූඩු කරලා.. කවුද දොර ලොක් කරේ- "

" එපා එපා අරින්න. අක්කා ඕක කියවපුදෙන්කො. "

   " අම්මත් අහගන්න මේ හදයා කෙල්ලෙකුට දෙන්න හදපු පොරොන්දු පත්‍රයක්ද කොහෙද! ඔන්න අම්මලා වයසට යද්දි හදයගෙන් වතුර බොන්නනම් ලෑස්ති වෙලා ඉන්න එපා. පොර හෙඩ් ඕව හීල්ස් ෆො ද පොඩි ලේලි.. අහගන්නකො... මිහිරි..පැන්න වන මම, මගෙ රත්තරන් අයියට- මුගෙ අකුරුවල කැත අප්පා.. අයියා කියලද අක්කා කියලද.. මේ- "

     " .............. "

" ලොකූ! ඕක දෙනවා අනේ ආතල් කුඩු නොකර! "

    " ඌ ඒක කියවනවට කැමති නැත්තම් ඌ ඒක කියවනවට කැමති නෑ. මල්ලි වුනාට උටත් කියලා ප්‍රයිවසි එකක් තියෙනවා. තමුසෙ කැමතිද අර ආරුශ්ට ලියල පොත් අස්සෙ දාපු නිසඳැස් ගෙනත් අම්මල ඉස්සරහ කියවනවට..? "

      '  මොකක්... '

" අනේ මේ මට ආරුශ් රෝල් මොඩ්ල් කෙනෙක් විතරයි හරිද? "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now