සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 06 -

405 64 8
                                    

" මූද?! "

" ........."

" කියපිය ගොං බැල්ලියෙ ට හුකන්ඩ, මූ ද? "

" අනේ අයියේ ප්ලීස්... ඒක දැන් අතාරින්න "

සඳක්ට ළාබාල තරුණ යුවතියගේ හැඩරුව මතක තිබුණි. ඇය වෙව්ලමින් සිටියාය. පාසල් නිල ඇඳුමින් සැරසුණු තරුණයන් පස් දෙනෙකු මැද ඈ ඈ එකම තරුණිය වූවාය. සුදෝ සුදු නිල ඇඳුම පොඩි වී කම්මුල් පෙති මඳක් රත් පැහැයට හැරී තිබුණු ඇයගේ දෑස් කොනේ කඳුළු බිඳක් නලියෑවේය. කරුණු කාරණා නොදැනත් සඳක්ගේ හිතට දැනුණේ වරදකාරී හැඟීමකි.

" ඇයි අයියෙ මොකක්ද වෙන්නෝන? " සඳක් ඇසුවේ උත්ප්‍රාසයක් වචන කෙළවර දවටමිනි.

අම්මා සහ අක්කා සමග ඔහු ආවේ තාත්තාගේ උපන් දිනයට තෑගි තෝරන්නට වුවත් අම්මාගේ සහ අක්කාගේ ඇස් මුලින්ම යොමු වූයේ කාන්තා ඇඳුම් හා ආයිත්තම්  සදහා වෙන් කර තිබූ මහළ වෙත ය. තාත්තා ගේ තෑගි පිරිමි මහලේ ඈත කොණක වේලෙමින් ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් බලා සිටින අයුරු ඔහුගේ සිතේ මැවී වියැකී ගිය වාර ගණන අමතකව යන තරම් වේලා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කාන්තා අංශයෙහි කොනක කුඩා සෝෆාව මත කල් මැරූ ඔහු අවසානයේ නැගිට එන්නට ආවේ අක්කා ගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පමණක් තබමිණි .

උදෑසන හොඳින් ගොතා තිබූ බවට ඔහු සැක කළ හිසකේ ඇවිස්සී ඒ මේ අත ද මුහුණ පුරා ද ඔහේ විසිරි සුළඟ ගෙන ගිය මඟ ඉබාගාතයේ ගමන් කළේය. පාසල් වියේ පෙම්වතා ගැන සඳක්ට ඇති වූයේ කෝපයකි.

ඔහු නිකරුණේ අසරණ දැරියට අත ඉස්සුවේය. නැවත වරක් පහරක් ඇගේ රෝස කම්මුල් මත සටහන් වන්නට පෙර ඔහු පාසල් සිසුවාගේ අතින් ඇද පසෙකට තල්ලු කර දැමුවේ ය.

" ලැජ්ජ නැද්ද පොන්නයො කෙල්ලන්ට අතපය දික් කරන්නේ?. කලිසම පාත් කරලා බලහන් පොඩ්ඩක් උබෙ තියෙන්නෙ මොකද්ද කියල හරියට ශුවර් නැත්තම්. පරයා! "

    සඳක්ගේ පපුව වේගයෙන් ඉහළ පහළ යන්නට විය. ගොදුර වට කර ගත් කපුටන් රැලක් සේ නිල ඇඳුමෙන් සැරසුණු තරුණයන් පස්දෙනාම ඔහු වටා අඩ කවයක්ව සිට ගන්නට මෙය හේතු විය. පාසල් සිසුන් වුවත් ඔවුන්ගේ කරඳඩු සඳක්ගේ ඒවාට වඩා බොහෝ දරදඬු ඒවා විය. සාමාන්‍ය පෙළ සිසුවියක යැයි ඔහු විශ්වාස කළ තරුණියගේ පෙම්වතා උසස් පෙළ සිසුවෙකු විය හැකි වුවත් ඔහු සඳක්ට ඉහලින් දැවැන්ත වෘක්ෂයක් සේ උස්ව දිස් විය.

සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ | බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල  )Where stories live. Discover now