බෝ පතක පිනි කඳුලු - 05

466 80 10
                                    

" කමලක්කෙ.. මං බෝපත්ට කැමතී.. "


ආය ආයම කල්පනා කරන්නෙ.. ඇයි මං ඒ වචන හතරට කටින් පිට වෙන්න දුන්නෙ?

මගෙ තිබ්බ කැමැත්තක් නෑ.. මං ඒ වෙලාවෙ කරේ හරියි කියල හිතුණ දේ. ඒත් ඒ වගේ ගොබ්බ ගොං කතාවක් කියන්නැතුව මට තිබ්බා වෙන ඕනම දෙයක් කරන්න..

බෝතලේ කටේ තියාගෙන බීලා ගිම්හාන් එපා කියද්දිත් ආය බයික් එක අතට ගත්තෙ හිත කිව්වෙම ආපහු පලයං කියලම හින්දා. මහ මූසලකමක් දැනුණා.. පුරුදු ට්‍රැජඩියක් ආපහු බලන්න පටන්ගන්නකොට දැනෙනවා වගේ.. මට තිබ්බා නෑවිදින් ඉන්න. ඒත් මං ආපහු වතාවක් පුරුදු ගොංකම් කරන්න පටන්ගෙන තිබුණා..


" මොන පර බල්ලා එක්කද කියපිය තෝ බයක් සැකක් නැතුව මේ ගේ අස්සටම රිංගවගෙන නිදිවැද්දෙ! " ගෙට ගොඩවෙන්න කලින් පාරට ඇහුණා කමලක්කගෙ කට. මොන මොනාද පෙරලෙනවා ඇහුණා.. දොරින් ගොඩ වෙද්දි වැටහිර පොලුකෑල්ල අහසෙ කිස්කනවා ඇහුණා..

බිත්තියයි කමලක්කයි මැද කොටුවෙලා ඉදපු බෝපත්ගෙ කොන්ද හරහට හොද පාර තුන හතරක් වැදුණා..

බෝපත් කතා කරෙ නෑ. බිම බලාගෙන වෙව්ල වෙව්ල හිටියා. පොල්ලට අත දාන්න ගිහින් ඇඟිලි කැඩෙනකල් ගුටි කෑවා.. ඇගිලිවලට වැදුන පාර නං රිදුනා.. කොල්ලට කෑගැස්සුණා.. කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙන්න ගත්තෙ ඔච්චර වෙලා වාවගෙන ඉදපුවා වෙන්නැති.. එහෙමම බිම ඉදගෙන අත පපුවට බඳාගෙන ගුලි වුණා.

කොට කලිසමයි අත් කොට කමිසෙයි හින්දා මට කියන්න පුලුවන්.. කමලක්කා ගහල නෙවෙයි කොල්ලව තලලා.. පොලු පාරවල් අත් කකුල් හැමතැනම.. කොන්ද පුරා තව කොච්චර ද කියලා හිතාගන්න මං ට්‍රයි කරා.. කම්මුලට ගහල වෙන්නැති මූණ රතු වෙලා ඇගිලි පාරවල් හිටලා තිබුණා.

" තෝ කතා කරනවද එලියට බැහැල යනවද?! "

"............. "

බෝපත් මූණ අත් අස්සෙ හංගගෙන ඇඩුවා විතරයි.. කමලක්කා කොල්ලා ගෙනාව බෑග් එකට ඔබලා තිබ්බ රෙදිකෑලි සාලෙ කොනක් පුරාම විසි වෙලා වැටෙන්න ඒකෙන් උට දමලා ගැහුවා. " ගනිං. මගෙ දෑහැට නොපෙනි පැහැපං එලියට! "

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now